ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 25:5 - Sinhala New Revised Version

එහෙයින් ඔබ අතර සැලකිය යුතු අය, මා සමඟ ගොස් ඒ මනුෂ්‍යයා අත යම් වරදක් ඇත්නම්, ඔහුට විරුද්ධ ව චෝදනා කරත් වා”යි කී ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එබැවින් සුදුසු නායකයින් මා සමඟ ගොස්, ඒ මිනිසා අත යම් වරදක් වෙතොත්, ඔහුට එරෙහි චෝදනා එහිදී ඉදිරිපත් කරත්වා” යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙයින් ඔබ අතර සැලකිය යුතු අය, මා සමඟ ගොස් ඒ මනුෂ්‍යයා අත යම් වරදක් ඇත්නම්, ඔහුට විරුද්ධ ව චෝදනා කරත් වා”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එහෙයින් නුඹලා අතරෙහි වැදගත් අය මා සමඟ ගොස් ඒ මනුෂ්‍යයා අත යම් දෝෂයක් ඇත්නම් ඔහුට වරද තබත්වයි කීවේය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 25:5
11 හුවමාරු යොමු  

පාවුලු කතා කරන්නට සැරසෙන විට ගලියෝ ජුදෙව්වරුන් අමතමින්, “ජුදෙව්වරුනි, මේ කාරණය අපරාධයක් වත් නපුරු දුෂ්ට කමක් වත් වී නම්, මා ඔබේ පැමිණිල්ලට සවන් දීම යුතු ය.


එහෙත් ඒ මනුෂ්‍යයාට විරුද්ධ ව කූට උපායක් යොදන්නට යන බව මට දන්වනු ලැබූ බැවින් එවේලේ ම ඔහු ඔබ වෙතට එවා, ඔහුට විරුද්ධ ව ඇති චෝදනා ඔබ ඉදිරියේ තබන්නට පැමිණිලිකරුවන්ට අණ කෙළෙමි.”


ඔහුට වරද තබන පිණිස ඔබ වෙතට ඒමට අණ කෙළේ ය. අප මොහුට විරුද්ධ ව ගෙනෙන පැමිණිලි සියල්ල ගැන මොහුගෙන් ම විචාරා දැනගන්නට ඔබට පුළුවනැ”යි කී ය.


මම ඔවුන්ට පිළිතුරු දෙමින්, ‘පැමිණිලිකරුවන් ඉදිරියෙහි තම චෝදනා ගැන උත්තර දීම හා තම නිදහසට කරුණු ඉදිරිපත් කිරීමක් නැති ව, කිසි ම වරදකරුවෙකු පාවා දීම රෝමවරුන්ගේ සම්ප්‍රදායයක් නොවේ ය’යි කීවෙමි.


එහෙත් මරණ දඬුවමට සුදුසු කිසිවක් මොහු නොකළ බව මට පෙනී ගියේ ය. ඇරත්, මොහු ම අධිරාජයාගේ විනිශ්චය ඉල්ලූ බැවින් ඔහු එහි යැවීමට මම නියම කෙළෙමි.


එහෙත් ෆෙස්තුස් උත්තර දෙමින්, “පාවුලු කායිසාරියේ සිරභාරයේ සිටින බවත්, තමා ද ඉක්මනින් එහි යන්නට අදහස් කරන බවත් කී ය.


ඔහු ඔවුන් අතරෙහි දවස් අටක් හෝ දහයක් හෝ පමණ නතර වී, කායිසාරියට ගොස් පසුවදා විනිශ්චයාසනයෙහි හිඳ පාවුලු ගෙනෙන්නට අණ කෙළේ ය.