Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 2:2 - සිංහල කාලීන පරිවර්තනය

2 හදිසියේම සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් ස්වර්ගයෙන් ඇසී, ඔවුන් හිඳ සිටි නිවස මුළුමනින් එයින් පිරී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එකල, සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් හදිසියෙන් අහසින් නික්මුණේ ය. ඔවුන් හිඳගෙන සිටි ගෙය මුළුමනින් ම එයින් පිරී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එකල, සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් හදිසියෙන් අහසින් නික්මුණේ ය. ඔවුන් හිඳගෙන සිටි ගෙය මුළුමනින් ම එයින් පිරී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 2:2
14 හුවමාරු යොමු  

ඒ ඇසිල්ලේම ඒ දේව දූතයා හා එක් වූ අති මහත් ස්වර්ගීය සේනාවක් දෙවියන්වහන්සේ පසසමින් මෙසේ ගැයූහ.


සුළඟ එය කැමති අත හමයි; එහි හඬ ඔබට ඇසෙයි; එහෙත් එය කොහි සිට එනවා ද? කොතැනක යනවාදැයි ඔබ දන්නේ නැත. ආත්මයාණන්ගෙන් ඉපැදුණු හැම කෙනකුම අන්න ඒ වගේ යැ” යි කී සේක.


ගිනි දළු වැනි දිව් ඔවුන් මධ්‍යයේ පෙනී, ඒ එකිනෙකා මත පිහිටා සිටියේ ය.


ඒ හඬ ඔවුන්ට ඇසුණු කල, ඒ කිමෙක්දැයි බැලීමට එක්රොක් වූ සමූහයා ඉන් අන්ද මන්ද වූයේ, තම තමන්ගේ භාෂාවෙන් ඔවුන් කතා කරනු ඇසුණු නිසා ය.


එසේ යාච්ඤා කර නිම වූ කල, ඔවුන් එක් රැස්ව සිටි ස්ථානය දෙදරුම් කෑවේ ය. ඔවුහු සියල්ලෝ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලැබ, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීතව කතා කළෝ ය.


ඔවුන් සේවය කළේ, තමන්ටම නො ව, ඔබට වග ඔවුනට එළිදරවු කෙරිණ. ස්වර්ගයෙන් එවන ලද ශුද්ධාත්මයාණන්වහන්සේ මඟින් ශුභාරංචිය ඔබට දේශනා කරන ලද්දවුන් ලවා දැන් ඔබට ප්‍රකාශ කරනු ලබන්නේ, ඒ දෑම ය. මේ දෑ දැක බලා ගැනීමට දේව දූතයෝ පවා දැඩි සේ ආශා වන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්