එළිදරව් 6:8 - Sinhala New Revised Version එකෙණෙහි ම මම සුදුමැලි අශ්වයෙකු දිටිමි. ඒ අසු පිට හුන් තැනැත්තාගේ නාමය මාරයා යනු ය. පාතාල ලෝකය ද ඔහු පසුපස්සේ ගියේ ය. කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද පොළොවේ වන මෘගයන් ලවා ද මරණය පැමිණවීමට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි බලය ඔවුන්ට දෙන ලද්දේ ය. සිංහල කාලීන පරිවර්තනය මා බැලූ කල, මෙන්න! සුදුමැලි අශ්වයෙක්; අසරුවාගේ නම මරණය ය. හේදිසිය, ඔහු පස්සේ ගියේ ය. කඩුවෙන්, සාගතයෙන්, වසංගතයෙන් හා පොළොවේ වන මෘගයින් මඟින් පොළොවෙන් හතරෙන් එකක් මරා දමන්නට ඔවුනට බලය දෙන ලදී. Sinhala New Revised Version 2018 එකෙණෙහි ම මම සුදුමැලි අශ්වයෙකු දිටිමි. ඒ අසු පිට හුන් තැනැත්තාගේ නාමය මාරයා යනු ය. පාතාල ලෝකය ද ඔහු පසුපස්සේ ගියේ ය. කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද පොළොවේ වන මෘගයන් ලවා ද මරණය පැමිණවීමට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි බලය ඔවුන්ට දෙන ලද්දේ ය. Sinhala Revised Old Version එවිට සුදුමැලි අශ්වයෙක් සිටිනවා දුටිමි. ඌ පිට හුන් තැනැත්තාගේ නාමය මරණයය; පාතාලයද ඔහු අනුව ගියේය. කඩුවෙනුත් සාගතයෙනුත් වංසගතයෙනුත් පොළොවේ වනමෘගයන් ලවාත් මරන්ට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි ඔවුන්ට බලය දෙනලද්දේය. |
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මරණය සදහට ම විනාශ කරදමන සේක. සියලු මුහුණුවලින් කඳුළු පිසදමන සේක. ලොව මුළුල්ලේ තමන්ගේ සෙනඟට ඇති වී තිබෙන නින්දාව පහකරන සේක. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ම ය.
“මේ සෙනඟ අල්ලන පිණිස මම මසුන් අල්ලන්නන් බොහෝ දෙනෙකු එවන්නෙමි. ඉන්පසු සියලු කඳුවල ද සියලු හෙල්වල ද පර්වත විවරවල ද දඩයමින් මෙන් ඔවුන් ගෙනෙන පිණිස දඩයම්කාරයන් මම එවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
ඔව්හු බලවත් රෝගවලින් මැරෙන්නෝ ය; කිසිවෙක් ඔවුන් ගැන නොවැලපෙන්නෝ ය; ඔව්හු වළලනු නොලබති; බිම ඇති කසළ මෙන් වන්නෝ ය. ඔව්හු කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වන්නෝ ය; ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය.
මා ඔවුන්ටත්, ඔවුන්ගේ පියවරුන්ටත් දුන් දේශයේ කිසිවෙකු ඉතිරි නොවන ලෙස යුද්ධයත්, සාගතයත්, වසංගතයත් ඔවුන් කෙරෙහි පමුණුවන්නෙමි.”
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඔවුන් අතරට යුද්ධය ද සාගතය ද වංසගතය ද පමුණුවා ඔවුන් කන්නට බැරි තරම් නරක් වී තිබෙන පිළිකුල් අත්තික්කා මෙන් කරන්නෙමි.
ඔහු අවුත් මිසර දේශයට පහර දෙනු ඇත. වසංගතයට නියම වූ අය වසංගතයටත්, වහල්කමට නියම වූ අය වහල්කමටත්, කඩුවට නියම වූ අය කඩුවටත් ගොදුරු වනු ඇත.
මම නුඹ සහ නුඹේ ගංගාවේ සියලු මත්ස්‍යයන් ද කාන්තාරයෙහි හෙළාදමන්නෙමි. නුඹ වළලනු නොලැබ පොළොව මතුපිට සිටින්නෙහි ය. මම නුඹ පොළොවේ මෘගයන්ට ද ආකාශ පක්ෂීන්ට ද කෑම පිණිස දෙන්නෙමි.
නුඹේ සෙනඟගෙන් තුනෙන් කොටසක් වසංගතයෙන් මිය යන්නෝ ය; ඔව්හු සාගතයෙන් නුඹ අතරෙන් නැති වන්නෝ ය. තුනෙන් කොටසක් නුඹ අවටින් කඩු පහරින් වැටෙනු ඇත; මම තුනෙන් කොටසක් ද දස දෙස විසුරුවාදමා, කඩුවක් රැගෙන ඔවුන් පස්සෙන් ලුහුබැඳ යන්නෙමි.
මම මේ සෙනඟ පාතාලයෙන් ගළවන්නෙම් ද? මරණ බලයෙන් මුදන්නෙම් ද? එම්බා මරණය! ඔබේ වසංගතය කොහේ ද? එම්බා පාතාලය! ඔබේ විනාශය කොහේ ද? මොවුන් කෙරෙහි මට අනුකම්පාවක් නැත.
වස්තුව රවටන සුලු ය. පාතාලය මෙන් කට අයාගත් තෘෂ්ණාව ඇත; මරණය මෙන් තෘප්තියක් නොලබන, සියලු ජාතීන් තම ආශාව සඳහා රැස් කරන්නාවූ සියලු මිනිසුන් තම වාසියට හරවාගන්නාවූ මිනිසා අහංකාරී නොසංසුන් කෙනෙකි.
එම්බා කපර්ණවුම, ඔබ සගලොව දක්වා උසස් කරනු ලබන්නෙහි ද? නැත, පාතාලය දක්වා පහත හෙළනු ලබන්නෙහි ය. ඔබ තුළ කරන ලද ප්‍රබල ක්‍රියා සොදොම්හි කරන ලද්දේ නම්, එය අද වන තුරු පවතිනු ඇත.
ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟී සිටිනු ඇත. නොයෙක් තැන්හි සාගත ද භූමිකම්පා ද සිදුවනු ඇත.
ජීවමාන තැනැත්තා ය. මම මැරුණෙමි; එහෙත් බලන්න, මම සදහට ම ජීවත් ව සිටිමි. මරණයේ ද පාතාල ලෝකයේ ද යතුරු මට ඇත.
ඌ උගේ වලිගයෙන් අහසේ තරුවලින් තුනෙන් කොටසක් ඇද, පොළවට හෙළී ය. උපන් කෙණෙහිම දරුවා කාදමන පිණිස, මකරා ප්‍රසව වේදනාවෙන් සිටි ස්ත්‍රිය ඉදිරියෙහි සූදානම් ව බලා සිටියේ ය.
එවිට මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරන පිණිස දූතයෝ සතර දෙනා මුදනු ලැබුවෝ ය. ඒ සඳහා මේ අවුරුද්දේ, මේ මාසයේ, මේ දවසේ, මේ පැයේ ක්‍රියා කරන පිණිස ඔව්හු සූදානම් කරනු ලැබ සිටියහ.
උන්ගේ කටින් නික්මුණු ගිනි ද දුම් ද ගෙන්දගම් ද යන මේ පීඩා තුනෙන් මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරනු ලැබූ හ.