ඉතාලි යයි නම් ලත් භට හමුදාවේ ශතාධිපතියෙකු වූ කොර්නේලියස් නම් එක්තරා මිනිසෙක් කායිසාරියේ සිටියේ ය.
ක්‍රියා 18:22 - Sinhala New Revised Version ඔහු කායිසාරියට ගොඩ බැස, ජෙරුසලමට ගොස්, සභාවට ආචාර කොට, අන්තියෝකියට ගියේ ය. සිංහල කාලීන පරිවර්තනය කායිසාරියට ගොඩ බැස්සේ ය. ඔහු ගොස් සභාව හමු වී, ඔවුනට ආචාර කොට, අන්තියෝකියට ගියේ ය. Sinhala New Revised Version 2018 ඔහු කායිසාරියට ගොඩ බැස, ජෙරුසලමට ගොස්, සභාවට ආචාර කොට, අන්තියෝකියට ගියේ ය. Sinhala Revised Old Version ඔහු කායිසාරියට ගොඩබැස, ගොස්, සභාවට ආචාරකොට, අන්තියෝකියාට බැස ගියේය. |
ඉතාලි යයි නම් ලත් භට හමුදාවේ ශතාධිපතියෙකු වූ කොර්නේලියස් නම් එක්තරා මිනිසෙක් කායිසාරියේ සිටියේ ය.
ඊට පසුදා ඔව්හු කායිසාරියට පැමිණියහ. කොර්නේලියස් තමාගේ නෑයන් ද හිතමිතුරන් ද කැඳවාගෙන ඔවුන් එන තුරු බලා සිටියේ ය.
“එවේලෙහි ම කායිසාරියෙන් මා වෙත එවන ලද මිනිස්සු තුන් දෙනෙක් මා විසූ නිවෙස ඉදිරියෙහි සිටියහ.
අන්තියෝකියේ පිහිටි සභාවෙහි දිවැසිවරු ද ගුරුවරු ද සිටියහ. එනම්, බාර්ණබස් සහ නීගර් නම් සිමියොන් ද සිරේනියේ ලුසියස් ද යුව රජ වූ හෙරොද් සමඟ ඇතිදැඩි වූ මානායින් ද සාවුල් ද යන මොවුහු ය.
එතැනින් නැව් නැඟී අන්තියෝකියට පැමිණියහ. ඔවුන් ඉෂ්ට කළ සේවය නිසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයට ඔවුන් කල්මත්තෙන් භාර දෙන ලද්දේ මේ අන්තියෝකියේ දී ය.
ඔවුන් අත මෙසේ ලියා යවන ලදී: “ප්‍රේරිතවරයෝ ද සහෝදර සභා මූලිකයෝ ද වන අපි අන්තියෝකියෙහිත් සිරියාවෙහිත් සිලිසියාවෙහිත් වසන විජාතී වූ සහෝදරයන් වෙත සුබ පතමින් මෙසේ ලියා එවමු:
පාවුලු ද බාර්ණබස් ද තවත් බොහෝ දෙනෙකු සමඟ සමිඳාණන් වහන්සේගේ සුබ අස්න උගන්වමින් ද දේශනා කරමින් ද අන්තියෝකියෙහි නැවතී සිටියහ.
ඔවුන් ජෙරුසලමට පැමිණි කල, සභාව ද ප්‍රේරිතයෝ ද සභා මූලිකයෝ ද, ඔවුන් පිළිගත්හ. ඉන්පසු ඔව්හු දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කරැවූ සියලු දේ ඔවුන්ට දැන්වූ හ.
ඉක්බිති ඔහු ශතාධිපතීන් දෙදෙනෙකු කැඳවා, “කායිසාරිය දක්වා යන පිණිස හේවායන් දෙසියයක් ද අසරුවන් සැත්තෑවක් ද කුන්තධරයන් දෙසියයක් ද රෑ නවයට සූදානම් කරන්නැ”යි කී ය.
එහෙත් ෆෙස්තුස් ජුදෙව්වරුන් සතුටු කරන අදහසින් පාවුලුට කතා කොට, “ඔබ ජෙරුසලමට ගොස්, එහි දී මේ චෝදනා ගැන මා ඉදිරියෙහි විනිශ්චය කරනු ලබන්නට කැමැත්තෙහි දැ”යි ඇසී ය.
ඉන්පසු පිලිප් දක්නා ලද්දේ අසෝතස්හි දී ය. ඔහු කායිසාරියට පැමිණෙන තෙක් සියලු නුවරවල සැරිසරමින් සුබ අස්න ප්‍රකාශ කෙළේ ය.