එහෙත්, ශුද්ධස්ථානයේ පව් කමා කිරීමේ පිළිවෙත සඳහා සම්මුඛ මණ්ඩපය තුළට පාප පූජාව පිණිස පිදූ සතාගේ ලේ ගෙනෙනු ලැබුවොත්, එම පූජාවෙන් කිසිවක් නොවැළඳිය යුතු ය. එය ගින්නෙහි දැවිය යුතු ය.”
කොලොස්සි 1:20 - Sinhala New Revised Version උන් වහන්සේ කරණකොටගෙන මුළු විශ්වය ම තමන් හා සමඟි කරගැනීමට පියාණන් වහන්සේ සතුටු වූ බැවින්, කුරුසිය මත පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුකොටගෙන සාමදානය ඇති කරමින්, උන් වහන්සේ කරණකොටගෙන සගලොවෙත් මෙලොවෙත් ඇති සියලු දේ සමඟි කළ සේක. සිංහල කාලීන පරිවර්තනය පොළොව පිට ඇති දෑ වේවා, ස්වර්ගයෙහි ඇති දෑ වේවා, ඒ සියල්ල ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේ වගුළ ලෙය හේතු කොට, සාමය සැලසීමෙන්, උන්වහන්සේ මඟින් සියලු දේම තමන්වහන්සේට සමඟි කර ගැනීමත් ය. Sinhala New Revised Version 2018 උන් වහන්සේ කරණකොටගෙන මුළු විශ්වය ම තමන් හා සමඟි කරගැනීමට පියාණන් වහන්සේ සතුටු වූ බැවින්, කුරුසිය මත පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුකොටගෙන සාමදානය ඇති කරමින්, උන් වහන්සේ කරණකොටගෙන සගලොවෙත් මෙලොවෙත් ඇති සියලු දේ සමඟි කළ සේක. Sinhala Revised Old Version උන්වහන්සේ කරණකොටගෙන සියලු දේ, එනම් පොළොවෙහි තිබෙන දේවල් වුවත් ස්වර්ගවල තිබෙන දේවල් වුවත්, උන්වහන්සේ කරණකොටගෙන තමන්ට සමඟිකරගැනීමටත් පියාණන්වහන්සේ ප්‍රසන්නවූසේක. |
එහෙත්, ශුද්ධස්ථානයේ පව් කමා කිරීමේ පිළිවෙත සඳහා සම්මුඛ මණ්ඩපය තුළට පාප පූජාව පිණිස පිදූ සතාගේ ලේ ගෙනෙනු ලැබුවොත්, එම පූජාවෙන් කිසිවක් නොවැළඳිය යුතු ය. එය ගින්නෙහි දැවිය යුතු ය.”
“එම්බා බෙත්ලෙහෙම් එප්‍රාතා! තී ජුදාහි ගෝත්‍රවලින් ඉතා අල්ප වන්නෙහි ය. එහෙත්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැඟී එන්නේ ය. එතුමන්ගේ පෙළපතේ මුල දුරාතීතයෙන් ද පැරණි යුගයෙන් ද එන්නකි.”
එතුමාණෝ සාමදානය ගෙන දෙන සේක. අසිරියන්වරුන් අපේ රට ආක්‍රමණය කොට අපේ බලකොටු බිඳගෙන ඇතුළු වූ විට ඔවුන් සමඟ සටන් කිරීමට අපි අපේ පාලකයන් සත්දෙනා සහ ප්‍රධානීන් අටදෙනා යවන්නෙමු.
සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ගිදෙයොනිගේ පුත් අබිදාන්ගේ පඬුරු මේවා විය.
ඈ පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතු ය; මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ ය”යි කී ය.
“අති උසස් තැන්හි දෙවිඳුන්ට මහිමය ද මිහි පිට දේව ප්‍රසාදය ලත් ජනයා අතර සාමය ද වේ වා”යි ගැයූ හ.
එවිට කොර්නේලියස්, “සිව්දිනකට පෙර මෙවැනි වේලාවක දී, සවස තුනට, මම ගෙදර යාච්ඤා කරමින් සිටියෙමි. එවිට දිළිසෙන වස්ත්‍ර හැඳගත් මිනිසෙක් මා ඉදිරියෙහි සිට,
අප ඇදහිල්ලෙන් දමිටු බවට පමුණුවනු ලැබූ බැවින් අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ හා සමඟ අපට සාමදානය ඇත.
දෙවියන් වහන්සේගේ ඒ අභිප්‍රාය නම්, නියමිත කාලයේ දී ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, එනම් මුළු විශ්වයෙහි ඇති සියල්ල, ක්‍රිස්තුන් වහන්සේ යටතේ එක්සත් කිරීම ය.
එසේ කළේ, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, පාතාල ලෝකයෙහි ද සියල්ලන්, ‘ජේසුස්’ යන නාමයට දණ නමන පිණිසත්,
මක්නිසා ද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නා වූ දේවල් ද නොපෙනෙන්නා වූ දේවල් ද යන සියල්ල උන් වහන්සේ තුළ මවන ලද්දේ ය; සියලු දේ උන් වහන්සේ කරණකොටගෙන ද උන් වහන්සේ උදෙසා ද මවා තිබේ;
එබැවින් ජනතාවගේ පව් කමා කිරීමට දෙවියන් වහන්සේගේ සේවයෙහි දයාන්විත, විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වන පිණිස, හැම අතින් ම සිය සහෝදරයන් හා සමාන වන්නට උන් වහන්සේට යුතු ව තිබිණි.