ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 27:13 - Sinhala New Revised Version

දකුණෙන් මඳ සුළඟක් හැමූ කල, ඔව්හු තමන්ගේ අදහස ඉටු වී යයි සිතා නැංගුරම් ඔසවා ක්‍රීතයේ වෙරළ ළඟින් ම ගියහ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

දකුණු දිග සුළඟ මදින් මඳව හමන්නට වූ කල, තම අදහස ඉටුවිනැයි සිතූ ඔවුහු නැංගුරම් ඔසවා ක්‍රීත වෙරළ ආසන්නයේ යාත්‍රා කරන්නට වන්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දකුණෙන් මඳ සුළඟක් හැමූ කල, ඔව්හු තමන්ගේ අදහස ඉටු වී යයි සිතා නැංගුරම් ඔසවා ක්‍රීතයේ වෙරළ ළඟින් ම ගියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දකුණු හුළඟ හීන්සැරේ ගැසූ කල, ඔව්හු, තමුන්ගේ අදහස ඉෂ්ටවුණේයයි සිතා, නැංගුරම් ඔසවා ක්‍රීතයේ වෙරළ අසලින්ම ගියෝය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 27:13
10 හුවමාරු යොමු  

දකුණු දෙසින් හමන සුළඟ නැවතුණ කල, ඔබේ ඇඟට රස්නය එන්නේ කෙසේ දැ යි ඔබ දන්නෙහි ද?


අහසෙහි පෙරදිග සුළඟක් හමන්නට සැලැසූ සේක; සිය බලයෙන් දකුණු දිග සුළඟ කළඹා හැරිය සේක.


එම්බා උතුරු සුළඟ, පිබිදෙන්න; දකුණු සුළඟ, එන්න. මාගේ උයනේ සුවඳ විහිද යන පිණිස ඊට උඩින් හමා යන්න. මාගේ පෙම්වතා තමාගේ උයනට අවුත් තමාගේ අනර්ඝ ඵල අනුභව කරා වා!


දකුණු දිගින් සුළඟ හමන විට, ‘දැඩි ග්‍රීෂ්මයක් වන්නේ ය’යි ඔබ කියන්නහු ය; එසේ ම වන්නේ ය.


ක්‍රීතවරුන් හා අරාබිවරු ද වන අපි, අපේ ම භාෂාවලින් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කතා කරනු අසම්හ”යි කී හ.


ශීත කාලයේ නැවතී සිටීමට ඒ වරාය අහිතකර වූයෙන්, එතැනින් පිටත් වී පුළුවන් නම් ඊසානට හා ගිනිකොණට මුහුණ දුන් ක්‍රීතයේ වරායක් වූ පෙනීකියට පැමිණ එහි ශීත කාලය ගත කරන ලෙස වැඩිදෙනා කැමැත්ත දැක්වූ හ.


අප බොහෝ දිනක් කෑම නොගෙන සිටි බැවින්, පාවුලු ඔවුන් මැද සිට, “භවතුනි, ක්‍රීතයෙන් පිටත් නොවන ලෙස මා දුන් අවවාදයට ඇහුම්කන් දිය යුතු ව තිබිණි. එසේ කෙළේ නම් මෙවැනි අන්තරාවක් හා අලාභයක් පැමිණෙන්නේ නැත.


අමාරුවෙන් එය ද පසු කර ලසේය නුවර අසල පිහිටි සුන්දර වරාය නම් තැනකට පැමිණියෙමු.


“ක්‍රීත වැසියෝ කවදත් බොරුකාරයෝ ය; දරුණු තිරිසන්නු ය; කම්මැලි කෑදරයෝ ය”යි ඔවුන්ගේ ම රට වැසි දිවැසිවරයෙකු කියා ඇත.


මා ඔබ ක්‍රීතයේ නතර කෙළේ, ඉතුරු කටයුතු සම්පූර්ණ කරන පිණිසත්, මා නියෝග කළ ලෙස නුවරක් පාසා සභා මූලිකයන් පත් කරන පිණිසත් ය.