Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 6:11 - Sinhala Revised Old Version

11 තවද යමෙක් මේ ආඥාව කඩකළොත් ඔහුගේ ගෙයින් බාල්කයක් උදුරා තබා ඔහු උස්සා එහි ගසා තබන හැටියටත් ඔහුගේ ගෙයද මේ නිසා කසළ ගොඩක් කරනු ලබන හැටියටත් නියෝගයක් කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 තවද, යමෙකු මේ ආඥාව කඩ කළොත්, ඔහුගේ ගෙයින් බාල්කයක් ගලවාගෙන, ඔහු එහි මත උල තැබිය යුතු ය. ඒ හැර මේ අපරාධය නිසා ඔහුගේ ගෙය ද කසළ ගොඩක් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 තවද, යමෙකු මේ ආඥාව කඩ කළොත්, ඔහුගේ ගෙයින් බාල්කයක් ගලවාගෙන, ඔහු එහි මත උල තැබිය යුතු ය. ඒ හැර මේ අපරාධය නිසා ඔහුගේ ගෙය ද කසළ ගොඩක් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 6:11
7 හුවමාරු යොමු  

එබැවින් ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට විරුද්ධව දෝෂ කියන සියලු සෙනඟද ජාතීන්ද භාෂාවන්ද කැබෙලිකොට, ඔවුන්ගේ ගෙවල් කසළගොඩක් කරන හැටියට නියමයක් කරමි. මක්නිසාද මේ ආකාරයෙන් ගළවාගන්ට පුළුවන්වූ වෙන දෙවිකෙනෙක් නැතැයි කීවේය.


රජ තෙමේ කල්දිවරුන්ට උත්තරදෙමින්: කාරණය මාගෙන් පහව ගියේය. ස්වප්නයද එහි අර්ථයද නුඹලා මට නොදැන්නුවොත්, නුඹලා කැබෙලිකොට, නුඹලාගේ ගෙවල් කසළගොඩක් කරනු ලබන්නේය.


නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවද රාජ ආඥාවද නොපවත්වන සියල්ලන්ට මරණයෙන් හෝ රටින් පිටදැමීමෙන් හෝ දේපළ රාජසන්තක කිරීමෙන් හෝ හිර අඩස්සිකිරීමෙන් හෝ වහාම යුක්තිය ඉෂ්ටකරනු ලැබේවා යනුය.


එසේ හාමාන් විසින් මොර්දෙකයිට සෑදූ එල්ලුම්ගහේම හාමාන් එල්ලා දැමුවෝය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳුණේය.


එස්තර්ද: රජ්ජුරුවන්ට හොඳව පෙනේනම් මා විසින් රජ්ජුරුවන්ට පිළියෙළකර තිබෙන මංගල්‍ය කෑමට රජ්ජුරුවන්ද හාමාන්ද අද අවමැනවැයි කීවාය.


බාල්ගේ රූපස්තම්භ බිඳ දමා, බාල්ගේ ගෘහයත් බිඳ දමා, අද දක්වා තිබෙන හැටියට එය වැසිකිළියක් කළෝය.


මේ යෙසෙබෙල්යයි කියන්ට බැරිවන ලෙස යෙසෙබෙල්ගේ මළකඳ යෙස්‍රෙයෙල් බිම් කොටසෙහි පොළොව මතුපිට කසළ මෙන් වන්නේය කියා කීසේකැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්