මෙහි ලියා ඇති දේ ප්‍රඥාවන්තයෝ තේරුම්ගනිත් වා! බුද්ධිමත්තු දැනගනිත් වා! සමිඳාණන් වහන්සේගේ මාර්ගය සෘජු ය; ධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයෙහි ගමන් කරති. එහෙත්, පව්කාරයෝ එහි පැකිළ වැටෙති.
ක්‍රියා 10:22 - Sinhala New Revised Version ඔව්හු කතා කොට: “දැහැමි, දේව භය ඇති, මුළු ජුදෙව් ජාතිය ම ගරු කරන ශතාධිපතියෙකු වූ, කොර්නේලියස් තෙමේ තමාගේ ගෙදරට ඔබ කැඳවා ඔබෙන් ඔවදන් අසන පිණිස, දෙවියන් වහන්සේ විසින් ශුද්ධ වූ දේව දුතයෙකු ලවා අණ දෙනු ලැබී ය”යි කී හ. සිංහල කාලීන පරිවර්තනය ඔවුහු පිළිතුරු දෙමින්, “අප ආවේ කොර්නේලියස් නම් සියයේ සේනාංක සෙන්පති වෙතින්. ධර්මිෂ්ඨ, දේව භයින් යුතු කෙනෙක් වන ඔහු මුළු යුදෙව් ජනයාගේ ගෞරවය දිනා සිටී. ශුද්ධ දේව දූතයෙක් ඔහුට දර්ශන වී, ඔබ පවසන දෑ අසන පිණිස, ඔහුගේ නිවසට ඔබ කැඳවන ලෙස දන්වා ඇතැ” යි පැවසූහ. Sinhala New Revised Version 2018 ඔව්හු කතා කොට: “දැහැමි, දේව භය ඇති, මුළු ජුදෙව් ජාතිය ම ගරු කරන ශතාධිපතියෙකු වූ, කොර්නේලියස් තෙමේ තමාගේ ගෙදරට ඔබ කැඳවා ඔබෙන් ඔවදන් අසන පිණිස, දෙවියන් වහන්සේ විසින් ශුද්ධ වූ දේව දූතයෙකු ලවා අණ දෙනු ලැබී ය”යි කී හ. Sinhala Revised Old Version ඔව්හු කථාකොට: ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්වූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙක්වූ, යුදෙව්වරුන්ගේ මුළු ජාතිය විසින් යහපතැයි ප්‍රකාශකරනලද්දාවූ, සියයකට මුලාදෑනියෙක්වූ කොර්නේලියස් තමාගේ ගෙදරට නුඹ කැඳවා, නුඹෙන් වචන අසන පිණිස දෙවියන්වහන්සේ විසින් ශුද්ධවූ දේවදූතයෙකු ලවා අණදෙනු ලැබුවේයයි කීවෝය. |
මෙහි ලියා ඇති දේ ප්‍රඥාවන්තයෝ තේරුම්ගනිත් වා! බුද්ධිමත්තු දැනගනිත් වා! සමිඳාණන් වහන්සේගේ මාර්ගය සෘජු ය; ධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයෙහි ගමන් කරති. එහෙත්, පව්කාරයෝ එහි පැකිළ වැටෙති.
අදමිටු අය නොපවතින්නෝය; එහෙත්, දමිටු අය දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ලෙන් ජීවත් වන්නෝ ය.”
ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්, සත් පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අත්හැරදමන්න සිතාගත්තේ ය.
තවද, හෙරොද් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔව්හු අන් මඟකින් සිය රට බලා ගියහ.
මන්ද, ජොහන් සත්ගුණවත් දැහැමි මිනිසෙකු බව හෙරොද් දැන, ඔහුට බිය ව, ඔහු ආරක්ෂා කළ හෙයිනි. තවද, ඔහුගේ බස් අසා හෙරොද් බොහෝ වියවුල් වුව ද සන්තෝෂයෙන් ඔහුට කන් දුන්නේ ය.
