එහෙත් සියල්ලෝ ම, “මොහු මරාදමන්න, බරබ්බස් අපට නිදහස් කර දෙන්නැ”යි එක හඬින් මොරගැසූ හ.
ක්‍රියා 21:36 - Sinhala New Revised Version මන්ද, “මොහු මරාදමන්නැ”යි මොරගසමින් ජනකාය ඔවුන් පස්සෙන් ගියහ. සිංහල කාලීන පරිවර්තනය සෙනඟ ද ඒ පසු පස්සේම යමින්, “ඔහු නැති කර දමව්” කියමින් කෑ ගසන්නට වන්හ. Sinhala New Revised Version 2018 මන්ද, “මොහු මරාදමන්නැ”යි මොරගසමින් ජනකාය ඔවුන් පස්සෙන් ගියහ. Sinhala Revised Old Version මක්නිසාද: ඔහු නැතිකරන්නැයි ජන සමූහයා මොරගසමින් පස්සෙන් ගියෝය. |
එහෙත් සියල්ලෝ ම, “මොහු මරාදමන්න, බරබ්බස් අපට නිදහස් කර දෙන්නැ”යි එක හඬින් මොරගැසූ හ.
“ඔහු මරව, ඔහු මරව, ඔහු කුරුසියේ ඇණ ගසව”යි ඔව්හු මොරගැසූ හ. “ඔබේ රජු කුරුසියේ ඇණ ගසන්නට දැ”යි පිලාත් ඔවුන්ගෙන් ඇසී ය. නායක පූජකයෝ පිළිතුරු දෙමින්, “සීසර් අධිරාජයා හැර අන් රජෙක් අපට නැතැ”යි කී හ.
ඔහු මෙය කියන තෙක් ඔව්හු සවන් දුන්හ; ඉන්පසු ඔව්හු “මෙවැන්නෙකු නැත්තට ම නැති කරන්න! මොහු ජීවත් විය යුතු නැතැ”යි මොරගැසූ හ.