ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය ස්ථාන දෙකක වෙන් වෙන් ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේ වා!”යි වදාළ සේක. එසේ ම විය.
එළිදරව් 14:6 - Sinhala New Revised Version පොළෝ වාසීන්ට ද සියලු ජාතීන්ට ද ගෝත්‍රයන්ට ද භාෂාවන්ට ද සෙනඟට ද ප්‍රකාශ කරන පිණිස සදාතන සුබ අස්නක් ඇති ව, මැද අහසේ පියාසර කරමින් සිටි තවත් දේව දුතයෙකු මම දිටිමි. සිංහල කාලීන පරිවර්තනය ඉන්පසු වෙනත් දේව දූතයකු, පොළොවේ වෙසෙන හැම ජාතියකට, හැම ගෝත්‍රයකට, හැම භාෂාවකට හා හැම ජනතාවකට ප්‍රකාශ කරන්නට සදාතන ශුභාරංචියක් ඇතිව අහස මැද පියාසර කරනු මම දැක්කෙමි. Sinhala New Revised Version 2018 පොළෝ වාසීන්ට ද සියලු ජාතීන්ට ද ගෝත්‍රයන්ට ද භාෂාවන්ට ද සෙනඟට ද ප්‍රකාශ කරන පිණිස සදාතන සුබ අස්නක් ඇති ව, මැද අහසේ පියාසර කරමින් සිටි තවත් දේව දූතයෙකු මම දිටිමි. Sinhala Revised Old Version පොළොවේ වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනඟටත් ප්‍රකාශකරන පිණිස, සදාකාල ශුභාරංචියක් ඇතුව සිටින තවත් දේවදූතයෙක් අහස මැද පියාසරකරනවා දුටිමි; |
ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය ස්ථාන දෙකක වෙන් වෙන් ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේ වා!”යි වදාළ සේක. එසේ ම විය.
සැබැවින් මාගේ වංශය දෙවිඳුන් ඉදිරියෙහි එසේ ම නොපවතින්නේ ද? මන්ද, සියල්ල නියම ලෙස ස්ථිර කර තිබෙන සදාකාල ගිවිසුමක් එතුමාණෝ මා සමඟ කළ සේක. මාගේ මුළු ගැළවීමත්, මට රිසි සියල්ලත් එතුමාණෝ සඵල වන්නට නොසලසන සේක් ද?
ඔබේ රාජ්‍යය සදාකාලික ය, ඔබේ ආධිපත්‍යය ද සියලු පරම්පරාවල ම පවත්නේ ය සමිඳාණෝ සියලු පොරොන්දු ඉටු කරන සේක. තමන් කරන සියල්ලේ දී මෙත් සිත් වඩන සේක.
එහෙත්, ඉශ්රායෙල්වරු සමිඳුන් විසින් ගළවනු ලැබූ හ. ඔවුන්ගේ ජයග්‍රහණය සදහට ම පවතින්නේ ය. සෙනඟ ලජ්ජාවටත්, නින්දාවටත් කිසි කලක නොපැමිණෙති.
නුඹලාගේ ඇස් ඔසවා ඉහළ අහස දෙස බලන්න. පහළ පොළොව දෙස බලන්න. අහස දුම මෙන් පහ වී යන්නේ ය; පොළොව පරණ වස්ත්‍රයක් මෙන් දිරාපත් වන්නේ ය. එහි සිටින සියලු දෙනා ම පණුවන් මෙන් විනාශ වන්නෝ ය. එහෙත්, මා ගෙන දෙන ගැළවීම සදහට ම පවතින්නේ ය. මාගේ යුක්තියට කෙළවරක් නොවන්නේ ය.
කාවන් විසින් කාදමන ලද වස්ත්‍රයක් මෙන් ද පණුවන් විසින් කාදමන ලද ලොම් රොදක් මෙන් ද ඔව්හු විනාශ වන්නෝ ය. එහෙත්, මාගේ ගැළවීම සදහටත්, මාගේ ජයග්‍රහණය සියලු පරම්පරාවලටත් පවතින්නේ ය.”
සෙරාප්වරු උන් වහන්සේ සිසාරා සිටියෝ ය, එක් එක් කෙනාට පියාපත් සය බැගින් තිබුණේ ය; දෙකකින් මුහුණු වසා ගත්තෝ ය, දෙකකින් ඇඟ වසා ගත්තෝ ය; දෙකකින් පියාසර කළෝ ය.
නෙබුකද්නෙශර් රජ මුළු ලොවේ වාසය කරන සකල ජනයන් හටත්, ජාතීන් හටත්, ඒ ඒ භාෂාවන් කතා කරන සියල්ලන් හටත් මෙසේ නිවේදනය කෙළේ ය: “ඔබට සාමදානය වේ වා!