එසේ හෙයින් මේ දේව ද්‍රෝහි, පාපිෂ්ඨ පරම්පරාවේ දී යම් කෙනෙක් මා ගැනත්, මාගේ ධර්මය ගැනත් ලජ්ජා වන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් පියාණන්ගේ තේජශ්‍රීයෙන් ශුද්ධ දූතයන් පිරිවරා වඩිනා කල උන් වහන්සේ ඔහු ගැනත් ලජ්ජා වනු ඇත.”
එකල, සිමියොන් නම් මිනිසෙක් ජෙරුසලමෙහි විසී ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය අපේක්ෂාවෙන් සිටි දැහැමි බැතිමතෙකි. ශුද්ධාත්මයාණෝ ඔහු කෙරෙහි වැඩහුන්හ.
ජුදෙව් නුවරක් වූ අරිමාතියෙන් පැමිණි ජෝසෙප් නම් මනුෂ්‍යයෙක් විය. ඔහු යහපත් දැහැමි තැනැත්තෙකි. ජුදා මන්ත්‍රණ සභාවෙහි ගරුතර සාමාජිකයෙකි. ඔහු ජුදෙව්වරුන්ගේ තීරණය හා ක්‍රියා කලාපය අනුමත නොකෙළේ ය; ඔහු දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ අපේක්ෂාවෙන් සිටියේ ය.
යම් කෙනෙක් මා ගැනත්, මාගේ ධර්මය ගැනත් ලජ්ජා වන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් තමන්ගේ ද පියාණන්ගේ ද ශුද්ධ දූතයන්ගේ ද තේජශ්‍රීයෙන් යුක්ත ව වඩිනා කල ඔහු ගැනත් ලජ්ජා වනු ඇත.
ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, මා යවන කවරෙකු නමුත් පිළිගන්නා මා පිළිගනියි; මා පිළිගන්නා මා එවා වදාළ තැනැන් වහන්සේ පිළිගනියි.”
මන්ද, ඔබ මට පැවසූ වචන මම ඔවුන්ට පැවසීමි. ඔව්හු එය පිළිගෙන මා ඔබ වෙතින් පැමිණි බව සැබැවින් ම දැන, ඔබ මා එවා වදාළ බව විශ්වාස කරති.
“ඒකාන්තයෙන් මම ඔබට කියමි: මාගේ වචනය අසා, මා එවා වදාළ තැනැන් වහන්සේ අදහාගන්නාට සදාතන ජීවනය ඇත; ඔහු විනිශ්චයට නොපැමිණෙයි; ඔහු මරණයෙන් ජීවනයට පැමිණ සිටියි.
ජීවනය දෙන්නේ ආත්මය වේ. මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි.
සීමොන් පේදුරු පිළිතුරු දෙමින්, “ස්වාමීනි, අප කවරෙකු වෙතට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙත ය.
ඔහු බැතිමතෙකි. සිය ගෙදර වැසියන් සමඟ දේව නමස්කාරයෙහි යෙදුන කෙනෙකි. සෙනඟට බොහෝ සේ දන් දෙමින් නොකඩ ව දෙවියන් වහන්සේට යාච්ඤා කිරීමෙහි නිරත වූවෙකි.
එවිට පේදුරු ඒ මනුෂ්‍යයන් වෙතට බැස ගොස්: “ඔබ සොයන තැනැත්තා මම ය, ඔබ ආ කාරණය කිමෙක් දැ”යි ඇසී ය.
එවිට කොර්නේලියස්, “සිව්දිනකට පෙර මෙවැනි වේලාවක දී, සවස තුනට, මම ගෙදර යාච්ඤා කරමින් සිටියෙමි. එවිට දිළිසෙන වස්ත්‍ර හැඳගත් මිනිසෙක් මා ඉදිරියෙහි සිට,
එහෙයින් එකෙණෙහි ම මම ඔබ කැඳවා යැවීමි; ඔබේ පැමිණීම ඉතා හොඳ ය. දැන් සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ සියල්ල අසන පිණිස අපි සියල්ලෝ මෙහි දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටිමු”යි කී ය.
