පේදුරු තුමා පිළිතුරු දෙමින්, “ඔබ සියලුදෙනා ම පසුතැවී සිත් හරවා ගෙන පව්කමාව ලබන පිණිස ජේසුස් ක්රිස්තුන් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය ලබන්න. එවිට ඔබ ශුද්ධාත්ම දීමනාව ලබන්නහු ය.
ක්රියා 9:18 - Sinhala New Revised Version එකෙණෙහි ම ඔහුගේ ඇස්වලින් කොරපොතු වැන්නක් වැටී ඔහු පෙනීම ලැබී ය; ඔහු නැඟිට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබ, සිංහල කාලීන පරිවර්තනය එසැණේම සාවුල්ගේ දෙනෙතින් කොරපොතු වැනි යමක් වැටිණි; යළිත් ඔහුට පෙනීම ලැබිණි. ඔහු නැගිට්ටේ ය; බව්තීස්ම කරනු ලැබුවේ ය. Sinhala New Revised Version 2018 එකෙණෙහි ම ඔහුගේ ඇස්වලින් කොරපොතු වැන්නක් වැටී ඔහු පෙනීම ලැබී ය; ඔහු නැඟිට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබ, Sinhala Revised Old Version එකෙණෙහිම ඔහුගේ ඇස්වලින් කොරපොතු වැන්නක් වැටී, ඔහු පෙනීම ලැබුවේය; |
පේදුරු තුමා පිළිතුරු දෙමින්, “ඔබ සියලුදෙනා ම පසුතැවී සිත් හරවා ගෙන පව්කමාව ලබන පිණිස ජේසුස් ක්රිස්තුන් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය ලබන්න. එවිට ඔබ ශුද්ධාත්ම දීමනාව ලබන්නහු ය.
එවිට ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. ඒ දවසේ දී තුන්දාහක් පමණ පුද්ගලයෝ ඔවුන්ගේ සංබ්යාවට එකතු කරන ලදහ.
ඉදින් පමා වන්නේ මන් ද? නැඟිට උන් වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරමින්, බව්තීස්ම-ස්නාපනය ලැබ, ඔබේ පව් සෝදා හරින්නැ’යි කී ය.”
අනනියස් පිටත් ව ගොස් ගෙට ඇතුළු වී, ඔහු පිට අත් තබා, “සහෝදර සාවුල්, ඔබට පෙනීම ලැබෙන පිණිස ද ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලබන පිණිස ද සමිඳාණන් වහන්සේ, එනම්, ඔබ ගමන් කළ මාර්ගයේ දී ඔබට දර්ශනය වූ ජේසුස් වහන්සේ, මා එවූ සේකැ”යි කී ය.
සාවුල් නැඟිට ඇස් ඇරිය කල, ඔහුට කිසිවක් පෙනුණේ නැත. ඔව්හු ඔහු අතින් අල්ලාගෙන දමස්කයට ගෙන ගියහ.
එහෙත් ඔවුන්ගේ සිත් දැඩි වී තිබිණි. මන්ද, අද දක්වා ම පුරාණ ගිවිසුමෙන් කියවන විට එම වැස්ම ඉවත් නොකොට පවතී. ඒ වැස්ම ඉවත් කරනු ලබන්නේ ක්රිස්තුන් වහන්සේ කරණකොටගෙන පමණ ය.
“අන්ධකාරයෙන් ආලෝකය නික්ම ඒවා”යි වදාළ එම දෙවියන් වහන්සේ ම, ජේසුස් ක්රිස්තුන් වහන්සේගේ මුහුණෙහි දෙවියන් වහන්සේගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය, අපගේ සිත් තුළ බැබළෙවූ සේක.