ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 13:47 - Sinhala New Revised Version

මන්ද, සමිඳාණන් වහන්සේ අපට මෙසේ අණ කළ සේක: ‘ලොව පුරා ගැළවීම ගෙන දෙන පිණිස විජාතීන් අතර පහන් එළියක් ලෙස මම ඔබ තැබුවෙමි.’ “

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

මන්ද ස්වාමින්වහන්සේම අපට නියෝග කොට ඇත්තේ මෙයයි: “ ‘පොළෝ සීමා කෙළවරවල් දක්වාම මාගේ ගැලවීම ගෙනෙනු පිණිස, මම අන්‍ය-ජාතීනට ඔබ එළියක් කරන්නෙමි.’ යනුවෙනැ” යි පැවසූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මන්ද, සමිඳාණන් වහන්සේ අපට මෙසේ අණ කළ සේක: ‘ලොව පුරා ගැළවීම ගෙන දෙන පිණිස විජාතීන් අතර පහන් එළියක් ලෙස මම ඔබ තැබුවෙමි.’ ”

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද ස්වාමීන්වහන්සේ අපට මෙසේ අණකළසේක, කෙසේදයත්: නුඹ පොළොවේ සීමා දක්වා ගැළවීම වන පිණිස අන්‍යජාතීන්ට නුඹ එළියක් කොට තැබුවෙමියි කියා තිබේයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 13:47
35 හුවමාරු යොමු  

“මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න. මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න. මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්‍රදානය කර ඇත. සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත.


“යුක්තිය පිහිටුවන පිණිස සමිඳාණන් වන මම නුඹ කැඳවාගතිමි. මම නුඹ අතින් ගෙන නුඹ හැඩගැසීමි. සෙනඟ හා මා අතර ගිවිසුමක් වන පිණිසත්, සියලු ජාතීන් අතර ආලෝකයක් වන පිණිසත් මම නුඹ පත් කෙළෙමි.


ලෝ වැසි සියල්ලෙනි, මා වෙත එන්න; දැන් මාගේ ගැළවීම ලබාගන්න. මා හැර අන් දෙවි කෙනෙක් නොමැත.


එතුමාණෝ මට මෙසේ වදාළ සේක: “ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් එනම්, ජාකොබ් වංශයේ ජනයා නැඟිටුවා පුනරුත්ථාපනය කිරීමට මාගේ සේවකයා ලෙස නුඹ පත් කිරීම සුළුපටු දෙයක් නොවනු ඇත. එනම්, මුළු ලොව ගළවනු පිණිස සියලු ජාතීන් හට නුඹ ආලෝකයක් වන්න මම සලස්වන්නෙමි.”


සමිඳාණෝ ජාතීන් ඉදිරියේ සියොනට ශුද්ධ බලය පෑ සේක. අපේ දෙවිඳුන්ගේ ගැළවීම ලොවේ සීමාන්තයෝ දකිති.


ජාතීන් ඔබේ ආලෝකය වෙතටත්, රජවරුන් උදා වන ඔබේ දීප්තිය දෙසටත් පැමිණෙනු ඇත.


සමිඳුනි, ඔබ වහන්සේ මාගේ බලය ද බලකොටුව ද විපත්ති දවසේ දී මාගේ රැකවරණය ද වන සේක. විජාතීහු පොළොවේ සීමාවලින් ඔබ වෙත අවුත් කතා කොට, “අපේ පියවරු වැඩකට නැති බොරු දෙවිවරුන්ට ගැති ව සිටියහ.


“එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුදේ වැලි මෙන් ගිණිය නොහැකි, මැනිය නොහැකි තරම් විශාල සංබ්‍යාවක් වන්නෝ ය. ‘නුඹලා මාගේ සෙනඟ නොවන්නහු ය’යි කියනු ලැබූ ස්ථානයේ දී ම, ‘නුඹලා ජීවමාන දෙවියන් වහන්සේගේ දරුවෝ ය’යි කියනු ලබන දවස පැමිණෙන්නේ ය.


එවිට ඉශ්රායෙල් ජනයා, ඒදොම් රටේ ඉතිරි අය ද, මට හිමි ව තිබුණු ජාතීන් ද අයිති කර ගන්නෝ ය.” මෙසේ වදාරන්නේ, මෙය ඉටුවන්නට සලස්වන සමිඳාණන් වහන්සේ ය.


ජාකොබ්ගේ සෙනඟ අතරෙන් ඉතිරි කුඩා පිරිස බොහෝ ජාතීන් උදෙසා සමිඳාණන් වහන්සේ එවා වදාළ පිනි බිංදු මෙන් ද තණ මත වැහි බිංදු මෙන් ද වන්නෝ ය. ඔවුන්ගේ විශ්වාසය සමිඳාණන් වහන්සේ කෙරෙහි මිස මිනිසා කෙරෙහි නොවන්නේ ය.


ඒ කාලයේ දී බොහෝ ජාතීහු සමිඳාණන් වහන්සේට එක් වී උන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය. උන් වහන්සේ ඔවුන් සමඟ වැඩවසන සේක. එවිට උන් වහන්සේ ඔබ වෙත මා එවූ බව ඔබ දැනගන්නහු ය.


ඉර උදා වන තැන් පටන් ඉර බැස යන තැන් දක්වා සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති. ඔව්හු සෑම තැන ම සුවඳ දුම් ද පිරිසිදු පූජා ද මට ඔප්පු කරති. සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.


එබැවින් ඔබ ගොස්, සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න; පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්න;


උන් වහන්සේ ඔවුන් අමතා, “ලොව පුරා ගොස් සකල සත්ත්වයා හට සුබ අස්න දේශනා කරන්න;


විජාතීන්ට එළිය දෙන ආලෝකය ද ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ මහිමය ද වේ.”


ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන්ට පසුතැවී සිත් හරවා ගැනීම ද පව් කමාව ද, උන් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්නට ද යුතු ම යයි ලියා ඇත.


එහෙත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල, ඔබ බලය ලබන්නහු ය. එවිට ඔබ ජෙරුසලමෙහි ද මුළු ජුදයෙහි හා සමාරියෙහි ද පොළොවේ සීමාන්තයන් දක්වා ද මාගේ සාක්ෂි කාරයෝ වන්නහු ය”යි වදාළ සේක.


එවිට උන් වහන්සේ මට කතා කොට, ‘යන්න, මම ඔබ බොහෝ ඈත, විජාතීන් වෙත යවන්නෙමි’යි වදාළ සේකැ”යි පැවසී ය.


එනම්, ක්‍රිස්තුන් වහන්සේ දුක් විඳින්නට ඕනෑ බවත්, සෙනඟට හා විජාතීන්ට ආලෝකය ප්‍රකාශ කිරීම සඳහා, සියල්ලනට පළමුවෙන් උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වෙන්නට ඕනෑ බවත් ය.”


එහෙත් සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “යන්න, මන්ද, ඔහු මාගේ නාමය විජාතීන් ද රජුන් ද ඉශ්රායෙල් පුත්‍රයන් ද වෙත ගෙනයාමට මා විසින් තෝරාගත් භාජනයකි.