එස්රා 6:11 - Sinhala New Revised Version තවද, යමෙකු මේ ආඥාව කඩ කළොත්, ඔහුගේ ගෙයින් බාල්කයක් ගලවාගෙන, ඔහු එහි මත උල තැබිය යුතු ය. ඒ හැර මේ අපරාධය නිසා ඔහුගේ ගෙය ද කසළ ගොඩක් කළ යුතු ය. Sinhala New Revised Version 2018 තවද, යමෙකු මේ ආඥාව කඩ කළොත්, ඔහුගේ ගෙයින් බාල්කයක් ගලවාගෙන, ඔහු එහි මත උල තැබිය යුතු ය. ඒ හැර මේ අපරාධය නිසා ඔහුගේ ගෙය ද කසළ ගොඩක් කළ යුතු ය. Sinhala Revised Old Version තවද යමෙක් මේ ආඥාව කඩකළොත් ඔහුගේ ගෙයින් බාල්කයක් උදුරා තබා ඔහු උස්සා එහි ගසා තබන හැටියටත් ඔහුගේ ගෙයද මේ නිසා කසළ ගොඩක් කරනු ලබන හැටියටත් නියෝගයක් කරමි. |
මේ ජෙශෙබෙල් යයි කියන්න බැරි වන ලෙස ජෙශෙබෙල්ගේ මළකඳ ජෙශ්‍රෙයෙල් පෙදෙසෙහි පොළොව මතුපිට කසළ මෙන් වන්නේ ය. කියා වදාළ සේකැ’ “යි කීවේ ය.
ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ද රාජ ආඥාව ද නොපවත්වන සියල්ලන්ට මරණයෙන් හෝ රටින් පිටමං කිරීමෙන් හෝ දේපළ රාජසන්තක කිරීමෙන් හෝ හිර අඩස්සි කිරීමෙන් හෝ වහාම යුක්තිය ඉටු කරනු ලැබේ වා!”
එස්තර් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් වහන්සේට යහපතැ යි පෙනේ නම්, මා රජතුමාට පිළියෙළ කර තිබෙන මංගල භෝජනයට රජතුමා ද හාමාන් ද අද එනු මැනව”යි කීවා ය.
එසේ හාමාන් විසින් මොර්දෙකයිට සාදන ලද එල්ලුම් ගහේ ම හාමාන් එල්ලා දමනු ලැබී ය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳිණි.
රජ තෙමේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මාගේ අධිෂ්ඨානය මෙය වේ. ස්වප්නයත්, එහි තේරුමත් දෙක ම ඔබ මට දැන්විය යුතු යි; නොදැන්නුවොත් ඔබ කැබෙලි කොටදමා ඔබේ ගෙවල් කසළ ගොඩවල් කරන්නෙමි.
“එබැවින්, සියලු ජනයෙනි, ෂද්‍රක්ගේත්, මේෂක්ගේත්, අබෙද්නෙගෝගේත් දෙවියන් වහන්සේට විරුද්ධ ව දොස් කියන යම් කෙනෙකුට හෝ ජාතියකට හෝ භාෂාවකට හෝ අයත් යමෙක් වේ නම්, ඔහු කැබලි කොට ඔහුගේ ගේ-දොර කසළ ගොඩක් කරන හැටියට මම නියමයක් කරමි. මන්ද, මේ ආකාරයෙන් ගළවාගන්නට පුළුවන් අන් දෙවි කෙනෙක් නැත.”