ඔහු වනාහි ඔබ සහ ඔබේ ගෙදර සියල්ලන්ගේ ද, ගැළවීම සලසා දෙන දහම ඔබට දෙසන්නේ ය’යි තමාට කී හැටිත් අපට දැන්වී ය.
“ව්‍යවස්ථාවලිය මනා සේ පිළිපැද්ද, එසේ ම එහි වසන සියලු ජුදෙව්වරුන්ගේ ප්‍රසාදය දිනා ගත් අනනියස් නම් මනුෂ්‍යයෙක් මා වෙත අවුත්,
මා මෙසේ විශ්වාස කරන බැවින් දමිටුන්ගේ ද අදමිටුන්ගේ ද පුනරුජ්ජීවනයක් ඇතැ යි මොවුන් බලාසිටින්නාක් මෙන්, මමත් බලාපොරොත්තුවෙන් සිටිමි.
එබැවින් සහෝදරයෙනි, මේ තනතුරට පත් කරන පිණිස, යහපත් යයි පිළිගත්, එසේ ම ශුද්ධාත්මයෙන් ද ප්‍රඥාවෙන් ද පූර්ණ සත්දෙනෙකු ඔබ අතරෙන් තෝරා ගන්න.
මනුෂ්‍යයන් දමිටු කරනු ලැබීමේ මාර්ගය, මුල සිට අග දක්වා ම ඇදහිල්ලෙන් වන බව දැන් සුබ අස්න නිසා එළිදරව් වී ඇත. ශුද්ධ ලියවිලිවල සඳහන් පරිදි: “ඇදහිල්ලෙන් දමිටු බවට පැමිණි අය ජීවනය අත්කරගනිති.”
සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන් ය. උන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන අප තමන් වහන්සේට සමඟි කරගෙන, සමඟි කිරීමේ සේවය අපට දුන් සේක.
එය ඇත්තේ මුහුදින් එතෙර ද නොවේ; එබැවින් එය අසා ඉටු කරන පිණිස අප වෙත ගෙන එන්නට කවරෙක් මුහුද තරණය කරන්නේ ද කියා කිසිවෙකුට කිව නොහැකි ය.
ඔහු සභාවෙන් පිට අය විසින් ගරු කොට සලකනු ලබන්නෙකු ද විය යුතු යි. එසේ නොවේ නම් ඔහු හොඳ නම නැති කරගෙන, යක්ෂයාගේ උගුලට අසු වන්නේ ය.
ඉදින් මාගේ දැහැමි තැනැත්තා ඇදහිල්ලෙන් ජීවත් වේ. එහෙත් ඔහු පසුබට වන්නේ නම්, ඔහු ගැන මට සතුටක් නැත.”
සගලොවෙහි නම් ලියා ඇති කුළුඳුලන්ගේ සභාවට ය; සියල්ලන්ගේ විනිශ්චයකාර දෙවියන් වහන්සේ වෙතට ය; සම්පූර්ණ ලෙස ධර්මිෂ්ඨ කරන ලද අයගේ ආත්ම වෙතට ය;
ශුද්ධ දිවැසිවරුන් විසින් පළමුවෙන් කියන ලද වචන ද, ඔබගේ ප්‍රේරිතයන් විසින් ඔබට දෙන ලද ගැළවුම්කාර සමිඳාණන් වහන්සේගේ ආඥා ද සිහියට ගන්න.
දෙමෙත්‍රියස් ගැන සියල්ලෝ ම හොඳ කියති. සත්‍යයත් ඔහුට සාක්ෂි දරයි. මමත් එසේ ම සාක්ෂි දරමි. අපේ සාක්ෂිය සැබෑ බව ඔබ දන්නහු ය.
ඔහුත් දෙවියන් වහන්සේගේ උදහස නමැති කුසලානට වත් කරන ලද උන් වහන්සේගේ කෝපය නමැති අමිශ්‍ර මුද්‍රික පානය බොන්නේ ය. ඔහු ශුද්ධ දේව දූතයන් ඉදිරියෙහි ද, බැටළු පෝතකයාණන් ඉදිරියෙහි ද ගින්නෙන් හා ගෙන්දගම්වලින් වද වේදනා විඳින්නේ ය.