තවද ඔව්හු ඉකෝනියෙහි දී ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවලට ඇතුළු වී දේශනා කළහ. ඒ ඇසූ ජුදෙව්වන්ගෙන් ද ග්‍රීක්වරුන්ගෙන් ද මහත් සමූහයක් අදහාගත්හ.
ක්‍රියා 17:1 - Sinhala New Revised Version ඔවුහු අම්පිපොලිසිය සහ අපොලෝනිය මැදින් ගොස් තෙසලෝනිකයට ආහ. එහි ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවක් තිබුණි. සිංහල කාලීන පරිවර්තනය ඔවුහු අම්පිපොලිස හා අපොලෝනිය පසු කොට, යුදෙව් සිනගෝගයක් තිබූ තෙසලෝනිකය වෙත පැමිණියහ. Sinhala New Revised Version 2018 ඔවුහු අම්පිපොලිසිය සහ අපොලෝනිය මැදින් ගොස් තෙසලෝනිකයට ආහ. එහි ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවක් තිබුණි. Sinhala Revised Old Version ඔව්හු අම්පිපොලිස හා අපොලෝනිය මැදින් ගොස් තෙසලෝනිකයට ආවෝය, එහි යුදෙව්වරුන්ගේ සිනගෝගයක් තිබුණේය. |
තවද ඔව්හු ඉකෝනියෙහි දී ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවලට ඇතුළු වී දේශනා කළහ. ඒ ඇසූ ජුදෙව්වන්ගෙන් ද ග්‍රීක්වරුන්ගෙන් ද මහත් සමූහයක් අදහාගත්හ.
මන්ද, ආදි පරම්පරාවල සිට ම මෝසෙස්ගේ ව්‍යවස්ථාව ප්‍රකාශ කරන්නෝ සියලු නගරවල සිටිති. ඔව්හු සියලු සබත් දිනවල එය ධර්මශාලාවල දී කියවති”යි කී ය.
සබත් දවසේ දී, නුවර වාසලෙන් පිට යාච්ඤා ස්ථානයක් ඇතැ යි අපට සිතුණු බැවින්, අප පිටත් ව ගං තෙරකට ගොස් එහි රැස් ව සිටි ස්ත්‍රීනට කතා කෙළෙමු.
රෑ වූ විගස සහෝදරයෝ පාවුලු ද සීලස් ද බෙරියාවට යැවූ හ. ඔව්හු එහි පැමිණ ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවට ඇතුළු වූ හ.
එහි සිටි අය තෙසලෝනිකයෙහි අයට වඩා උදාර ගතිගුණ ඇත්තෝ වූ හ. ඔව්හු කරුණු හරි හැටි දැන ගන්නා පිණිස, දවස්පතා ශුද්ධ ලියවිල්ල පිරික්සමින් මුළු සිතින් ධර්මය පිළිගත්හ.
එහෙත් පාවුලු බෙරියාවෙහිදීත් දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළ බව ඇසූ තෙසලෝනිකයේ ජුදෙව්වරු එතැනට පැමිණ, සමූහයා අවුස්සා කැළඹීමක් ඇති කළෝ ය.
පුරස්ගේ පුත්‍ර වූ බෙරියාවේ සෝපතර් ද තෙසලෝනිකවරුන්ගෙන් අරිස්තාර්කස් සහ සෙකුන්දස් ද දර්බයේ ගායස් ද තිමෝතියස් ද ආසියාවේ තුකිකස් සහ ත්‍රොපිමස් ද ඔහු සමඟ ආසියාව දක්වා ගියහ.
අපි ආසියාවේ මුහුදුබඩ වරායවලට යාත්‍රා කරන්නට සූදානම් ව තිබුණු අද්‍රාමුත්තියේ නැවකට නැඟී පිටත් වුණෙමු. තෙසලෝනිකයේ මසිදෝනි වැසියෙක් වූ අරිස්තාර්කස් අප සමඟ සිටියේ ය.
තවද මා තෙසලෝනිකයේ සිටිය දී පවා මාගේ ඕනෑඑපාකම් පිරිමැසීමට කීප වරක් ඔබ මට මුදල් එව්වහු ය.
පාවුලු ද සිල්වානස් ද තිමෝතියස් ද යන අපි, දෙවි පියාණන් වහන්සේට සහ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේට අයිති තෙසලෝනිකවරුන්ගේ සභාව වෙත ලියා එවමු. කරුණාව හා ශාන්තිය ඔබට වේ වා!
ඔබ දන්නා පරිදි, ඊට පෙර පිලිප්පියෙහි දී, අපි දුකට හා නිග්‍රහයට භාජනය වීමු. එහෙත් බොහෝ විරුද්ධවාදිකම්වලට මුහුණ පාමින් වුව ද, ඔබට සුබ අස්න දේශනා කිරීමට දෙවියන් වහන්සේ අප ධෛර්යවත් කළ සේක.
පාවුලු ද සිල්වානස් ද තිමෝතියස් ද යන අපි, දෙවි පියාණන් වහන්සේට සහ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේට අයිති තෙසලෝනිකවරුන්ගේ සභාව වෙත ලියා එවමු.
මන්ද, දේමස් ලෞකික ජීවිතයට ඇලුම් වී, මා අත්හැර, තෙසලෝනිකයට ගියේ ය. ක්‍රස්කේන්ස් ගලාතියටත්, තීතස් දල්මතියාවටත් ගියෝ ය.