ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 2:2 - Sinhala New Revised Version

එකල, සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් හදිසියෙන් අහසින් නික්මුණේ ය. ඔවුන් හිඳගෙන සිටි ගෙය මුළුමනින් ම එයින් පිරී ගියේ ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

හදිසියේම සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් ස්වර්ගයෙන් ඇසී, ඔවුන් හිඳ සිටි නිවස මුළුමනින් එයින් පිරී ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එකල, සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් හදිසියෙන් අහසින් නික්මුණේ ය. ඔවුන් හිඳගෙන සිටි ගෙය මුළුමනින් ම එයින් පිරී ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 2:2
14 හුවමාරු යොමු  

උන් වහන්සේ කතා කොට, “පිටතට අවුත් කන්ද උඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින්නැ”යි වදාළ සේක. එවිට සමිඳාණන් වහන්සේ ඒ ළඟින් ගිය සේක. උන් වහන්සේට පෙරටුවෙන් මහා බලවත් හුළඟක් කඳු දෙදරවා, පර්වත බිඳගෙන ගියේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ සුළඟෙහි නොවූ සේක. සුළඟට පසු පොළෝ කම්පාවක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ පොළෝ කම්පාවෙහි නොවූ සේක.


එතුමාණෝ දිව්‍ය රථය අරා යාත්‍රා කළ සේක; මාරුතය නමැති පියාපත් විදහා වේගයෙන් වැඩිය සේක.


එම්බා උතුරු සුළඟ, පිබිදෙන්න; දකුණු සුළඟ, එන්න. මාගේ උයනේ සුවඳ විහිද යන පිණිස ඊට උඩින් හමා යන්න. මාගේ පෙම්වතා තමාගේ උයනට අවුත් තමාගේ අනර්ඝ ඵල අනුභව කරා වා!


ඔවුන් අයැදින්න පෙර මම උත්තර දෙමි; ඔවුන් කතා කරද්දී ම මම සවන් දෙන්නෙමි.


මෙයට සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: “මට පෙරටු ව ගොස් මාගේ මාර්ගය පිළියෙළ කරන්නාවූ මාගේ දූතයා මම එවන්නෙමි. එවිට නුඹලා සොයමින් සිටින සමිඳාණන් වහන්සේ හදිසියෙන් තමන් දේව මාලිගාවට වඩින සේක. නුඹලා පුල පුලා බලා සිටින දූතයා පැමිණ මාගේ ගිවිසුම ප්‍රකාශ කරනු ඇත.”


ඒ ඇසිල්ලෙහි ම දේව දූතයා සමඟ ස්වර්ග සේනා සමූහයක් දෙවියන් වහන්සේ පසසමින්,


සුළඟ සිතු සිතූ තැන් වල හමයි; එහි ශබ්දය ඔබට ඇසෙයි. එහෙත්, එය කොතැනින් එන්නේ ද කොතැනට යන්නේ දැ යි ඔබ නොදන්නහු ය. ආත්මයාණන්ගෙන් ජනිත වූ හැම කෙනෙකුන් ද එසේ ම ය”යි වදාළ සේක.


ගිනි දලු වැනි දිව් බෙදී ගොස් ඔවුන් එකිනෙකා මත පිහිටනු ඔවුන්ට පෙනිණි.


මේ ශබ්දය ඇසුණු කෙණෙහි ම සමූහයා එක්රැස් වූ හ. එම කතා ඔවුන් එකිනෙකාට තම තමන්ගේ මවු බසින් තේරුම් ගත හැකි ලෙස ඇසුණෙන් ඔව්හු වික්ෂිප්ත වූ හ.


මෙසේ යාච්ඤා කළ පසු, ඔවුන් රැස් ව සිටි ස්ථානය කම්පා විය. ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයාණන්ගෙන් පිරී, දෙවියන් වහන්සේගේ වචනය නිර්භීත ලෙස ප්‍රකාශ කළහ.


තවද, ඔවුන් ඒ සේවය කළේ තමන් උදෙසා ම නොව, ඔබ උදෙසා බව ඔවුන්ට එළිදරව් කරන ලද්දේ ය. මේ දේවල් ස්වර්ගයෙන් එවන ලද ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, ඔබට සුබ අස්න දේශනා කළ තැනැත්තන් ලවා දැන් ඔබට ප්‍රකාශ කරවන ලදී. දේව දූතයෝ පවා මේවා බලා දැනගන්නට ආශා වෙති.