ජාකොබ් හෙවත් ඉශ්රායෙල් තමන් සතු සියල්ල රැගෙන ගමනට පිටත් ව බෙයර්-ෂෙබාවට පැමිණ තම පියා වූ ඊසාක්ගේ දෙවියන් වහන්සේට යාග පූජා ඔප්පු කෙළේ ය.
ක්‍රියා 7:15 - Sinhala New Revised Version ජාකොබ් මිසරයට ගියේ ය. එහි දී ඔහු ද අපගේ පියවරු ද මියගියහ. සිංහල කාලීන පරිවර්තනය යාකොබ් ඊජිප්තුවට ගියේ මෙලෙසිනි. ඔහුත්, අප පියවරුත් එහිදී මළහ. Sinhala New Revised Version 2018 ජාකොබ් මිසරයට ගියේ ය. එහි දී ඔහු ද අපගේ පියවරු ද මියගියහ. Sinhala Revised Old Version යාකොබ් මිසරයට ගියේය; ඔහුද අපගේ පියවරුන්ද මළෝය; |
ජාකොබ් හෙවත් ඉශ්රායෙල් තමන් සතු සියල්ල රැගෙන ගමනට පිටත් ව බෙයර්-ෂෙබාවට පැමිණ තම පියා වූ ඊසාක්ගේ දෙවියන් වහන්සේට යාග පූජා ඔප්පු කෙළේ ය.
මාගේ පියවරුන් මෙන් මා මරණයට පත් වූ විට ඔබ මිසරයෙන් මා ගෙන ගොස් ඔවුන්ගේ සොහොන් භූමියෙහි මා භූමදාන කරන්නැ”යි කී ය. “ඔබ කී පරිදි ම මම ඉටු කරමි”යි ජෝසෙප් පිළිතුරු දුනි.
මෙසේ ජාකොබ් තම පුතුන්ට උපදෙස් දී නිම කළ කල්හි, ඔහු තම පාද යහනට ගෙන, අවසන් හුස්ම හෙළා තම සෙනඟට එක් විය.
තවද, ජෝසෙප් ඉශ්රායෙල් ජනයා ප්‍රසිද්ධියේ දිවුරවා තිබුණ ප්‍රකාර මෝසෙස් තමා සමඟ ජෝසෙප්ගේ ඇටකටු ගෙන ගියේ ය. මන්ද, “දෙවියන් වහන්සේ ඔබට සැබැවින් ම ආධාර කරන සේක. එවිට ඔබ මෙතැනින් මාගේ ඇටකටු රැගෙන යා යුතු ය”යි ජෝසෙප් කියා තිබුණු බැවිනි.
අපේ මුතුන්මිත්තන් මිසරයට ගිය සැටිත්, දීර්ඝ කාලයක් අප එහි වාසය කළ සැටිත්, මිසර වැසියන් අපට හා මුතුන්මිත්තන්ට පීඩා කළ සැටිත් ඔබ දන්නෙහි ය.
ඔබේ පියවරුන් මිසර දේශයට යන විට සිටියේ හැත්තෑදෙනෙකි. එහෙත්, දැන් නම් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අහසේ තරු මෙන් ගණනින් ඔබ වැඩි වර්ධනය කර ඇත.”
“ඉන්පසු ඔබ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරිපිට මෙසේ කිව යුතු ය: ‘මාගේ ආදි පියා තැනින් තැන සංචාරය කළ අරමීය ජාතිකයෙකි. ඔහු කුඩා පිරිසක් කැටුව මිසරයට ගොස්, එහි කලකට පදිංචි වී මහත් බලසම්පන්න, ගණනින් විශාල ජාතියක් විය.
තවද, ඉශ්රායෙල් ජනයා මිසරයෙන් ගෙනා ජෝසෙප්ගේ ඇටකටු ෂෙකෙම්හි, ජාකොබ් විසින් ෂෙකෙම්ගේ පියා වූ හමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී මිල සියයකට ගන්නා ලද බිම් කොටසෙහි තැන්පත් කළෝ ය. එය ජෝසෙප්ගේ පරපුරට උරුමයක් විය.
ඊසාක්ට ජාකොබ් ද ඒසව් ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරය උරුමයක් කොට දුනිමි. ජාකොබ් ද ඔහුගේ පුත්‍රයෝ ද මිසරයට ගියෝ ය.