ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 8:18 - Sinhala New Revised Version

ප්‍රේරිතවරුන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දුටු සීමොන් ඔවුන්ට මුදල් දෙමින්,

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔවුන්ට ආත්මයාණන් දෙන ලද්දේ අපෝස්තුලුවරුන්ගේ අත් තැබීමෙන් බව දුටු සීමොන්, ඔවුන්ට මුදල් පාමින්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අපෝස්තුළුවරුන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දුටු සීමොන් ඔවුන්ට මුදල් දෙමින්,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සීමොන්ද ප්‍රේරිතයන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දැක, ඔවුන් වෙතට මුදල් ගෙනැවිත්:

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 8:18
7 හුවමාරු යොමු  

එවිට හසායෙල් තෑග්ගක් ගෙන දමස්කයේ නන් වැදෑරුම් ඉස්තරම් හොඳ‍ දේවල් ඔටුවන් සතළිස්දෙනෙකු පිට පටවාගෙන ඔහු වෙත පැමිණ, ඔහු ඉදිරියෙහි සිට, “ ‘මේ ලෙඩෙන් මම සුව වන්නෙම් ද’ කියා විචාරන්නට ඔබේ පුත් සිරියාවේ රජු වන බෙන්-හදද් මා ඔබ ළඟට එව්වේ ය”යි කී ය.


බොරු බස් අසන මාගේ සෙනඟට නුඹලා බොරු කීමෙන් ද මරණය විඳින්න සුදුසු නැති අය මරමින් ද ජීවත් වීමට සුදුසු නැති අයට ජීවත් වීමට ඉඩ දෙමින් ද නුඹලා යව අහුරු හා රොටි කෑලි ලබාගැනීමට මාගේ සෙනඟ අතරේ මා කෙලෙසුවහු ය.


රෝගීන් සුව කරන්න, මළවුන් නැඟුටුවන්න, ලාදුරු රෝගීන් පවිත්‍ර කරන්න. දුෂ්ටාත්මයන් දුරු කරන්න. ඔබ නොමිලයේ ලැබුවහු ය, නොමිලයේ දෙන්න.


ප්‍රේරිතවරුන් ඔවුන් පිට අත් තැබූ කල, ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබිණි.


“යමෙකු පිට මම අත් තබම් ද, ඔහුට ශුද්ධාත්මයාණන් ලැබෙන පිණිස මේ බලය මටත් දෙන්නැ”යි කී ය.


මිථ්‍යා අදහස් ඇති, සත්‍යය නොදන්න, දේව භක්තිය ලාභයට මඟකැ යි සිතන මිනිසුන්ගෙන් කෙළවරක් නැති වාද විවාද ද උපදින්නේ ය.