මුරකාරයා ද පළමු වන මිනිසාගේ දිවීම ශාදොක්ගේ පුත් අහීමයාශ්ගේ දිවීම හා සමාන බව මට පෙනේ ය”යි කීවේ ය. රජ ද, “ඔහු යහපත් මිනිසෙකි. යහපත් ආරංචි ඇතිව එන්නේ ය”යි කී ය.
ක්‍රියා 11:24 - Sinhala New Revised Version බාර්ණබස්, වනාහි යහපත් වූ ද ශුද්ධාත්මයාණන්ගෙන් හා ඇදහිල්ලෙන් පූර්ණ වූ ද මිනිසෙකි. මෙසේ මහත් සමූහයක් සමිඳාණන් වහන්සේ සරණ ගියහ. සිංහල කාලීන පරිවර්තනය බාර්ණබස්, ශුද්ධාත්මයාණන්ගෙන් හා ඇදහිල්ලෙන් පූර්ණ ගුණවත් මනුෂ්‍යයෙකි. මෙසේ ජනයාගෙන් ඉතා විශාල පිරිසක් ස්වාමින්වහන්සේ වෙතට ගෙනෙන ලදහ. Sinhala New Revised Version 2018 බාර්ණබස්, වනාහි යහපත් වූ ද ශුද්ධාත්මයාණන්ගෙන් හා ඇදහිල්ලෙන් පූර්ණ වූ ද මිනිසෙකි. මෙසේ මහත් සමූහයක් සමිඳාණන් වහන්සේ සරණ ගියහ. Sinhala Revised Old Version මක්නිසාද ඔහු යහපත්වූ ශුද්ධාත්මයෙන්ද ඇදහිල්ලෙන්ද පූර්ණවූ මනුෂ්‍යයෙක්ය. මහත් සමූහයක්ද ස්වාමීන්වහන්සේට එක්කරනලද්දෝය. |
මුරකාරයා ද පළමු වන මිනිසාගේ දිවීම ශාදොක්ගේ පුත් අහීමයාශ්ගේ දිවීම හා සමාන බව මට පෙනේ ය”යි කීවේ ය. රජ ද, “ඔහු යහපත් මිනිසෙකි. යහපත් ආරංචි ඇතිව එන්නේ ය”යි කී ය.
සත්පුරුෂයා සමිඳුන්ගෙන් ප්‍රසාදය ලබයි; එහෙත් දුෂ්ට උපා යොදන්නා එතුමාණෝ වරදට පත් කරන සේක.
යහපත් මිනිසා තමා රැස් කළ යහපත් දෙයින් යහපත් දේ පිටතට ගෙනෙයි. නපුරු මිනිසා තමා රැස් කළ නපුරු දෙයින් නපුරු දේ පිටතට ගෙනෙයි.
උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ යහපත ගැන මාගෙන් විචාරන්නේ මන් ද? යහපත් ව සිටින්නේ එක ම එක කෙනෙකි. එහෙත්, ඔබ ජීවනයට ඇතුළු වන්න කැමැත්තෙහි නම් ආඥා පිළිපදින්නැ”යි ඔහුට වදාළ සේක.
ජුදෙව් නුවරක් වූ අරිමාතියෙන් පැමිණි ජෝසෙප් නම් මනුෂ්‍යයෙක් විය. ඔහු යහපත් දැහැමි තැනැත්තෙකි. ජුදා මන්ත්‍රණ සභාවෙහි ගරුතර සාමාජිකයෙකි. ඔහු ජුදෙව්වරුන්ගේ තීරණය හා ක්‍රියා කලාපය අනුමත නොකෙළේ ය; ඔහු දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ අපේක්ෂාවෙන් සිටියේ ය.
සමූහයා අතර උන් වහන්සේ ගැන මහා කසුකුසුවක් ඇති විය. සමහරුන් “උන් වහන්සේ සත්පුරුෂයෙකැ”යි කී අතර, සමහරු, “එසේ නොවේ, ඔහු මහජනයා මුළා කරති”යි කී හ.
සමිඳාණන් වහන්සේගේ බලය ඔවුන් මත පහළ විය. එකල විශාල සංබ්‍යාවක් අදහාගෙන සමිඳාණන් වහන්සේ වෙතට හැරුණාහ.
ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වී ආත්මයාණන් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන්ගත්හ.
දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් හා සියල්ලන්ගේ ප්‍රසාදය ලබමින් ද කල් යැවූ හ. සමිඳාණන් වහන්සේ ගැළවීම ලබන්නන්ගේ ගණන දවසින් දවස වැඩිකර වදාළ සේක.
ඒ නිසා මමත් ඔවුන් මෙන් ම දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්නට ද නිතර ම උත්සහ කරමි.
සමිඳාණන් වහන්සේ අදහාගත් අයගේ සංබ්‍යාව තව තවත් වැඩි විය. ඒ මහා ජනකාය ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයෙන් සමන්විත විය.
එබැවින් සහෝදරයෙනි, මේ තනතුරට පත් කරන පිණිස, යහපත් යයි පිළිගත්, එසේ ම ශුද්ධාත්මයෙන් ද ප්‍රඥාවෙන් ද පූර්ණ සත්දෙනෙකු ඔබ අතරෙන් තෝරා ගන්න.
මේ යෝජනාව ගැන මුළු මහත් පිරිස සතුටු වූ හ. එවිට ඔව්හු, ඇදහිල්ලෙන් හා ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ මිනිසෙකු වන ස්තේපන් ද ඔහු සමඟ පිලිප් ද ප්‍රොකොරස් ද නිකනොර් ද තීමොන් ද පර්මෙනස් ද ජුදෙව් ආගමට හැරුණු අන්තියෝකියේ නිකොලොස් ද තෝරාගත්හ.
ස්තේපන්, දේව වරප්‍රසාදයෙන් ද ආනුභාවයෙන් ද පූර්ණ ව මහත් ලකුණු හා අරුමපුදුම දේ ජනතාව අතර සිදු කෙළේ ය.
මෙසේ මුළු ජුදයෙහි ද ගලීලයෙහි ද සමාරියෙහි ද සභාවට සාමයේ කාලයක් ඇති විය. සභාව ශක්තිසම්පන්න ව, දේව ගෞරවයෙහි ද ශුද්ධාත්ම වරප්‍රසාදයෙහි ද පවතිමින් වැඩි වර්ධනය වූවා ය.
එහෙත් ඔබට ඇතැම් කරුණු සිහි කර දීමක් වශයෙන් මේ හසුනේ සමහර තැන්වල නිර්භීත ලෙස ඔබ වෙත ලියා ඇත.
සත් ගුණවත් කෙනෙකු උදෙසා දිවි පිදීමට යමෙකු තුළ ධෛර්යය තිබුනත් එවැන්නෙකු උදෙසා දිවි පිදීමක් සිදුවන්නේ කලාතුරකිනි.