Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




කොලොස්සි 3:18 - සිංහල කාලීන පරිවර්තනය

18 භාර්යාවනි, ස්වාමින්වහන්සේ තුළ ඔබින පරිදි ඔබගේ පුරුෂයනට යටත් වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 භාර්යාවෙනි, කිතුනුවන්ගේ යුතුකම ලෙස ඔබේ පුරුෂයන්ට යටත් ව සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 භාර්යාවෙනි, කිතුනුවන්ගේ යුතුකම ලෙස ඔබේ පුරුෂයන්ට යටත් ව සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේ තුළ සුදුසුව තිබෙන ලෙස, නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




කොලොස්සි 3:18
12 හුවමාරු යොමු  

භාර්යාවනි, ස්වාමින්වහන්සේට යටත් වන සේ ඔබේ පුරුෂයනට යටත් වන්න.


හැම පුරුෂයකුගේම හිස ක්‍රිස්තුස්වහන්සේ බවත්, ස්ත්‍රියකගේ හිස ඇගේ පුරුෂයා බවත්, ක්‍රිස්තුස්වහන්සේගේ හිස දෙවියන්වහන්සේ බවත් ඔබ වටහා ගන්නවාට කැමැත්තෙමි.


ඉගැන්වීමට හෝ පුරුෂයකු කෙරේ ආධිපත්‍යය දැරීමට ස්ත්‍රියකට මා අවසර දෙන්නේ නැත. ඇය නිශ්ශබ්දව සිටිය යුතු ය.


ස්ත්‍රීන් සභාවලදී නිහඬව සිටිය යුතු ය; එහිදී කතා කිරීමට ඔවුන්ට අවසර නැත. දහම් නීතිය ද කියන පරිදි, ඔවුන් යටත්ව සිටිය යුතු ය.


පේතෘස් ද අනෙක් අපෝස්තුලුවරු ද පිළිතුරු දෙමින්, “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේටයි.


ලිංගික අනාචාරකම් හෝ කවර දුරාචාරයක් හෝ තණ්හාවක් හෝ පිළිබඳ සඳහනකුදු ඔබ අතරේ නො විය යුතු ය. ශුද්ධවන්තයින්ට ඒවා නොහොබනා ය.


(ආලෝකයේ පලවලට හැම අයුරකම යහපත, ධර්මිෂ්ඨකම හා සත්‍යය ඇතුළත් ය.)


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්