ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 19:18 - Sinhala New Revised Version

අදහාගත්තවුන්ගෙන් බොහෝ දෙනෙක් අවුත් තමන් ද මන්ත්‍රගුරුකම්වල යෙදී සිටි බව ප්‍රකාශ කළහ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

අදහාගත් බොහෝ දෙනෙක් අවුත්, තමන්ගේ දුෂ්ට අභ්‍යාස ගැන ප්‍රසිද්ධියේ පාපොච්චාරණ කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අදහාගත්තවුන්ගෙන් බොහෝ දෙනෙක් අවුත් තමන් ද මන්ත්‍රගුරුකම්වල යෙදී සිටි බව ප්‍රකාශ කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අදහාගත්තවුන්ගෙන් බොහෝ දෙනෙක්ද ඇවිත් තමුන්ගේ ක්‍රියාවන් ප්‍රකාශකරමින් ඒවා කියාදුන්නෝය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 19:18
14 හුවමාරු යොමු  

මාගේ පව් නොසඟවා මම පාපෝච්චාරණය කෙළෙමි. “හිමි තුමන්ට මාගේ පව් කියන්නෙමි”යි කීමි. ඔබ ද මාගේ පාප දෝෂ කමා කළ සේක.


තම වරද සඟවන්නා සෞභාග්‍යය නොදනියි; වරද පිළිගෙන, එය දුරලන අයට දයාව ලැබෙයි.


වරද කළ නුඹ නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගැසූ බව පිළිගන්න. මාගේ හඬට කීකරු නොවී, හැම අතුපතර ඇති ගස් යට විදේශීය දෙවිවරුන්ට නුඹේ ආදරය දුන් බව පිළිගන්න. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.


නුඹ කළ සියලු වරදට මම නුඹට කමා වන්නෙමි. එහෙත්, නුඹ ඒවා සිහි කොට ලජ්ජාවෙන් තවත් කට නෑර සිටින්නෙහි ය. ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”


නුඹලා ද නුඹලාගේ නපුරු මාර්ග සහ නුඹලාගේ අයහපත් ක්‍රියා සිහිකොට, නුඹලාගේ පව් ද නුඹලාගේ පිළිකුල් ක්‍රියා ද නිසා නුඹලා ම පිළිකුල් කරගන්නහු ය.


ඔහු උගේ හිස මත අත් දෙක තබා ඉශ්රායෙල් ජනයාගේ දුෂ්ටකම් සහ නපුරුකම් වන සියලු පාප ඌ මත උච්චාරණය කොට, ඒ සඳහා පත් කළ කෙනෙකුට බාර දී ඌ පාළුකරයට ගෙන යන්නට හැරිය යුතු ය.


“එවිට ඔවුන් මට විරුද්ධ ව කළ ද්‍රෝහිකමෙන් වූ තමන්ගේ අයුතුකම් ද තම පියවරුන්ගේ අයුතුකම් ද ඔවුන් මට විරුද්ධ ව හැසිරීම ද පිළිගත්තත්,


පාපෝච්චාරණය කරමින්, ජොර්දාන් ගංගාවෙහි ඔහු අතින් බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.


මෙය එපීසයෙහි විසූ සියලු ජුදෙව්වරුනට ද ග්‍රීකයනට ද සැළ විය. ඔව්හු බොහෝ සේ බියපත් වූ හ. ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයට ද ගෞරවය ඇති විය.


යන්ත්‍ර මන්ත්‍ර අභ්‍යාස කළ බොහෝ දෙනෙක් ද, තමන්ගේ පොත් එක් කොට ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි පුළුස්සාදැමූ හ. ඒවායේ මිල ගණන් බලා, රිදී මිල පණස් දහසක් බව දැන ගන්නා ලදී.


මනුෂ්‍යයෙක් සිතින් ඇදහීමෙන් දමිටු බවට පැමිණෙන්නේ ය; මුවින් පැවසීමෙන් ගළවනු ලබන්නේ ය.


එබැවින් ඔබ එකිනෙකාට පාපෝච්චාරණය කර, සුවය ලබන පිණිස, එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. දැහැමි මිනිසෙකු යදින යැදුම බලවත් ය; පලදායක ය;


එහෙත් අපි පාපෝච්චාරණය කරමු නම්, විශ්වාසවන්ත වූ ද, ධර්මිෂ්ඨ වූ ද, දෙවියන් වහන්සේ සියලු පාපවලින් ද අදමිටුකම්වලින් ද අප පවිත්‍ර කරන සේක.