Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ආමොස් 9:12 - Sinhala New Revised Version

12 එවිට ඉශ්රායෙල් ජනයා, ඒදොම් රටේ ඉතිරි අය ද, මට හිමි ව තිබුණු ජාතීන් ද අයිති කර ගන්නෝ ය.” මෙසේ වදාරන්නේ, මෙය ඉටුවන්නට සලස්වන සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එවිට ඉශ්රායෙල් ජනයා, ඒදොම් රටේ ඉතිරි අය ද, මට හිමි ව තිබුණු ජාතීන් ද අයිති කර ගන්නෝ ය.” මෙසේ වදාරන්නේ, මෙය ඉටුවන්නට සලස්වන සමිඳාණන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 වැටී තිබෙන දාවිත්ගේ මණ්ඩපය මම ඒ කාලයේදී පිහිටුවා, එහි කපොලු අහුරා, කඩාදමා තිබෙන දේද පිහිටුවා, පුරාණයේ දවස්වල මෙන් ඒක ගොඩනගන්නෙමියි මෙය කරන ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ආමොස් 9:12
17 හුවමාරු යොමු  

ඔව්හු මාගේ ම සෙනඟ ය; මාගේ මහිමය සඳහා නිර්මාණය කොට, මවා වදාළෙමි.”


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මාගේ සෙනඟට පිළිතුරු දෙන්න මා සූදානම් ව සිටි නමුත්, ඔව්හු මට යාච්ඤා නොකළහ. ඔවුන් හමුවීමට මා සූදානම් ව සිටි නමුත් ඔව්හු මා නොසෙවූ හ. ‘මම මෙහි ය, මම මෙහි ය’ කියා පිළිතුරු දෙන්න මා සූදානම් ව සිටි නමුත්, මේ ජාතිය මට යාච්ඤා නොකළහ.


ඔබ සිත් වියවුල් වූ මිනිසෙකු මෙන් ද යමෙකු ගළවන්නට බැරි බලවතෙකු මෙන් ද වී සිටින්නේ මන් ද? එහෙත් සමිඳුනි, ඔබ අප මධ්‍යයෙහි සිටින සේක. ඔබේ නාමයෙන් හැඳින්වෙන අපි ඔබේ සෙනඟ වමු; අප අත් නොහළ මැනව.’ “


ඔබ මට කතා කළ විට, මම ඒවාට සවන් දුන්නෙමි. ඒවා මට ප්‍රීතියක් ද මාගේ සිතට සතුටක් ද වේ. මන්ද, සියලු බලැති දෙවි ස්වාමීන් වහන්ස, මම ඔබේ නාමය දරමි.


අපි ඔබ විසින් කිසි කලක පාලනය නොකරන ලද්දවුන් මෙන් ද ඔබේ නාමය නොදරන ලද අය මෙන් ද වී සිටියෙමු.


ඔව්හු එකතු වී බටහිර වසන පිලිස්තිවරුන්ට පහර දෙන්නෝ ය; නැගෙනහිර වසන සෙනඟ කොල්ල කන්නෝ ය. ඔව්හු ඒදොම් සහ මෝවබ් ජාතීන් ජයගන්නෝ ය. අම්මොන් වැසියොත් ඔවුන්ට කීකරු වන්නෝ ය.


මෝවබ් පෙදෙස මාගේ පා දෝවන බඳුන වන්නේ ය; මාගේ පාවහන් ඒදොම් දේශයට වීසි කොට එය අයිති කරගන්නෙමි; පිලිස්තිය යටත් කොට ජය ඝෝෂා නඟන්නෙමි.”


ඊසාක් ද පිළිතුරු දෙමින් ඔහුට කියනුයේ, “බලන්න, මම ජාකොබ් නුඹේ අධිපතියා කෙළෙමි, ඔහුගේ සියලු සහෝදරයන් සේවකයන් කොට මම ඔහුට දුනිමි. ධාන්‍යයෙන් හා මිදියුසින් මම ඔහු සමෘද්ධ කෙළෙමි. මා පුත්‍රය, දැන් මා නුඹට කුමක් කරන්න දැ”යි ඇසී ය.


ජනයෝ නුඹට මෙහෙකරත් වා! ජාතීහු නුඹට හිස නමත් වා! සොහොයුරන්ගේ අධිපති නුඹ වේ වා! නුඹේ මවගේ පුත්තු නුඹට හිස නමත් වා! නුඹට සාප කරන්නාට සාප වේ වා! නුඹට ආසිරි දෙන්නාට ආසිරි ලැබේ වා!”


ඒසව්ගේ පරම්පරාවෙන් පැවත එන ඒදොම්වරුන්, “අපේ නගර විනාශ වී ඇතත් අපි නැවත ඒවා ගොඩනඟන්නෙමු”යි කීවොත්, සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: “ඔවුන් ගොඩනඟන නමුත් මම නැවත ඒවා කඩාදමන්නෙමි. ඒදොම් වනාහි ‘දුෂ්ට පළාත’ කියා ද ‘සදහට ම සමිඳාණන් වහන්සේගේ උදහසට ලක් වී ඇති ජාතියක්’ කියා ද සෙනඟ කියනු ඇත.


නුඹලාගේ දූ දරුවන් මම ජුදා වැසියන් අතට විකුණන්නෙමි. ජුදා වැසියන් ඔවුන් දුරබැහැර සේබියන්වරුන්ට විකුණනු ඇත. සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්