Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 20:4 - Sinhala New Revised Version

4 පුරස්ගේ පුත්‍ර වූ බෙරියාවේ සෝපතර් ද තෙසලෝනිකවරුන්ගෙන් අරිස්තාර්කස් සහ සෙකුන්දස් ද දර්බයේ ගායස් ද තිමෝතියස් ද ආසියාවේ තුකිකස් සහ ත්‍රොපිමස් ද ඔහු සමඟ ආසියාව දක්වා ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

4 ඔහු සමඟ පුරස්ගේ පුත් බෙරියාහි සෝපතර් ද තෙසලෝනික අරිස්තාර්කස් හා සෙකුන්දස් ද දර්බයෙහි ගායස් හා තිමෝති ද ආසියා කලාපයේ තුකිකස් හා ත්‍රොපිමස් ද ගමන් ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 පුරස්ගේ පුත්‍ර වූ බෙරියාවේ සෝපතර් ද තෙසලෝනිකවරුන්ගෙන් අරිස්තාර්කස් සහ සෙකුන්දස් ද දර්බයේ ගායස් ද තිමෝතියස් ද ආසියාවේ තුකිකස් සහ ත්‍රොපිමස් ද ඔහු සමඟ ආසියාව දක්වා ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 පුරස්ගේ පුත්‍රවූ බෙරීයයේ සෝපතර්ද තෙසලෝනිකවරුන්ගෙන් අරිස්තාර්කස් සහ සෙකුන්දස්ද දර්බයේ ගායස් සහ තිමෝතියස්ද ආසියාවේ තුඛීකස් සහ ත්‍රොපීමස්ද ඔහු සමඟ ආසියාව දක්වා ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 20:4
29 හුවමාරු යොමු  

එවිට මුළු නුවර කැළඹිණ. ඔව්හු, පාවුලු සමඟ ගමන් කළ ගායස් ද අරිස්තාර්කස් ද යන මසිදෝනිවරුන් දෙදෙනා අල්ලා ගෙන නෘත්‍ය ශාලාවට වේගයෙන් දිවූ හ.


එරස්තස් කොරින්තියෙහි නතර විය. ත්‍රොපිමස් අසනීප වූ නිසා මිලේතසෙහි නවත්වා ආවෙමි.


මාගේ සුව දුක් ගැන ද වැඩ කටයුතු ගැන ද දැනගැන්මට ඔබ ආශාවෙන් සිටිනු ඇත. අපගේ හිතවත් සහෝදරයා ද සමිඳාණන් වහන්සේ තුළ විශ්වාසවත් සේවකයා ද වූ, තුකිකස් සියලු තොරතුරු ඔබට දන්වනු ඇත.


මා නිකපොලිසියෙහි ශීත කාලය ගත කරන්නට තීරණය කරගත් බැවින්, අර්තිමස් හෝ තුකිකස් හෝ ඔබ වෙත එවූ විට, ඔබ මා වෙත නොපමා ව එන්නට උත්සාහ කරන්න.


තුකිකස් එපීසයට යැවීමි.


සමිඳාණන් වහන්සේගේ සේවයෙහි ප්‍රේමවන්ත සහෝදරයෙකු ද විශ්වාසවන්ත සේවකයෙකු ද හවුල් දාසයෙකු ද වන තුකිකස් මා ගැන සියලු තොරතුරු ඔබට දන්වනු ඇත.


ඔවුන් මෙසේ කීවේ එපීසයෙකු වූ ත්‍රොපිමස් ඔහු සමඟ නුවර සිටිනු ඔවුන් කලින් දැක තිබුණු නිසා, පාවුලු ඔහු දේව මාලිගාවට කැඳවා ගෙන යන්නට ඇතැ යි සිතූ බැවිනි.


තවද පාවුලු දර්බයටත් ලුස්ත්‍රාවටත් පැමිණියේ ය. කිතු දහම පිළිගත් ජුදෙව් ස්ත්‍රියකගේ පුත්‍ර වූ තිමෝතියස් නම් ශ්‍රාවකෙයක් එහි සිටියේ ය. ඔහුගේ පියා ග්‍රීකයෙකි.


ඔව්හු ඒ දැන, ලුකොනියාවේ නගර වන ලුස්ත්‍රාවට ද දර්බයට ද අවට පෙදෙස්වලට ද පලා ගොස්,


මා සමඟ එකට හිරකාරයෙකු ව සිටින අරිස්තාර්කස් ද බාර්ණබස්ගේ මස්සිනා වන මාක් ද ඔබට ආචාර කරති. මාක් සම්බන්ධයෙන් ඔබ උපදෙස් ලබා ඇත. ඔහු ඔබ වෙතට ආවොත් සාදරයෙන් පිළිගන්න.


