ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 27:18 - Sinhala New Revised Version

තද කුණාටුවකට අසු වී සිටි බැවින් පසුවදා ඔව්හු නැව සැහැල්ලු කරන්නට පටන්ගත්හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

කුණාටුව සැහැසිව අපට පහර දෙන්නට වූයෙන්, ඔවුහු පසු දා නැව් බඩු නැවෙන් පිටතට දැමූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තද කුණාටුවකට අසු වී සිටි බැවින් පසුවදා ඔව්හු නැව සැහැල්ලු කරන්නට පටන්ගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තද කුණාටුවට අසුවී සිටි බැවින් පසුවදා ඔව්හු නැව සැහැල්ලුකරන්ට පටන්ගත්තෝය;

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 27:18
9 හුවමාරු යොමු  

ඔව්හු බේබද්දන් මෙන් වීසි වෙමින් වැනි වැනී ගියහ. ඔවුන්ගේ දස්කමින් පලක් නො වී ය.


එවිට නාවිකයෝ බිය වී, එක එකා තම තමාගේ දෙවියන්ට මොරගැසුවෝ ය. ඔව්හු නැව සැහැල්ලු කරගන්න පිණිස එහි තිබුණු බඩු මුහුදට වීසි කළෝ ය. එහෙත්, ජෝනා නැවේ පහත තට්ටුවට බැස ගොස් බර නින්දකට වැටී හුන්නේ ය.


යමෙකු මුළු ලෝකය ම ලබාගත්තත්, සිය දිවි නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක් ද? නොහොත් යමෙකුට සිය දිවි වෙනුවට කුමක් දිය හැකි ද?


කෑමට වඩා ජීවිතය ද ඇඳුමට වඩා ශරීරය ද උතුම් ය.


ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කෙළේ ය. මන්ද, ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ, සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝ ය.


තුන් වන දා ඔව්හු තමන්ගේ ම අත්වලින් නැවේ බඩු බාහිරාදිය මුහුදට වීසි කළහ.


කෑම කා සෑහීමට පැමිණි ඔව්හු ධාන්‍ය මුහුදට දමා නැව සැහැල්ලු කළහ.


මේ සා විශාල සාක්ෂිකාර සේනාවකින් අප වට වී සිටින නිසා, සියලු අවහිර ද, පහසුවෙන් අප වෙළා ගන්නා පාපයන් ද ඉවත ලා,