ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 22:10 - Sinhala New Revised Version

‘ස්වාමීනි, මම කුමක් කරම් දැ’යි මම ඇසීමි. සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘නැඟිට දමස්කයට යන්න; දෙවියන් වහන්සේ නියම කර ඇති අන්දමට ඔබ කළ යුතු සියල්ල ඔබට එහි දී දන්වනු ලැබේ ය’යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

“ ‘ස්වාමිනි, මා කුමක් කළ යුතු දැ?’ යි මා ඇසුවා. “ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, ‘දැන් නැගිට, දමස්කය වෙත යන්න; ඔබ විසින් කළ යුතු හැම දේ එහිදී ඔබට දන්වනු ඇතැ’ යි කීවා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

‘ස්වාමීනි, මම කුමක් කරම් දැ’යි මම ඇසීමි. සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘නැඟිට දමස්කයට යන්න; දෙවියන් වහන්සේ නියම කර ඇති අන්දමට ඔබ කළ යුතු සියල්ල ඔබට එහි දී දන්වනු ලැබේ ය’යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මමද: ස්වාමීනි, මම මක්කරම්දැයි ඇසුවෙමි. ස්වාමීන්වහන්සේ මට කථාකොට: නැගිට දමස්කයට යන්න; නුඹ විසින් කරන්ට නියමකර තිබෙන සියල්ල එහිදී නුඹට කියනු ලැබේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 22:10
9 හුවමාරු යොමු  

එහෙයින් එකෙණෙහි ම මම ඔබ කැඳවා යැවීමි; ඔබේ පැමිණීම ඉතා හොඳ ය. දැන් සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ සියල්ල අසන පිණිස අපි සියල්ලෝ මෙහි දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටිමු”යි කී ය.


ඔවුන් පිටතට කැඳවා, “ගැළවීම ලබන පිණිස මා කුමක් කළ යුතු දැ”යි ඇසී ය.


ඔව්හු ඒ අසා සන්තාපිත සිත් ඇති ව “සහෝදරවරුනි, අප කුමක් කළ යුතු දැ”යි පේදුරුගෙන් ද අනෙක් ප්‍රේරිතයන්ගෙන් ද විචාළහ.


ඒ ආලෝකයේ උද්දීප්තිය නිසා මාගේ ඇස් නොපෙනී ගියේ ය. එබැවින් මාගේ සහචරයෝ මා අතින් අල්ලා ගෙන දමස්කයට ගෙන ගියහ.


නැඟිට නුවරට ඇතුළු වන්න, ඔබ කළයුතු දේ ඔබට කියනු ලබන්නේ ය”යි ඒ හඬ පැවසී ය.