Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 8:18 - Sinhala Revised Old Version

18 සීමොන්ද ප්‍රේරිතයන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දැක, ඔවුන් වෙතට මුදල් ගෙනැවිත්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ප්‍රේරිතවරුන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දුටු සීමොන් ඔවුන්ට මුදල් දෙමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 ඔවුන්ට ආත්මයාණන් දෙන ලද්දේ අපෝස්තුලුවරුන්ගේ අත් තැබීමෙන් බව දුටු සීමොන්, ඔවුන්ට මුදල් පාමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 අපෝස්තුළුවරුන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දුටු සීමොන් ඔවුන්ට මුදල් දෙමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 8:18
7 හුවමාරු යොමු  

එවිට හසායෙල් තමාගේ අතේ තෑග්ගක් ගෙන, දමස්කයේ සියලු ආකාර හොඳ දේවල් ඔටුවන් සතළිස් දෙනෙකු පිට පටවාගෙන ඔහු වෙතට පැමිණ ඔහු ඉදිරියෙහි සිට: මේ ලෙඩෙන් මට සුවවන්නේද කියා විචාරන්ට ඔබගේ පුත්‍රවූ සිරියේ රජවූ බෙන්-හදද් මා ඔබ ළඟට එවුවේයයි කීවේය.


බොරු බස් අසන මාගේ සෙනඟට නුඹලා විසින් බොරුකීමෙන්, මරණය විඳින්ට සුදුසු නැති ප්‍රාණීන් මරමින්ද ජීවත්වීමට සුදුසු නැති ප්‍රාණීන් ජීවත්කරමින්ද නුඹලා යව අහුරුවලටත් රොටි කෑලිවලටත් මාගේ සෙනඟ අතරේ මා කෙලසූහුය.


රෝගීන් සුවකරන්න, මළවුන් නැගුටුවන්න, කුෂ්ඨ රෝගීන් පවිත්‍රකරන්න, යක්ෂයන් දුරුකරන්න. නුඹලා නොමිලයේ ලැබුවහුය, නොමිලයේ දෙන්න.


ප්‍රේරිතයන් ඔවුන් කෙරෙහි අත් තැබූ කල, ඔවුන්ට ශුද්ධාත්මය ලැබුණේය.


යමෙකු පිට මම අත් තබම්ද, ඔහුට ශුද්ධාත්මය ලැබෙන පිණිස මේ බලය මටත් දෙන්නැයි කීවේය.


සැබෑවෙන් වෙන්ව සිටින්නාවූ භක්තිවන්තකම ලාභයට මාර්ගයකැයි සිතන්නාවූ මනුෂ්‍යයන්ගේ නිරන්තර තරඟද උපදින්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්