නුඹට ආසිරි පතන අයට මමත් ආසිරි පතමි. නුඹට දෙස් තබන අයට මමත් දෙස් තබමි. නුඹ මගෙන් ආසිරි ලත් අයුරින් මිහි මත සව් සත ආසිරි ලබනු ඇතැ”යි වදාළ සේක.
ක්‍රියා 13:32 - Sinhala New Revised Version එබැවින් ‘දෙවියන් වහන්සේ පියවරුනට දුන් පොරොන්දුව ජේසුස් වහන්සේ උත්ථාන කිරීමෙන් අපේ දරුවනට ඉෂ්ට කළ සේක’ යන සුබ අස්න ඔබ වෙත ගෙනෙමු. ඒ බව, ‘ඔබ මාගේ පුත්‍රයාණෝ ය, අද ඔබ ජනිත කෙළෙමි’යි දෙ වන ගීතයෙහි ලියා තිබේ. සිංහල කාලීන පරිවර්තනය “අප ඔබට ප්‍රකාශ කරන්නේ මේ ශුභාරංචියයි. දෙවියන්වහන්සේ අපේ පියවරුනට දුන් පොරොන්දුව Sinhala New Revised Version 2018 එබැවින් ‘දෙවියන් වහන්සේ පියවරුනට දුන් පොරොන්දුව ජේසුස් වහන්සේ උත්ථාන කිරීමෙන් අපේ දරුවනට ඉෂ්ට කළ සේක’ යන සුබ අස්න ඔබ වෙත ගෙනෙමු. ඒ බව, ‘ඔබ මාගේ පුත්‍රයාණෝ ය, අද ඔබ ජනිත කෙළෙමි’යි දෙ වන ගීතයෙහි ලියා තිබේ. Sinhala Revised Old Version එබැවින් දෙවියන්වහන්සේ පියවරුන්ට දුන් පොරොන්දුව යේසුස්වහන්සේව නැගිටවීමෙන් අපේ දරුවන්ට සම්පූර්ණයෙන් ඉෂ්ටකළසේකැයි යන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමුව. |
නුඹට ආසිරි පතන අයට මමත් ආසිරි පතමි. නුඹට දෙස් තබන අයට මමත් දෙස් තබමි. නුඹ මගෙන් ආසිරි ලත් අයුරින් මිහි මත සව් සත ආසිරි ලබනු ඇතැ”යි වදාළ සේක.
අහසේ තරු මෙන්, ඔබ පෙළපත මම වැඩි කරමි. මේ මුළු රට ඔබේ පෙළපතට මම දෙමි. මිහි පිට සියලු ජාතීහු, ඔබ මඟින්, තමන්ට ආශීර්වාද කරගන්නාහ.
තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය සහ ඇගේ වංශය අතර ද බද්ධ වෛරය තබන්නෙමි. ඔහු තගේ හිස පොඩි කරන්නේ ය; තෝ ද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහි ය.”
රාජ ජයකොන්තය හිමි තැනැත්තා එන තෙක්, ජුදා කෙරෙන් එය පහනොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහනොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති,
“දාවිත්ගේ රජ පෙළපත නමැති වෘක්ෂයෙන් රාජාංකුරයක් හටගන්නේ ය. එහි මුල්වලින් අලුත් පැළයක් නැඟී එන්නේ ය.
සියොන්ට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, උස් කන්දට නඟින්න; සියොන්ට සුබ ආරංචිය දන්වන්න. ජෙරුසලමට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, හඬ නඟා ප්‍රකාශ කරන්න; බිය නොවී උස් හඬින්, “ඔබේ දෙවිඳාණෝ වඩින සේකැ”යි ජුදාහි නගරවලට ප්‍රකාශ කරන්න.
සියොන්ට සුබ ආරංචිය පළමු වරට ප්‍රකාශ කෙළේ මම ය. ‘නුඹලාගේ සෙනඟ එති, ඔව්හු ගෙදර එති’යි ප්‍රකාශ කරන පිණිස ජෙරුසලමට දූතයෙකු යැව්වේ මම ය.
