ක්‍රියා 24:4 - Sinhala New Revised Version එහෙත් ඔබ තවදුරටත් පමා නොකර, මා ලුහුඬින් කියන දේ කරුණාවෙන් අසන ලෙස අයැදිමි. සිංහල කාලීන පරිවර්තනය තවත් ඔබ වෙහෙස නො කරන පිණිස අප දැන් ලුහුඬින් කියන දේට කරුණාවෙන් සවන් දෙන මෙන් ඉල්ලමි. Sinhala New Revised Version 2018 එහෙත් ඔබ තවදුරටත් පමා නොකර, මා ලුහුඬින් කියන දේ කරුණාවෙන් අසන ලෙස අයැදිමි. Sinhala Revised Old Version නුමුත් මම වඩා ඔබට වෙහෙස නොකරන පිණිස ලුහුඬෙන් අප කියන දේ ඔබගේ කරුණාවෙන් අසන ලෙස අයැදිමි. |
මන්ද, මේ මිනිසා කරදරකාරයෙකු බව ද ලොව පුරා සියලු ජුදෙව්වරුන් අතර කැරලි උපදවන්නෙකු බව ද නාසරියයන්ගේ නිකායේ කැරලිනායකයෙකු බව ද දැනගතිමු.
තවදුරටත් කීම අවශ්‍ය ද? ගිඩියොන් ද බාරක් ද සම්සොන් ද ජෙප්තා ද දාවිත් ද සාමුවෙල් ද දිවැසිවරයන් ද ගැන කීමට කල් වේලා නැත.