Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 11:23 - Sinhala New Revised Version

23 ඔව්හු ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෝ ද? මම ඊටත් වැඩියෙන් උන් වහන්සේගේ සේවකයෙක් වෙමි. මා එසේ කියන්නේ උමතු වූවෙකු මෙනි. ඔවුන්ට වඩා මම බොහෝ සේ වෙහෙසමහන්සි වූයෙමි. වඩා වාර ගණනක් මම සිරගත වූයෙමි. අප්‍රමාණ ව මම කස පහර ලදිමි. බොහෝ විට මරුමුවට පවා ළං වී සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 ඔවුහු ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයෝ ද? ඊට වැඩියෙන් මා එබන්දෙකැයි උමතු වූවකු සේ කියමි. ඒ වඩාත් වෙහෙසී වැඩ කිරීමෙනි; වඩ වඩා සිරගත කරනු ලැබීමෙනි; ගණන් නැතිව පහර කෑම් ලැබීමෙනි; බොහෝ වර මරු කටට ළං වීමෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඔව්හු ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෝ ද? මම ඊටත් වැඩියෙන් උන් වහන්සේගේ සේවකයෙක් වෙමි. මා එසේ කියන්නේ උමතු වූවෙකු මෙනි. ඔවුන්ට වඩා මම බොහෝ සේ වෙහෙසමහන්සි වූයෙමි. වඩා වාර ගණනක් මම සිරගත වූයෙමි. අප්‍රමාණ ව මම කස පහර ලදිමි. බොහෝ විට මරුමුවට පවා ළං වී සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 ඔව්හු ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයෝද? මම වැඩිවශයෙන් එසේයයි සිහිමුළාවූ කෙනෙකු මෙන් කියමි. එසේ වන්නේ බොහෝ වැඩවලිනුත්, වැඩිවශයෙන් හිරගෙට යාමෙනුත්, අප්‍රමාණලෙස පහරකෑමෙනුත්, බොහෝ වර මරණ උපද්‍රවයෙනුත් යන මේවායින්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 11:23
43 හුවමාරු යොමු  

වැදගැන්මකට නැති අය මෙන් ගණන්ගැනුණත්, බොහෝ දෙනා පිළිගත් අය වීමු. මළා වූ අය මෙන් ගණන්ගැනුණත්, බලන්න, අපි ජීවත් ව සිටිමු. ලබන අය මෙන් ගණන්ගැනුණත් නොමැරී සිටිමු.


අලුත් ගිවිසුමේ සේවකයන් වීමේ හැකියාව දුන්නේ උන් වහන්සේ ය. ඒ ගිවිසුම ලිඛිත නීතියෙන් නොව ශුද්ධාත්මයාණන්ගෙනි. ලිඛිත නීතිය මරණය ගෙන දෙයි. ශුද්ධාත්මයාණෝ ජීවනය ගෙන දෙති.


එහෙත් මම යම් තත්ත්වයකට පැමිණ සිටිම් ද, එසේ පැමිණ සිටින්නේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ය. උන් වහන්සේ මට දුන් වරප්‍රසාදය නිෂ්ඵල නො වී ය. ඇත්තට ම මම ඔවුන් සියල්ලන්ට ම වඩා බොහෝ සෙයින් වැඩ කෙළෙමි. එහෙත් එසේ කෙළේ මා නොව මා තුළ වූ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ය.


මේ සඳහා, මා තුළ බලවත් සේ ක්‍රියා කරන ක්‍රිස්තුන් වහන්සේගේ බල මහිමයේ ප්‍රකාරයට දිරි දරමින් වීර්ය කරමි.


ඔබ උදෙසා මා විඳින දුක් ගැන දැන් මම ප්‍රීති වෙමි. මගේ ඒ ශාරීරික දුක් විඳීම හේතුකොටගෙන, ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන් වහන්සේගේ දුක් විඳීමේ ඌනතා සම්පූර්ණ කිරීමට මම සහාය වෙමි.


ඔහු මාගේ නාමය නිසා කොපමණ දුක් විඳින්න ඕනෑ ද කියා ඔහුට දක්වන්නෙමි”යි වදාළ සේක.


එසේ නොකර, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ තානාපතියෙකු වන, දැන් උන් වහන්සේ උදෙසා හිරකාරයෙකු ව සිටින, පාවුලු නම් මම, ඉතා ආදරයෙන් ඔබගෙන් ඉල්ලීමක් කරමි.