සුබ ආරංචි ගෙන එන, සාමය ප්‍රකාශ කරන, යහපත ගැන සුබසුන් පළ කරන ගැළවීම ගැන ලොවට දන්වන, “නුඹේ දෙවි තුමාණෝ රජකම් කරන සේකැ”යි සියොනට කියන, කඳු මුඳුන්හි පෙනෙන දූතයාගේ පාද කොපමණ අලංකාර වන්නේ ද?
මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. දිළිඳුන්ට සුබ අස්න දෙසීමට ද බිඳුණු සිත් ඇත්තන්ට සුව සෙත දීමට ද වහලුන්ට මිදීම දානය කරන්න ද සිරකරුවන්ට නිදහස දන්වන්න ද එතුමාණෝ මා ආලේප කළ සේක.
සමිඳාණන් වහන්සේ ම නුඹලාට ලකුණක් දෙන සේක. බලන්න, කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නී ය; එම්මානුවෙල් යන නම ඔහුට තබන්නී ය.
“ස්වාමීන් වන මම මෙසේ වදාරමි: දාවිත්ගේ පෙළපතින් දැහැමි රජ කෙනෙකු නැඟී එන කාලය පැමිණෙන්නේ ය. එතුමාණන් නැණනුවණින් රජකම් කරමින්, දැහැමිකමත් යුක්තියත් දේශය මුළුල්ලේ ඉටු කරනු ඇත.
ඔවුන් පෝෂණය කිරීමට එක ම එඬේරෙකු වන මාගේ සේවක දාවිත් වැනි රජ කෙනෙකු ඔවුන් කෙරෙහි පත් කරන්නෙමි. හෙතෙම ඔවුන් පෝෂණය කොට ඔවුන්ගේ එඬේරා වන්නේ ය.
“එම්බා බෙත්ලෙහෙම් එප්‍රාතා! තී ජුදාහි ගෝත්‍රවලින් ඉතා අල්ප වන්නෙහි ය. එහෙත්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැඟී එන්නේ ය. එතුමන්ගේ පෙළපතේ මුල දුරාතීතයෙන් ද පැරණි යුගයෙන් ද එන්නකි.”
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී පාපය හා රූප වන්දනාවෙන් දාවිත්ගේ ගෝත්‍රය ද ජෙරුසලමේ වැසියන් ද පවිත්‍ර කරන පිණිස උල්පතක් ඇරෙන්නේ ය.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා කඩුව! පිබිද මාගේ එඬේරාට එනම්, සහකාර මිනිසාට පහර දෙන්න; එඬේරාට පහර දෙන්න. එවිට බැටළු රැළ විසිර යනු ඇත. මාගේ දුබල වූවන්ට මම පහර දෙන්නෙමි.
‘සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ’යි ඔහුට කියන්න. ‘පැළෑටිය’ කියා නම් කරන ලද තැනැත්තා මොහු ය. ඔහු මේ ස්ථානයේ වර්ධනය වී සමිඳාණන් වහන්සේගේ මාලිගාව නැවත ගොඩනඟන්නේ ය.
සියොන් පුරඟන, ප්‍රීති ප්‍රමෝද වන්න; ජෙරුසලම් පුරඟන සොම්නස් හඬ නඟන්න. ඔබේ රජතුමාණෝ ඔබ වෙත වඩින සේක. එතුමාණෝ, ජයාන්විත විජයශ්‍රීයෙන් පැමිණෙන සේක. යටහත් සිතින් කොටළුවෙකු පිට නැඟ, එසේ ය, කොටළු දෙනකගේ පැටවෙකු පිට නැඟ පැමිණෙන සේක.
මෙයට සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: “මට පෙරටු ව ගොස් මාගේ මාර්ගය පිළියෙළ කරන්නාවූ මාගේ දූතයා මම එවන්නෙමි. එවිට නුඹලා සොයමින් සිටින සමිඳාණන් වහන්සේ හදිසියෙන් තමන් දේව මාලිගාවට වඩින සේක. නුඹලා පුල පුලා බලා සිටින දූතයා පැමිණ මාගේ ගිවිසුම ප්‍රකාශ කරනු ඇත.”
