ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 22:23 - Sinhala New Revised Version

ඔව්හු කෑගසමින්, තමන්ගේ උතුරු සළු ගලවා උඩ වීසි කරමින් ධූලි ඉහළට දමමින් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔවුහු කෑ ගසන්නට හා කබා ඉහළ වීසි කරමින්, ධූලි දමා ගසන්නට වන් කල,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු කෑගසමින්, තමන්ගේ උතුරු සළු ගලවා උඩ වීසි කරමින් ධූලි ඉහළට දමමින් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔවුන් මොරගසමින්, තමුන්ගේ උතුරුසළු ගළවා වීසිකරමින්, ධූලි ඉහළට දමමින් සිටි බැවින්,

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 22:23
6 හුවමාරු යොමු  

මෙසේ දාවිත් හා ඔහුගේ මිනිසුන් මාර්ගයේ යද්දී, ෂිමෙයි ඔහුට ඉදිරිපිටින් කන්දේ පැත්තකින් යනුයේ, දෙස් කියමින් ද ඔහුට ගල් ගසමින් ද පස් විසි කරමින් ද ගියේ ය.


එසේ ය, මෝඩයා මාර්ගයෙහි යන විට ඔහුගේ බුද්ධි හීනත්වයෙන් තමා මෝඩයෙකැ යි සියල්ලන්ට හෙළි කරයි.


උන් වහන්සේ ගලීලයේ මුහුදුබඩ ඇවිදින විට, ධීවර සහෝදරයන් දෙදෙනෙකු වන පේදුරු නම් ලත් සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදේ දැළක් හෙළනු දැක,


තවද සියලු ධර්මශාලාවල දී නොයෙක් විට ඔවුන්ට දඬුවම් කරමින්, ඔවුන් ලවා දේවාපහාස කරවන්නට උත්සාහ කෙළෙමි; මම ඔවුන් ගැන කෝපයෙන් දිළිහෙමින්, අන් නුවරවලට ද ගොස් ඔවුන්ට පීඩා කෙළෙමි.”


දේව දූතයන් විසින් දෙන ලද ව්‍යවස්ථා ඔබ ලැබූ නමුත් ඒවා නොපිළිපැද්දහු ය.”


ඔහු නුවරින් පිටතට ඇද ඔහුට ගල් ගැසූ හ. සාක්ෂිකාරයෝ තමන්ගේ ඇඳුම් සාවුල් නම් යෞවනයෙකුගේ පාමුල තැබූ හ.