උදය, මද්දහන හා සවස මාගේ මැසිවිලි කිය කියා මම වැලපෙන්නෙමි. එතුමාණෝ මා හඬට සවන් දෙන සේක.
ක්‍රියා 10:30 - Sinhala New Revised Version එවිට කොර්නේලියස්, “සිව්දිනකට පෙර මෙවැනි වේලාවක දී, සවස තුනට, මම ගෙදර යාච්ඤා කරමින් සිටියෙමි. එවිට දිළිසෙන වස්ත්‍ර හැඳගත් මිනිසෙක් මා ඉදිරියෙහි සිට, සිංහල කාලීන පරිවර්තනය කොර්නේලියස් උත්තර දෙමින්, “දවස් හතරකට කලින්, නව වන පැයේ පමණ මේ වෙලාවේ මා නිවසේ යාච්ඤා කරමින් සිටියදී, මෙන්න! එකපාරට දිළිසෙන ඇඳුමින් සැරසුණු කෙනෙක් මා ඉදිරියේ සිටගෙන! Sinhala New Revised Version 2018 එවිට කොර්නේලියස්, “සිව්දිනකට පෙර මෙවැනි වේලාවක දී, සවස තුනට, මම ගෙදර යාච්ඤා කරමින් සිටියෙමි. එවිට දිළිසෙන වස්ත්‍ර හැඳගත් මිනිසෙක් මා ඉදිරියෙහි සිට, Sinhala Revised Old Version එවිට කොර්නේලියස් කියනුයේ, සතර දවසකට පළමුවෙන් මේ පැය දක්වා, නවවෙනි පැයේදී මාගේ ගෙදර යාච්ඤාකරමින් සිටියෙමි; එවිට දිලියෙන වස්ත්‍ර ඇන්දාවූ මනුෂ්‍යයෙක් මා ඉදිරියෙහි සිට: |
උදය, මද්දහන හා සවස මාගේ මැසිවිලි කිය කියා මම වැලපෙන්නෙමි. එතුමාණෝ මා හඬට සවන් දෙන සේක.
“ඔහු මට කතා කොට, මෙසේ කී ය: ‘දානියෙල්, බිය නොවන්න. නුඹ කරුණු තේරුම්ගැනීමට සැදී පැහැදී සිටින්නෙහි ය. නුඹේ දෙවියන් වහන්සේට නුඹ යටහත් වූ පළමු වන දා පටන් නුඹේ වචන අසනු ලැබී ය. මා පැමිණියේ නුඹේ වචන නිසා ය.
ඔහු ඔවුන් අමතා, “බිය නොවන්න; ඔබ සොයන්නේ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ නාසරෙත්හි ජේසුස් වහන්සේ ය; උන් වහන්සේ උත්ථාන වූ සේක; උන් වහන්සේ මෙහි නැත; මේ බලන්න, ඔවුන් උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය;
ඒ ගැන ඔවුන් වියවුල් ව සිටිය දී, කාන්ති විහිදුවන වස්ත්‍ර හැඳගත් මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිටියහ.
උන් වහන්සේ යන කල, ඔවුන් අහස දෙස බලාගෙන සිටිය දී, සුදුවතින් සැරසුණු මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිට,
ඔව්හු කතා කොට: “දැහැමි, දේව භය ඇති, මුළු ජුදෙව් ජාතිය ම ගරු කරන ශතාධිපතියෙකු වූ, කොර්නේලියස් තෙමේ තමාගේ ගෙදරට ඔබ කැඳවා ඔබෙන් ඔවදන් අසන පිණිස, දෙවියන් වහන්සේ විසින් ශුද්ධ වූ දේව දුතයෙකු ලවා අණ දෙනු ලැබී ය”යි කී හ.
එබැවින් ඔබ මා කැඳවා යැවූ කල මම කිසි සැකයක් නැති ව ආවෙමි. ඔබ මා කැඳෙව්වේ මන්දැ”යි ඇසී ය.
දිනක් සවස තුනට පමණ දෙවියන් වහන්සේගේ දුතයෙක් ඔහුගේ නිවසට පැමිණ, “කොර්නේලියස්” කියා තමාට ආමන්ත්‍රණය කරනු ඔහු දර්ශනයකින් පැහැදිලි ලෙස දැක,
‘කොර්නේලියස්, ඔබේ යාච්ඤා අසන ලද්දේ ය, ඔබේ පුණ්‍ය ක්‍රියා දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිහි කරන ලද්දේ ය;