එසේ මා යාච්ඤා පවසමින් සිටිය දී ම, කලින් දර්ශනයෙන් මා දුටු මනුෂ්‍යයා වූ ගාබ්‍රියෙල් ශීඝ්‍රයෙන් පියාසර කර සවස පූජා වේලාවට පමණ මා ළඟට පැමිණියේ ය.
මා විසින් ඔබට අඳුරේ දී පවසන ලද දෙය ඔබ දවාලේ දී කියන්න. ඔබේ කනට රහසින් ඇසෙන දෙය, ගෙමුදුන්වලින් ප්‍රකාශ කරන්න.
දෙවියන් වහන්සේට මහිමය වේ වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ පණිවුඩය හා මා දේශනා කළ සුබ අස්න අනුව ද දීර්ඝ යුගයන්හි සැඟවී තිබී දැන් එළිදරව් කොට ඇති අබිරහස අනුව ද ඔබ ඇදහිල්ලෙහි ස්ථීර ලෙස පිහිටුවීමට උන් වහන්සේ පොහොසත් වන සේක.
එය ඉටු වීමට නම්, ඔබ ඇදහිල්ලේ නිරත ව සිටිමින්, සුබ අස්නේ බලාපොරොත්තුවෙන් පිට නොගොස්, එය පදනම් කොටගෙන ස්ථීර ව පැවතිය යුතු ය. ඔබ ඇසූ සුබ අස්න අහසින් යට සැමදෙනට ම ප්‍රකාශ කර ඇත. පාවුලු නම් මම ඒ සුබ අස්නේ සේවකයෙක් වීමි.
අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද, අපට ප්‍රේම කොට සදාතන ධෛර්යයත්, යහපත් බලාපොරොත්තුවත්, වරප්‍රසාදයත් මඟින් අපට දුන් අපගේ දෙවි පියාණන් වහන්සේ ද
සදාතන ගිවිසුමේ ලේ කරණකොටගෙන බැටළුවන්ගේ මහා එඬේරාණන් වන, අප ජේසුස් සමිඳාණන් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ සාමදානයේ දෙවියන් වහන්සේ,
තවද: “ඔබ බොහෝ සෙනඟ ද ජාතීන් ද භාෂාවන් ද රජුන් ද ගැන නැවතත් දිවැස් වැකි ප්‍රකාශ කළ යුතු ය”යි මට කියන ලද්දේ ය.
සත් වන දේව දූතයාගේ හොරණෑව පිඹීමේ වේලාව පැමිණි විට, දෙවියන් වහන්සේ තම සේවක දිවැසිවරයන්ට ප්‍රකාශ කළ ලෙස, උන් වහන්සේගේ අබිරහස සම්පූර්ණ වනු ඇත.”
තවද, සැදැහැවතුන්ට විරුද්ධ ව සටන් කරන්නට ද ඔවුන්ගෙන් ජයගන්නට ද ඌට ඉඩ දෙන ලදී. සියලු ගෝත්‍රයන් ද සෙනඟ ද භාෂාවන් ද ජාතීන් ද කෙරෙහි බලය ද ඌට දෙන ලද්දේ ය.
ඉවසීමෙන් සිටින්නැ යි මා කළ නියමය ඔබ රක්ෂා කළ බැවින්, ලෝකවාසීන් පරීක්ෂා කිරීමට මුළු ලෝකය පිට පැමිණෙන්නට තිබෙන පරීක්ෂාවේ පැයෙන් මමත් ඔබ ආරක්ෂා කරන්නෙමි.
ඔව්හු මේ අලුත් ගීතය ගායනා කළහ: “පොත ගන්නටත් එහි මුද්‍රා කඩන්නටත් සුදුසු තැනැන් වහන්සේ ඔබ ය. මන්ද, ඔබ මරනු ලැබ, ඒ මරණය නමැති මිලයෙන් සියලු ගෝත්‍රවලින් ද භාෂාවලින් ද ජනයාගෙන් ද ජාතීන්ගෙන් ද මිනිසුන්, දෙවියන් වහන්සේ උදෙසා ලබාගත් සේක.
තවද එක් රාජාලියෙකු මැද අහසේ පියාසර කරමින්, “මින්පසු දේව දූතයන් තුන් දෙනා පිඹින්නට යන අන්තිම හොරණෑවල ශබ්දය පැතිර යන විට පොළොවෙහි වාසය කරන්නන් හට දුක් වේ, දුක් වේ, දුක් වේ ය”යි මහ හඬින් කියනු මට ඇසිණි.