අපරාධකරුවෙකු මෙන් යදමින් බඳිනු ලැබ දුක් විඳින්නට මට සිදු වී තිබෙන්නේ ඒ නිසා ය. එහෙත් දේව වාක්‍යය, බැඳ තැබිය නොහැකි ය.


අපොල්ලොස් කවරෙක් ද? පාවුලු කවරෙක් ද? ඔව්හු සමිඳාණන් වහන්සේ ඒ අයට දුන් ප්‍රකාර ඔබ ඇදහිල්ලට පැමිණවූ සේවකයෝ ය.


ඔබ සිරකරුවන් ව සිටි අයගේ දුක් වේදනාවලට සහභාගි වූවා පමණක් නොව, වඩා විශිෂ්ට දිරා නොයන වස්තුවක් ඔබට ඇති බව දැන, ඔබේ දේපළ කොල්ලකෑම ප්‍රීතියෙන් ඉවසාගත්තහු ය.


ඔනේසිපොරස්ගේ පවුලේ අයට සමිඳාණන් වහන්සේගේ කරුණාව ලැබේ වා! මන්ද, ඔහු බොහෝ වර මට සැනසිල්ලක් විය. ඔහු මා සිරගත වීම ගැන ලජ්ජා නොවූවා පමණක් නොව,


එහෙයින් අපේ සමිඳාණන් වහන්සේ උදෙසා සාක්ෂි දැරීම ගැනත්, උන් වහන්සේගේ සිරකරුවා වන මා ගැනත්, ලජ්ජා නොවන්න. එහෙත් දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා, සුබ අස්න වෙනුවෙන් දුක් විඳීමෙහි පංගුකාරයෙක් වන්න.


මේවා සහෝදරයන්ට ප්‍රකාශ කරන්නෙහි නම්, ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හොඳ සේවකයෙක් වන්නෙහි ය. එවිට ඔබ අනුගමනය කරන ඇදහිල්ලේ වචන ද සම්‍යක් ධර්මය ද ඉගැන්වීමෙන් පෝෂණය වන්නේ ය.


අපි තිමෝතියස් එවීමු. ඔහු වනාහි අපගේ සහෝදරයා ද, ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න ප්‍රකාශ කිරීමේ දෙවියන් වහන්සේගේ හවුල් සේවකයා ද වේ. අප ඔහු එවූයේ මේ පීඩාවලින් කිසිවෙකු චංචල නොවන ලෙස, ඔබගේ ඇදහිල්ලෙහි ස්ථිර ව සිටීමට ඔබට ධෛර්ය දෙන පිණිස ය.


ඔබගේ ඇදහිල්ල නමැති පූජාවත් සේවයත් මත මා ද පූජාවක් ලෙස ඔප්පු කරනු ලැබුවත් සන්තෝෂ වෙමි. ඔබ හැම සමඟ ප්‍රීති වෙමි.


මා සිරගත වීම ක්‍රිස්තුන් වහන්සේ නිසා වූ බව රාජකීය මුර සෙබළුන් ද සෙසු අය ද දැනගෙන ඇත.


සිරගත ව සිටින මම, ඒ සුබ අස්න වෙනුවෙන් තානාපතියෙක් වෙමි. ඒ ගැන යුතු ලෙස අභීත ව කතා කිරීමට මට හැකි වනු පිණිස යාච්ඤා කරන්න.


එබැවින්, දෙවියන් වහන්සේගෙන් ඔබ ලත් කැඳවීමට ඔබින ලෙස හැසිරෙන මෙන් සමිඳාණන් වහන්සේ උදෙසා හිරකාරයෙකු වන මම ඔබෙන් උදක් ම ඉල්ලමි.


මේ කාරණය නිසා ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හිරකාරයෙකු වන පාවුලු නම් මම, විජාතීන් වූ ඔබ උදෙසා යාච්ඤා කරමි.


එහෙත් ඔබ මහ ඉහළින් සලකන ඔය ප්‍රේරිතයන්ට වඩා මම කිසිසේත් පහත් යයි නොසිතමි.


කරුණු ඇති සැටි සිතා බලන්න. යමෙක් තමා ක්‍රිස්තුන් වහන්සේට අයිති යයි සිතාගනී නම්, ඔහු මෙන් අපත් ක්‍රිස්තුන් වහන්සේට අයිති බව සිතට ගනීවා.


