ඉශ්රායෙල් රජ ද ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ද රාජකීය වස්ත්‍ර පැළඳගෙන, සමාරියේ වාසල් දොරටුවෙන් පිටත එළිමහන් තැනක තම තමන්ගේ සිංහාසනවල වාඩි වී සිටියෝ ය. සියලු දිවැසිවරු ඔවුන් ඉදිරිපිට දිවැස් වැකි කී හ.
ක්‍රියා 12:21 - Sinhala New Revised Version නියම කරගත් දවසක හෙරොද් තෙමේ රාජාභරණ පැළඳ සිංහාසනාරූඪ වී, ජනතාව ඇමතුවේ ය. සිංහල කාලීන පරිවර්තනය නියම කර ගත් දින හෙරෝද් රාජාභරණයෙන් සැරසී සිහසුන අරා හිඳ ජනයා අමතන්නට වන්නේ ය. Sinhala New Revised Version 2018 නියම කරගත් දවසක හෙරොද් තෙමේ රාජාභරණ පැළඳ සිංහාසනාරූඪ වී, ජනතාව ඇමතුවේ ය. Sinhala Revised Old Version නියම දවසක හෙරොද් රාජාභරණ පැළඳ සිංහාසනය පිට හිඳ, ඔවුන්ට ප්‍රසිද්ධ කථාවක් කෙළේය. |
ඉශ්රායෙල් රජ ද ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ද රාජකීය වස්ත්‍ර පැළඳගෙන, සමාරියේ වාසල් දොරටුවෙන් පිටත එළිමහන් තැනක තම තමන්ගේ සිංහාසනවල වාඩි වී සිටියෝ ය. සියලු දිවැසිවරු ඔවුන් ඉදිරිපිට දිවැස් වැකි කී හ.
පාතාල ලෝකය ඔවුන් ගිලින්න කට අයාගෙන සිටියි. එය ජෙරුසලමේ ප්‍රභූවරුන් ද කෑ කෝ ගසන කලබලකාරී පොදු සමූහයා ද ගිලගනියි.
අපට පෙනෙන හැටියට නම් වාසනාව ඇත්තේ උඩඟු අයට ය; දියුණු වන්නේ නපුරුකම් කරන අය ය. ඔව්හු දෙවියන් වහන්සේ පරීක්ෂා කරතත් නිදහස් ව සිටිති’යි නුඹලා කියන්නහු ය.”
තවද, ඔහු විනිශ්චයාසනයෙහි සිටිය දී, ඔහුගේ භාර්යාව, “ඒ නිදොස් මනුෂ්‍යයාට කිසිවක් නොකරන්න. ඊයේ රෑ ඔහු නිසා මම සිහිනයකින් බොහෝ දුක් වින්දෙමි”යි පිලාත්ට කියා යැවුවා ය.
හෙරොද්, තීර් සහ සීදොන් වැසියන් කෙරෙහි දැඩි කෝපයෙන් සිටියේ ය. එහෙත් ඔව්හු එක්සිත් ව ඔහු වෙතට පැමිණ, රජවාසල නිලමේ වූ බ්ලාස්තුස්ගේ සිත දිනා ගෙන, සාමදානය ඉල්ලුවෝ ය. මක්නිසා ද යත්, ඔවුන්ගේ රටට ආහාර ලැබුණේ ඒ රජුගේ රටින් ය.
පස් දවසකට පසු උත්තම පූජක අනනියස්, සමහර ප්‍රජා මූලිකයන් ද තෙර්තුලස් නම් එක්තරා අධි නීතිඥයෙකු සමඟ අවුත් පාවුලුට විරුද්ධ ව ආණ්ඩුකාරයාට පැමිණිලි කෙළේ ය.
එසේ පසුවදා අග්‍රිපා ද බර්නිස් ද මහත් හරසරින් අවුත් ප්‍රධාන සේනාධිපතීන් හා නුවර ප්‍රභූන් හා සමඟ නඩු ශාලාවට පැමිණි කල, ෆෙස්තුස්ගේ ආඥාවෙන් පාවුලු එහි ගෙන්වන ලදී.