Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 22:10 - Sinhala Revised Old Version

10 මමද: ස්වාමීනි, මම මක්කරම්දැයි ඇසුවෙමි. ස්වාමීන්වහන්සේ මට කථාකොට: නැගිට දමස්කයට යන්න; නුඹ විසින් කරන්ට නියමකර තිබෙන සියල්ල එහිදී නුඹට කියනු ලැබේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ‘ස්වාමීනි, මම කුමක් කරම් දැ’යි මම ඇසීමි. සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘නැඟිට දමස්කයට යන්න; දෙවියන් වහන්සේ නියම කර ඇති අන්දමට ඔබ කළ යුතු සියල්ල ඔබට එහි දී දන්වනු ලැබේ ය’යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 “ ‘ස්වාමිනි, මා කුමක් කළ යුතු දැ?’ යි මා ඇසුවා. “ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, ‘දැන් නැගිට, දමස්කය වෙත යන්න; ඔබ විසින් කළ යුතු හැම දේ එහිදී ඔබට දන්වනු ඇතැ’ යි කීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ‘ස්වාමීනි, මම කුමක් කරම් දැ’යි මම ඇසීමි. සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘නැඟිට දමස්කයට යන්න; දෙවියන් වහන්සේ නියම කර ඇති අන්දමට ඔබ කළ යුතු සියල්ල ඔබට එහි දී දන්වනු ලැබේ ය’යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 22:10
9 හුවමාරු යොමු  

ඔවුන් පිටතට කැඳවා කථාකොට: ස්වාමිවරුනි, ගැළවෙන පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය. ඔව්හු කථාකොට:


ඔව්හු ඒ අසා අනිනලද සිත් ඇතුව: සහෝදරයෙනි, අප විසින් මක්කරන්ට ඕනෑදැයි පේතෘස්ගෙන්ද අනික් ප්‍රේරිතයන්ගෙන්ද ඇසුවෝය.


එහෙයින් එකෙණෙහිම නුඹට කියා යැවීමි; නුඹද ආ එක යහපත්ය. දැනුදු අපි සියල්ලෝ ස්වාමීන්වහන්සේ විසින් නුඹට අණකරනලද සියල්ල අසන පිණිස මෙහි දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි සිටිමුයයි කීවේය.


නුමුත් නැගිට නුවරට ඇතුල්වෙන්න, නුඹ විසින් කටයුතු දේ නුඹට කියනු ලබන්නේයයි කීසේක.


ඒ ආලෝකයේ තේජස නිසා මාගේ ඇස් නොපෙනී ගිය කල, මා සමඟ සිටියවුන් විසින් මාගේ අත අල්ලා ගෙනයනු ලැබ, දමස්කයට පැමිණියෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්