Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 9:18 - Sinhala Revised Old Version

18 එකෙණෙහිම ඔහුගේ ඇස්වලින් කොරපොතු වැන්නක් වැටී, ඔහු පෙනීම ලැබුවේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 එකෙණෙහි ම ඔහුගේ ඇස්වලින් කොරපොතු වැන්නක් වැටී ඔහු පෙනීම ලැබී ය; ඔහු නැඟිට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 එසැණේම සාවුල්ගේ දෙනෙතින් කොරපොතු වැනි යමක් වැටිණි; යළිත් ඔහුට පෙනීම ලැබිණි. ඔහු නැගිට්ටේ ය; බව්තීස්ම කරනු ලැබුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 එකෙණෙහි ම ඔහුගේ ඇස්වලින් කොරපොතු වැන්නක් වැටී ඔහු පෙනීම ලැබී ය; ඔහු නැඟිට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 9:18
11 හුවමාරු යොමු  

ඔවුන්ගේ සිත් දැඩිවුණේය. එසේය, අද දක්වාම පරණ ගිවිසුම කියවන කල එම වැස්ම පවතින්නේය. ඒ වැස්ම ක්‍රිස්තුස්වහන්සේ තුළ නැතිකරනලද්දේය.


ඉඳින් ප්‍රමාදවෙන්නේ මක්නිසාද? නැගිට උන්වහන්සේගේ නාමයට යාච්ඤාකරමින්, බව්තීස්මය ලැබ, නුඹේ පව් සෝදාදමන්නැයි කීවේය.


පේතෘස්: නුඹලා සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය.


එසේය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණෙහි දෙවියන්වහන්සේගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය බැබළෙන පිණිස, අපගේ සිත්වල බැබළුවේ අන්ධකාරයෙන් ආලෝකය බැබළෙන්ට කීවාවූ දෙවියන්වහන්සේය.


එකල ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්මකරනු ලැබුවෝය. ඒ දවසේදී තුන් දාහක් පමණ මනුෂ්‍යයෝ ඔවුන්ට එකතුකරනලද්දෝය.


සාවුල් බිමෙන් නැගිට තමාගේ ඇස් ඇරිය කල, ඔහුට කිසිවක් පෙනුණේ නැත; ඔව්හු ඔහුගේ අත අල්ලා දමස්කයට ගෙනගියෝය.


අනනියස් පිටත්ව ගොස්, ගෙට ඇතුල්වී, ඔහු පිට අත් තබා: සහෝදරවූ සාවුල්, නුඹ පෙනීම ලබන පිණිසද ශුද්ධාත්මයෙන් පූර්ණකරනු ලබන පිණිසද ස්වාමීන්වහන්සේ, එනම් නුඹ ආවාවූ මාර්ගයෙහිදී නුඹට පෙනුණාවූ යේසුස්වහන්සේ, මා එවූසේකැයි කීවේය.


ඔහු නැගිට බව්තීස්ම කරනු ලැබ, කෑම කා ශක්තිමත්විය. ඔහු දමස්කයෙහි වූ ගෝලයන් සමඟ කීප දවසක් සිටියේය.


අනනියස් නම් මනුෂ්‍යයෙක් මා වෙත ඇවිත් මා ළඟ සිට: සහෝදරවූ සාවුල්, පෙනීම ලබන්නැයි මට කීවේය. මමද ඒ පැයේදීම ඔහු දෙස බැලීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්