සමිඳාණන් වහන්සේ ජෝසෙප් සමඟ වැඩසිටියෙන් ඔහුගේ හැම කටයුත්තක් ම සාර්ථක විය. ඔහු මිසර ජාතික තම ස්වාමියාගේ නිවසෙහි වාසය කෙළේ ය.
ක්‍රියා 7:9 - Sinhala New Revised Version “ඒ කුලපතියෝ ජෝසෙප්ට ඊර්ෂ්‍යා කොට ඔහු මිසරයෙහි වහල්කමට විකුණූ හ. එහෙත් දෙවියන් වහන්සේ ඔහු සමඟ සිට, සිංහල කාලීන පරිවර්තනය “මෙම ගෝත්‍රපතීන්, යෝසෙප්ට ඊර්ෂ්‍යාවෙන් ඔහු වහලකු සේ ඊජිප්තුවට විකුණූ නමුදු, දෙවියන්වහන්සේ ඔහු සමඟ සිටි සේක; Sinhala New Revised Version 2018 “ඒ කුලපතියෝ ජෝසෙප්ට ඊර්ෂ්‍යා කොට ඔහු මිසරයෙහි වහල්කමට විකුණූ හ. එහෙත් දෙවියන් වහන්සේ ඔහු සමඟ සිට, Sinhala Revised Old Version කුලජ්‍යෙෂ්ඨයෝ යෝසෙප්ට ඊර්ෂ්‍යාකොට ඔහු මිසරයට වික්කෝය. |
සමිඳාණන් වහන්සේ ජෝසෙප් සමඟ වැඩසිටියෙන් ඔහුගේ හැම කටයුත්තක් ම සාර්ථක විය. ඔහු මිසර ජාතික තම ස්වාමියාගේ නිවසෙහි වාසය කෙළේ ය.
ජෝසෙප් ගෘහයේ හා එහි සියල්ලේ කළමනාකරු හැටියට පත් කළ දින පටන් සමිඳාණන් වහන්සේ මිසර ජාතිකයාගේ ගෘහයට ආශීර්වාද කළ සේක. ඇරත් ඔහුගේ ගෘහයේ හා වතුපිටිවල සියල්ල කෙරෙහි ඒ ආශීර්වාදය විය.
නැවත ජෝසෙප් තම සහෝදරයන් අමතා, “කරුණාකර, මා ළඟට එන්නැ”යි කී විට ඔවුන් ද ළං වූයෙන්, “ඔබ මිසර දේශයට විකුණූ ඔබේ සහෝදරයා වන ජෝසෙප් මම ය,
බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.
නුඹලා ගැඹුරු ජලය මැදින් යන විට මම නුඹලා සමඟ සිටින්නෙමි. නුඹලා ගංගා මැදින් එතෙර වන විට ජලය නුඹලා යට නොකරන්නේ ය. නුඹලා ගිනි මැදින් යන විට දැවී යන්නේ නැත.
එහෙත්, සෙරුබ්බාබෙල් ධෛර්යවත් වන්න. සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. අහෝ! උත්තම පූජක ජෝෂුවා, ජෙහෝශාදාක්ගේ පුත්‍රය, ධෛර්යවත් වන්න. දේශයේ සියලු වැසියෙනි, ධෛර්යවත් වන්න. වැඩ පටන් ගන්න; මම නුඹලා සමඟ සිටිමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
ප්‍රේමය, ඉවසිලිවන්ත ය, කරුණාවන්ත ය; ප්‍රේමය, ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත, උඩඟු වන්නේ නැත;