අපගේ මැරෙනසුලු ශරීරයේ ජේසුස් වහන්සේගේ ජීවනය ප්‍රකාශ වන පිණිස, අපි ජීවත් ව සිටිය දී නිතර ම මරණයට පාවා දෙනු ලැබ සිටිමු.


ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති ලෙස: “දවස පුරා අපි ඔබ නිසා මරුමුවට පත් වෙමු. ඝාතනයට වෙන් කළ බැටළුවන් මෙන් ගණන් ගනු ලැබුවෙමු.”


පාවුලු තමා කුලියට ගත් ගෙයි දෑවුරුද්දක් වාසය කරමින්, තමා වෙත පැමිණි සියල්ලන් පිළිගෙන,


අප රෝමයට පැමිණි කල, තමා මුර කළ හේවායා සමඟ තනියම සිටින්නට පාවුලුට අවසර ලැබුණේ ය.


ඉතාලියට නැව් නැඟී යන්නට තීරණය කරනු ලැබූ විට, පාවුලු සමඟ තවත් සිරකාරයෝ සමහර දෙනෙක්, අගොස්තීනු නම් බලඇණියේ, ජුලියස් නම් ශතාධිපතියාට භාර දෙන ලද්දෝ ය.


ඔවුන් බොහෝ දවස් එහි නැවතී සිටිය දී ෆෙස්තුස් පාවුලු පිළිබඳ කාරණය රජුට දන්වමින්, “ෆීලික්ස් නිදහස් නොකර ගිය එක් සිරකරුවෙක් මෙහි සිටියි.


ඔහු පාවුලුගේ ඉඟපටිය රැගෙන එයින් තමාගේ ම අත් පා බැඳ ගෙන, “ජුදෙව්වරුන් මේ ඉඟපටිය අයිති මිනිසා ජෙරුසලමේ දී මේ ආකාරයෙන් බැඳ විජාතීන්ගේ අත්වලට පාවා දෙති යි ශුද්ධාත්මයාණන් වහන්සේ කියන සේකැ”යි පැවසී ය.


එහෙත් සිරගත වීම් හා පීඩා ද මට පැමිණේ යයි, ශුද්ධාත්මයාණන් වහන්සේ සියලු නගරවල දී දැනුම් දුන් බව හැර අන් කිසිවක් නොදනිමි.


එහෙත් අන්තියෝකියෙන් ද ඉකෝනියෙන් ද ජුදෙව්වරු අවුත් සමූහයන් පොළඹවා ගෙන, පාවුලුට ගල් ගසා, ඔහු මළහ යි සිතා නුවරින් පිටතට ඇද්දෝ ය.


ඔබ අප ගැන සිතිය යුත්තේ, ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයන් ද දෙවියන් වහන්සේගේ අබිරහස් පිළිබඳ භාරකාරයන් ද හැටියට ය.


ජෙරමියා බාරුක්ට අණ කරමින් මෙසේ කීවේ ය: “මා හිරඅඩස්සි වී සිටින බැවින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වීමට මට නොහැකි ය.


මට පෙනෙන්නේ, දෙවියන් වහන්සේ ප්‍රේරිතවරයන් වන අප මරණයට නියම කළ අය මෙන්, අන්තිම තැන අපට දී තිබෙන බව යි. මෙලෙස අපි දේව දූතයන් හා මනුෂ්‍යයන් හා ඇතුළු මුළු ලොවට ම ප්‍රසිද්ධ ප්‍රදර්ශනයක් වී සිටිමු.


මේ මොහොත දක්වා ම අපි කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළෙමු. වැරහැලි අඳිමු; පහර ලබමු; ගෙයක්දොරක් අපට නැත.


මින් මතු කිසිවෙක් මට කරදර නොකෙරේ වා. මන්ද, මම මාගේ ශරීරයේ ජේසුස් වහන්සේගේ නිවරණ දරමි.


අන්තියෝකියේදීත්, ලුස්ත්‍රාවේදීත්, ඉකොනියේදීත්, මට ඇති වුණු පීඩා හා දුක්විඳීම් ද ඔබ දන්නෙහි ය. ඒ සියල්ලෙන් ම සමිඳාණන් වහන්සේ මා මිදූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්