එහෙත්, මාගේ නාමයට ගරුබිය දක්වමින්, ජීවත්වන නුඹලාට ධර්මිෂ්ඨකම නමැති සූර්යයා සිය රැස්වල සුවසහනය ඇති ව උදාවන්නේ ය. ගාලෙන් පිට වී දුව පැන යන වහු පැටවුන් මෙන් නුඹලා ප්‍රීති වන්නහු ය.
දේව දූතයා පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ අබිමුවෙහි සේවා කරන ගාබ්‍රියෙල් මම ය; මා එවන ලද්දේ ඔබ සමඟ කතා කරන්නටත්, මේ සුබ ආරංචිය ඔබට පවසන්නටත් ය.
එහෙත් දේව දූතයා ඔවුන්ට කතා කොට, “බිය නොවන්න; මෙන්න, සකල ජනයා හට ඉතා ආනන්දජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි.
උන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන සාමයේ සුබ අස්න ප්‍රකාශ කරමින් ඉශ්රායෙල් පුත්‍රයනට දහම් පණිවුඩය දුන් සේක. ඒ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සියල්ලන්ගේ සමිඳාණෝ ය.
දෙවියන් වහන්සේ පොරොන්දු දුන් ලෙස, ඔහුගේ පරපුරෙන් ඉශ්රායෙල් සෙනඟට ජේසුස් නම් ගැළවුම්කාරයෙකු දෙවා වදාළ සේක.
“මනුෂ්‍යයිනි, ඔබ මේ දේවල් කරන්නේ මන් ද? අපිත් ඔබ හා සමාන මිනිස්සු ය, ඔබ මේ නිෂ්ඵල දේවලින් දුරු ව, අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැවූ, ජීවමාන දෙවියන් වහන්සේ වෙතට හැරෙන පිණිස සුබ අස්න ඔබ වෙත ගෙනෙමු.
එහෙත් දෙවියන් වහන්සේ අපේ පියවරුන්ට දුන් පොරොන්දුව කෙරේ විශ්වාසය තැබීම ගැන දැන් මම විනිශ්චය කරනු ලබන්නට සිටිමි.
තවද ඔව්හු, දිනපතා ම දේව මාලිගාවේ ද ගෙදරක් ගෙදරක් පාසා ද ඉගැන්වීමෙහිත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සුබ අස්න දේශනා කිරීමෙහිත් නිරත වූ හ.
බොහෝ කලකට පෙර දෙවියන් වහන්සේ ස්වකීය දිවැසිවරයන් මඟින් ඒ සුබ අස්න ගැන ශුද්ධ ලියවිල්ලෙහි පොරොන්දු දුන් සේක.
යවනු නොලැබුවොත් දේශනා කරන්නේ කෙසේ ද? මේ පිළිබඳ ව: “සුබ අස්න ගෙන එන ධර්ම දූතයන්ගේ පාද කොතරම් මනහර ද?” කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත.
ආබ්‍රහම්ට හෝ ඔහුගේ දරු පෙළපතට හෝ ලෝකය උරුම වන්නේ ය යන පොරොන්දුව කිසි සේත් නීතිය පිළිපැදීම නිසා ඇති වූවක් නොවේ. එය ඇති වූයේ ඇදහිල්ල නිසා සිදු වන දමිටු බව හේතුකොටගෙන ය.
ඔව්හු ඉශ්රායෙල්වරු ය, දේව පුත්‍රකමට පිළිගනු ලැබීම හා මහිමය ඔවුන්ගේ ය. ගිවිසුම් හා ව්‍යවස්ථාව ද දේව සේවය හා පොරොන්දු ද ඔවුන් සතු ය.
දෙවි සමිඳාණන් වහන්සේ ඔබ අතරෙන් ද ඔබේ සහෝදර ජනතාව අතරෙන් ද මා හා සමාන දිවැසිවරයෙකු පත් කරන සේක. ඔබ ඔහුට සවන් දිය යුතු ය.