ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 7:11 - Sinhala New Revised Version

එකල මුළු මිසර දේශයෙහි ද කානාන්හි ද සාගතයක් ඇති වූයෙන් මහත් විපත්තියක් ඇති විය. අපගේ පියවරුන්ට කිසි ආහාරයක් නොමැති විය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

“එකල ඊජිප්තුව මුළුල්ලේත්, කානාන් දේශයේත් සාගතයක් හා මහා වින්නැහියක් ඇති වී, අපේ පියවරුන්ට ආහාර සොයා ගැනීමට නො හැකි විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එකල මුළු මිසර දේශයෙහි ද කානාන්හි ද සාගතයක් ඇති වූයෙන් මහත් විපත්තියක් ඇති විය. අපගේ පියවරුන්ට කිසි ආහාරයක් නොමැති විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එකල මුළු මිසර දේශයෙහිද කානාන්හිද සාගතයක් හා මහත් විපත්තියක් විය. අපේ පියවරුන්ට කිසි ආහාරයක් නොලැබුණේය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 7:11
8 හුවමාරු යොමු  

මෙලෙස කානාන් දේශයේ ද සාගතය පැවතිණි, ධාන්‍ය මිලට ගැනීමට ආ අය අතර ඉශ්රායෙල්ගේ පුත්‍රයෝ ද වූ හ.


තව පස් අවුරුද්දක් සාගතය පවතින බැවින් ඔබත්, ඔබ ගෙවැසියනුත්, ඔබ සතු සියල්ලත් ආරක්ෂා කොට, ඔබට අගහිඟයක් නැති වන සේ මම එහි දී ඔබට සියල්ල ම සපයමි’යි කී ය.


තවද, අප ආවේ මේ රටේ ටික කලක් පදිංචි වීමට ය. මන්ද, කානාන් දේශයේ සාගතය ඉතා දරුණු බැවින් ඔබේ දාසයන්ගේ එළු බැටළු රංචුවලට කෑමට තණ බිම් නැත. දැන් ඉතින්, කරුණාකර ගෝෂෙන් පෙදෙසෙහි ඔබේ දාසයන් හට පදිංචි වීමට අවසර දුන මැනව”යි කී හ.


සමිඳාණෝ දේශයට සාගතයක් පැමිණෙවූ සේක; කෑම අහේනියක් ඇති කරවූ සේක.