බියෙන් ඇලළෙමින්, රජිඳුන් පා සිඹගන්න. නැතහොත් එතුමාණන් උදහසින් විගසින් ඔබ වැනසෙනු ඇත. මන්ද, එතුමන් උදහස වහා ඇවිලෙන්නේ ය. සමිඳුන් සරණ සොයා යන සියල්ලෝ ආසිරි ලබන්නෝ ය.
ක්‍රියා 9:20 - Sinhala New Revised Version ඔහු නොපමා ව ජේසුස් වහන්සේ ගැන ධර්මශාලාවල දී දේශනා කරමින්, “උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි ප්‍රකාශ කෙළේ ය. සිංහල කාලීන පරිවර්තනය කල් නො යවා දමස්කයේ සිනගෝගවලදී යේසුස්වහන්සේ දේශනා කළ සාවුල්, “උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා යැ” යි ප්‍රකාශ කරන්නට වන්නේ ය. Sinhala New Revised Version 2018 ඔහු නොපමා ව ජේසුස් වහන්සේ ගැන ධර්මශාලාවල දී දේශනා කරමින්, “උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි ප්‍රකාශ කෙළේ ය. Sinhala Revised Old Version ඔහු අප්‍රමාදවම: යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාය කියා සිනගෝගවලදී උන්වහන්සේව ප්‍රකාශකළේය. |
බියෙන් ඇලළෙමින්, රජිඳුන් පා සිඹගන්න. නැතහොත් එතුමාණන් උදහසින් විගසින් ඔබ වැනසෙනු ඇත. මන්ද, එතුමන් උදහස වහා ඇවිලෙන්නේ ය. සමිඳුන් සරණ සොයා යන සියල්ලෝ ආසිරි ලබන්නෝ ය.
මම මේ දේව නියෝගය ප්‍රකාශ කරන්නෙමි; එතුමාණෝ මට කතා කොට, “නුඹ මාගේ පුත් කුමරු ය, අද මම ඔබේ පිය රජ වූයෙමි.
මොහු දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ ය; උන් වහන්සේ ඔහුට කැමැති සේක් නම් දැන් ඔහු මුදා හරින සේක් වා. මන්ද, ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙමි’යි මොහු කීවේ ය”යි කී හ.
ශතාධිපතියා ද ඔහු සමඟ ජේසුස් වහන්සේ මුර කරමින් සිටි අය ද පොළෝකම්පාවත්, සිදු වූ දේත් දැක ඉතා බියපත් ව, “සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි කී හ.
එවිට පරීක්ෂාකාරයා උන් වහන්සේ වෙත අවුත්, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් ගෙඩි, පාන් ගෙඩි වන්න අණ කළ මැනවැ”යි කී ය.
නතානියෙල් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඔබ වහන්සේ නම්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය; ඔබ වහන්සේ නම්, ඉශ්රායෙල්හි රජිඳාණෝ ය”යි කී ය.
ජුදෙව්වරු පිළිතුරු දෙමින්, “නීතියක් අපට ඇත; ඒ අනුව, මොහු තමා ම දෙවියන් වහන්සේගේ පුත්‍රයා යයි කී බැවින් මරනු ලැබිය යුතු ය”යි කී හ.
එහෙත් මේවා ලියන ලද්දේ, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණන් බව ඔබ අදහාගන්නා පිණිසත්, ඇදහීමෙන් ජීවනය ලබන පිණිසත් ය.
ඔව්හු පර්ගායෙන් පිටත් ව ගමන් කොට, පිසිදියේ අන්තියෝකියට අවුත්, සබත් දවසේ දී ධර්මශාලාවට ඇතුළු වී අසුන් ගත්තෝ ය.
එවිට පාවුලු ද බාර්ණබස් ද එඩිතර ව කතා කරමින් මෙසේ කී හ: “දෙවියන් වහන්සේගේ වචනය පළමුකොට ඔබට ප්‍රකාශ කළ යුතු ව තිබිණි. එහෙත් ඔබ එය ප්‍රතික්ෂේප කොට, සදාතන ජීවනයට ඔබ නුසුදුස්සන් බව ඔබ ම නිශ්චය කර ගන්නා හෙයින්, මෙන්න, අපි විජාතීන් වෙතට හැරෙමු.