සභා මූලිකයෙකු වන මම, මා සැබෑ ලෙස ප්‍රේම කරන ප්‍රියාදර ගායස්ට මෙය ලියා එවමි.


මාගේ හවුල් සේවකයන් වන මාක් ද අරිස්තර්කස් ද දේමස් ද ලූක් ද ඔබට ආචාර කරති.


දෙවි පියාණන් වහන්සේගෙන් ද, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් ද වරප්‍රසාදයත්, දයාවත්, ශාන්තියත් ඔබට වේ වා!


අපේ ගැළවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේගේ ද, අපේ බලාපොරොත්තුව වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ද නියෝගය පරිදි, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලුගෙන්, ඇදහිල්ලෙහි මාගේ සැබෑ දරුවෙකු වන තිමෝතියස් වෙතට ය.


ඔබ ගැන තොරතුරු අසා ධෛර්ය වත් වන පිණිස, ජේසුස් ස්වාමීන් වහන්සේ කැමැති සේක් නම් තිමෝතියස් ඔබ වෙත නොපමා ව එවීමට මම බලාපොරොත්තු වෙමි.


මන්ද, අප විසින් එනම්, සිල්වානස්, තිමෝතියස් හා මා විසින් ඔබ අතර දේශනා කළ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ‘ඔව්’, ‘නැහැ’ කියා දෙගිඩියාවක් නැත. ඇත්තේ ‘ඔව්’ යන්න පමණකි.


දේව කැමැත්ත අනුව ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලුගෙන් ද සහෝදර තිමෝතියස්ගෙන් ද කොරින්තියේ පිහිටා ඇති දෙවියන් වහන්සේගේ සභාව වෙතටත්, ග්‍රීසිය පුරා සිටින දෙවියන් වහන්සේගේ සියලු සෙනඟ වෙතටත් ය.


මට ද මුළු සභාවට ද ආගන්තුක සත්කාරය කරන ගායස් ඔබ වෙත ඔහුගේ ආචාරය එවයි. නගර භාණ්ඩාගාරික තැන්පත් එරස්තස් ද සහෝදර ක්වර්තස් ද ඔබ වෙත ඔවුන්ගේ ආචාර එවති.


මාගේ සහකාර සේවකයෙකු වන තිමෝතියස් ද මාගේ නෑයන් වන ලුසියස් ද ජාසෝන් ද සෝසිපාතර් ද ඔබ වෙත ඔවුන්ගේ ආචාරය එවති.


අපි ආසියාවේ මුහුදුබඩ වරායවලට යාත්‍රා කරන්නට සූදානම් ව තිබුණු අද්‍රාමුත්තියේ නැවකට නැඟී පිටත් වුණෙමු. තෙසලෝනිකයේ මසිදෝනි වැසියෙක් වූ අරිස්තාර්කස් අප සමඟ සිටියේ ය.


ඔවුහු අම්පිපොලිසිය සහ අපොලෝනිය මැදින් ගොස් තෙසලෝනිකයට ආහ. එහි ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවක් තිබුණි.


එහෙත් ශ්‍රාවකයන් ඔහු අවට රැස් ව සිටි කල, ඔහු නැඟිට නුවරට ඇතුළු වී, පසුදා බාර්ණබස් සමඟ දර්බයට ගියේ ය.


පාතිවරුන් ද මේදවරුන් ද එලාම්වරුන් ද මෙසොපොතේමියාවෙහිත් ජුදය සහ කපදෝකියෙහිත්, පොන්තසය සහ ආසියාවෙහිත්,


ආසියාවෙහි වචනය දේශනා කිරීම ශුද්ධාත්මයාණන් විසින් තහනම් කරන ලද බැවින්, ඔව්හු පිරිගිය සහ ගලාතිය ප්‍රදේශයන් මැදින් ගියහ.


එහෙත් පාවුලු බෙරියාවෙහිදීත් දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළ බව ඇසූ තෙසලෝනිකයේ ජුදෙව්වරු එතැනට පැමිණ, සමූහයා අවුස්සා කැළඹීමක් ඇති කළෝ ය.


ආසියාවෙහි කල් ගත කරන්නට සිදු නොවන පිණිස, එපීසය පසු කර යන්නට ඔහු තීරණය කරගෙන සිටියේ ය. එසේ කෙළේ, හැකි නම් පෙන්තකොස්ත දවසේ ජෙරුසලමේ සිටින්නට පාවුලු ඉක්මන් කළ බැවිනි.


ඔවුන් තමා වෙතට ආ කල ඔහු මෙසේ පැවසී ය, “මා ආසියාවට පැමිණි පළමු වැනි දා පටන් මුළු කාලය ඔබ සමඟ ගත කළ සැටි ඔබ දන්නහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්