කොටළුවෙකු වළලන පරිදි ඔහු ජෙරුසලමේ දොරටුවලින් එපිටට ඇදගෙන ගොස් වළට විසි කොට වළලනු ලබනු ඇත.”
ක්‍රියා 14:19 - Sinhala New Revised Version එහෙත් අන්තියෝකියෙන් ද ඉකෝනියෙන් ද ජුදෙව්වරු අවුත් සමූහයන් පොළඹවා ගෙන, පාවුලුට ගල් ගසා, ඔහු මළහ යි සිතා නුවරින් පිටතට ඇද්දෝ ය. සිංහල කාලීන පරිවර්තනය එකල අන්තියෝකියෙන් හා ඉකෝනියෙන් පැමිණි යුදෙව්වන් ඇතැම් දෙනෙක් ජනයා තම පැත්තට නම්මාගෙන, පාවුල්ට ගල් ගැසූහ. පසුව, ඔහු මළේයැයි සිතූ ඔවුහු, නගරයෙන් පිටතට ඔහු ඇද දැමූහ. Sinhala New Revised Version 2018 එහෙත් අන්තියෝකියෙන් ද ඉකෝනියෙන් ද ජුදෙව්වරු අවුත් සමූහයන් පොළඹවා ගෙන, පාවුලුට ගල් ගසා, ඔහු මළහ යි සිතා නුවරින් පිටතට ඇද්දෝ ය. Sinhala Revised Old Version නුමුත් අන්තියෝකියෙන්ද ඉකෝනියෙන්ද යුදෙව්වරු ඇවිත් සමූහයන් පොළඹවාගන, පාවුල්ට ගල්ගසා, ඔහු නැසුණේයයි සිතා නුවරින් පිටතට ඇද්දෝය. |
කොටළුවෙකු වළලන පරිදි ඔහු ජෙරුසලමේ දොරටුවලින් එපිටට ඇදගෙන ගොස් වළට විසි කොට වළලනු ලබනු ඇත.”
ඔව්හු පර්ගායෙන් පිටත් ව ගමන් කොට, පිසිදියේ අන්තියෝකියට අවුත්, සබත් දවසේ දී ධර්මශාලාවට ඇතුළු වී අසුන් ගත්තෝ ය.
එහෙත් ජුදෙව්වරු එම ජනකාය දැක, ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුලු කී කාරණාවලට විරුද්ධ ව කතා කරමින් අපහාස කළහ.
තවද ඔව්හු ඉකෝනියෙහි දී ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවලට ඇතුළු වී දේශනා කළහ. ඒ ඇසූ ජුදෙව්වන්ගෙන් ද ග්‍රීක්වරුන්ගෙන් ද මහත් සමූහයක් අදහාගත්හ.
ඔවුන් එසේ කී නමුත්, තමනට පූජා ඔප්පු කිරීමෙන් ජනයා වළක්වා ගත හැකි වූයේ ඉතා අමාරුවෙනි.
එහෙත් අදහා නොගත් ජුදෙව්වරු විජාතීන් කළඹා, ඔවුන්ගේ සිත් සහෝදරයනට විරුද්ධ ව පෙළඹුවහු ය.
ඔව්හු ඒ නුවර සුබ අස්න දේශනා කොට, බොහෝ දෙනෙකු ශ්‍රාවකයන් කර, ලුස්ත්‍රාවට ද ඉකෝනියට ද අන්තියෝකියට ද හැරී අවුත්,
එතැනින් නැව් නැඟී අන්තියෝකියට පැමිණියහ. ඔවුන් ඉෂ්ට කළ සේවය නිසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයට ඔවුන් කල්මත්තෙන් භාර දෙන ලද්දේ මේ අන්තියෝකියේ දී ය.
ඒ නගරයේ ජනයා දෙකට බෙදී සමහරෙක් ජුදෙව්වරුන්ගේ පක්ෂය ද අන් සමහරෙක් ප්‍රේරිතවරයන්ගේ පක්ෂය ද ගත්හ.
විජාතීන් ද ජුදෙව්වරුන් ද තමන්ගේ ප්‍රධානීන් සමඟ ඔවුන්ට නිග්‍රහ කරන්නටත් ගල් ගසන්නටත් අදහස් කළ කල්හි,
එහෙත් පාවුලු බෙරියාවෙහිදීත් දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළ බව ඇසූ තෙසලෝනිකයේ ජුදෙව්වරු එතැනට පැමිණ, සමූහයා අවුස්සා කැළඹීමක් ඇති කළෝ ය.
ඔබගේ සාක්ෂිකාර වූ ස්තේපන් මරනු ලැබූ කල, මමත් ළඟ සිට, එය අනුමත කරමින් ඔහු මැරූවන්ගේ වස්ත්‍ර බලාගත්තෙමි’යි කීවෙමි.
ඔහු නුවරින් පිටතට ඇද ඔහුට ගල් ගැසූ හ. සාක්ෂිකාරයෝ තමන්ගේ ඇඳුම් සාවුල් නම් යෞවනයෙකුගේ පාමුල තැබූ හ.
සහෝදරවරුනි, මම දිනපතා මරණය විඳිමි. මා එසේ කියන්නේ අප ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඔබ ගැන මට ඇති ආඩම්බරය නිසා ය.
ඔව්හු ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෝ ද? මම ඊටත් වැඩියෙන් උන් වහන්සේගේ සේවකයෙක් වෙමි. මා එසේ කියන්නේ උමතු වූවෙකු මෙනි. ඔවුන්ට වඩා මම බොහෝ සේ වෙහෙසමහන්සි වූයෙමි. වඩා වාර ගණනක් මම සිරගත වූයෙමි. අප්‍රමාණ ව මම කස පහර ලදිමි. බොහෝ විට මරුමුවට පවා ළං වී සිටියෙමි.
තුන් වරක් මම වේවැල්වලින් තැළුම් කෑවෙමි. එක වරක් ගල් ගසනු ලැබීමි. තුන් වරක් නැව විනාශ වීමේ උවදුරට භාජන වීමි. මුළු රැයක් හා දවාලක් මම මුහුදේ සිටියෙමි.
මාගේ අනේක ගමන්වල දී, ගංගා උවදුරුවලට ද සොර උවදුරුවලට ද ස්වජාතික ජුදෙව්වරුන්ගෙන් පැමිණි උවදුරුවලට ද විජාතිකයන්ගෙන් පැමිණි උවදුරුවලට ද නගරවල උවදුරුවලට ද වනයෙහි උවදුරුවලට ද මුහුදේ උවදුරුවලට ද ව්‍යාජ සහෝදරයන්ගෙන් පැමිණෙන උවදුරුවලට ද භාජන වුණෙමි.
සහෝදරවරුනි, ක්‍රිස්තියානි සහභාගිකමට ඇතුළත් ජුදයේ දෙවියන් වහන්සේගේ සභාවන්ට සිදු වූ දෙය ම ඔබටත් සිදු විය. ඔවුන් ජුදෙව්වරුන්ගෙන් පීඩා ලැබූ ලෙස ම ඔබත් ඔබගේ ම රටවැසියන්ගෙන් පීඩා ලැබුවහු ය.
අන්තියෝකියේදීත්, ලුස්ත්‍රාවේදීත්, ඉකොනියේදීත්, මට ඇති වුණු පීඩා හා දුක්විඳීම් ද ඔබ දන්නෙහි ය. ඒ සියල්ලෙන් ම සමිඳාණන් වහන්සේ මා මිදූ සේක.