සලමිසයට පැමිණි කල, ඔව්හු ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවල දී දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළහ. ජොහන් ඔවුන්ගේ සහකාරයා විය.
තවද ඔව්හු ඉකෝනියෙහි දී ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවලට ඇතුළු වී දේශනා කළහ. ඒ ඇසූ ජුදෙව්වන්ගෙන් ද ග්‍රීක්වරුන්ගෙන් ද මහත් සමූහයක් අදහාගත්හ.
සබත් දවසේ දී, නුවර වාසලෙන් පිට යාච්ඤා ස්ථානයක් ඇතැ යි අපට සිතුණු බැවින්, අප පිටත් ව ගං තෙරකට ගොස් එහි රැස් ව සිටි ස්ත්‍රීනට කතා කෙළෙමු.
රෑ වූ විගස සහෝදරයෝ පාවුලු ද සීලස් ද බෙරියාවට යැවූ හ. ඔව්හු එහි පැමිණ ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවට ඇතුළු වූ හ.
එබැවින් ඔහු ධර්මශාලාවේ දී ජුදෙව්වරුන් හා භක්තිවන්තයන් සමඟ ද, වෙළෙඳාම් පොළේ දී දිනපතා හමු වූවන් සමඟ ද වාද කෙළේ ය.
ඔවුන් එපීසයට පැමිණි විට, පාවුලු ඔවුන් එහි නැවැත් වී ය. එහෙත් ඔහු ධර්මශාලාවට ගොස් ජුදෙව්වරුන් සමඟ තර්ක කෙළේ ය.
පාවුලු සියලු සබත් දවස්වල ධර්මශාලාවෙහි දී වාද කර, ජුදෙව්වරුන් ද ග්‍රීක්වරුන් ද ඇදහිල්ලට පමුණුවාගන්නට උත්සාහ කෙළේ ය.
පාවුලු ධර්මශාලාවට ඇතුළු වී තුන් මසක් අතරතුරේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන නිර්භීත ලෙස තර්ක කරමින් ද සිත් දිනාගැනීමට උත්සාහ කරමින් ද සාකච්ඡා කෙළේ ය.
ඔව්හු මාර්ගයේ යද්දී, ජලය ඇති තැනකට පැමුණුණාහ. නපුංසකයා “මෙන්න, ජලය ඇත; බව්තීස්ම-ස්නාපනය ලැබීමට ඇති බාධාව කුමක් දැ”යි කී ය.
පිලිප් කතා කොට, ‘ඔබේ මුළු සිතින් අදහන්නෙහි නම් එසේ කළ හැකි ය’යි පැවසී ය. ඔහු උත්තර දෙමින්, “ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බව මම අදහමි”යි කී ය.
එහෙත් සාවුල් වඩ වඩා බලසම්පන්න ව, ඒ ජේසුස් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ ම යයි ඔප්පු කරමින්, දමස්කයෙහි විසූ ජුදෙව්වරුන් නිරුත්තර කෙළේ ය.
එහෙත්, පාරිශුද්ධභාවයේ ආත්මයාණන් කරණකොටගෙන මරණයෙන් උත්ථාන වීම නිසා දේව පුත්‍රයාණන් බවට ප්‍රබල සාක්ෂියක් වූ සේක.
විජාතීන් අතර ස්වකීය පුත්‍රයාණන් ප්‍රකාශ කරන පිණිස ඒ පුත්‍රයාණන් මට එළිදරව් කිරීමට තීරණය කළ සේක. එවිට අවවාද ලබන පිණිස මා කිසි පුද්ගලයෙකු වෙත ගියේ වත්,
මම ක්‍රිස්තුන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබ සිටිමි; ඉතින් දැන් ජීවත් වන්නේ මා නොවේ; ක්‍රිස්තුන් වහන්සේ මා තුළ ජීවත් වන සේක. තවද මා දැන් මාංසයෙහි ජීවත් වන ජීවිතය මට ප්‍රේම කළ මා උදෙසා සිය දිවි දුන්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි.
“තියාතිරා සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘ගිනි දැල්ලක් වැනි ඇස් ද, ඔපයෙන් දිළිසෙන ලෝකඩ වැනි පාද ද ඇති දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මෙසේ වදාරන සේක.