උන් වහන්සේ ස්ත්‍රියට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹේ ගැබ් ගැනීමේ වේදනා මම බොහෝ සේ වැඩි කරන්නෙමි. විලි රුදා ඇති ව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහි ය. එහෙත්, නුඹේ දැඩි ආශාව සැමියා කෙරෙහි වන්නේ ය. ඔහු නුඹ පාලනය කරන්නේ ය.”
කොලොස්සි 3:18 - Sinhala New Revised Version භාර්යාවෙනි, කිතුනුවන්ගේ යුතුකම ලෙස ඔබේ පුරුෂයන්ට යටත් ව සිටින්න. සිංහල කාලීන පරිවර්තනය භාර්යාවනි, ස්වාමින්වහන්සේ තුළ ඔබින පරිදි ඔබගේ පුරුෂයනට යටත් වන්න. Sinhala New Revised Version 2018 භාර්යාවෙනි, කිතුනුවන්ගේ යුතුකම ලෙස ඔබේ පුරුෂයන්ට යටත් ව සිටින්න. Sinhala Revised Old Version භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේ තුළ සුදුසුව තිබෙන ලෙස, නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න. |
උන් වහන්සේ ස්ත්‍රියට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹේ ගැබ් ගැනීමේ වේදනා මම බොහෝ සේ වැඩි කරන්නෙමි. විලි රුදා ඇති ව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහි ය. එහෙත්, නුඹේ දැඩි ආශාව සැමියා කෙරෙහි වන්නේ ය. ඔහු නුඹ පාලනය කරන්නේ ය.”
විශාල වූ ස්වකීය රාජ්‍යය මුළුල්ලෙහි රජතුමා පණවන නියෝගය ඇසූ කල්හි සියලු ම භාර්යාවන් තම තමන්ගේ පුරුෂයෝ උසස් හෝ පහත් හෝ වෙත්වා, ඔවුන්ට ගෞරව දෙනු ඇතැ”යි කීවේ ය.
එවිට පේදුරු සහ ප්‍රේරිතයෝ පිළිතුරු දෙමින්, “අප මිනිසුන්ට නොව දෙවියන් වහන්සේට කීකරු විය යුතු ය.
ක්‍රිස්තුන් වහන්සේ පුරුෂයා කෙරෙහි ප්‍රධානියා බව ද, පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි ප්‍රධානියා බව ද, දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ප්‍රධානියා බව ද මම ඔබට දන්වනු කැමැත්තෙමි.
ස්ත්‍රීහු සභා රැස්වීම්වල දී නිශ්ශබ්ද ව සිටිත් වා. මන්ද, කතා කිරීමට ඔවුන්ට අවසරයක් නැත. ව්‍යවස්ථාවේ කියා තිබෙන පරිදි ඔව්හු ප්‍රමුඛ ව නොසිටිත් වා.
ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ වන බැවින්, කාමමිථ්‍යාචාරය හෝ සියලු ආකාර අශිෂ්ටකම් හෝ තණ්හාව හෝ ඔබ අතර සඳහන් කිරීමවත් සුදුසු නැත.
ආලෝකයට අයිති දරුවන් මෙන් හැසිරෙන්න. ආලෝකයේ ප්‍රතිඵල නම්, සියලු ආකාර යහපත්කමත්, දමිටුකමත්, සැබෑකමත් ය.
ඉගැන්වීමට වත් පුරුෂයා කෙරේ බලය දැක්වීමට වත් ස්ත්‍රියට මම ඉඩ නොදෙමි. ස්ත්‍රිය නිශ්ශබ්ද ව සිටිය යුතු යි.