ආහබ්ගේ වංශය කළාක් මෙන් ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කළේ ය. මන්ද, ඔහුට විනාශය පැමිණෙන ලෙස ඔව්හු ඔහුගේ පියාගේ මරණයෙන් පසු ඔහුගේ උපදේශකයෝ වූ හ.
එස්රා 4:5 - Sinhala New Revised Version තවද, ඔවුන්ගේ වැඩ ව්‍යර්ථ කරන පිණිස ඔව්හු රජයේ නිලධාරීන්ට අල්ලස් දුන්හ. මේ තත්ත්වය පර්සියාවේ රජු වූ සයිරස්ගේ මුල් කාලයේ සිට පර්සියාවේ රජු වූ දාරියුස් රජකමට පැමිණෙන තුරු ම පැවතිණි. Sinhala New Revised Version 2018 තවද, ඔවුන්ගේ වැඩ ව්‍යර්ථ කරන පිණිස ඔව්හු රජයේ නිලධාරීන්ට අල්ලස් දුන්හ. මේ තත්ත්වය පර්සියාවේ රජු වූ සයිරස්ගේ මුල් කාලයේ සිට පර්සියාවේ රජු වූ දාරියුස් රජකමට පැමිණෙන තුරු ම පැවතිණි. Sinhala Revised Old Version පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ කාලය මුළුල්ලේ, එනම් පාර්සියාවේ රජවූ දාරියුෂ් රජකමට පැමිණෙන තුරුම, ඔවුන්ගේ අභිප්‍රාය නිෂ්ප්‍රභාකරන පිණිස ඔවුන්ට විරුද්ධව මන්ත්‍රීන් කුලියට ගත්තෝය. |
ආහබ්ගේ වංශය කළාක් මෙන් ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කළේ ය. මන්ද, ඔහුට විනාශය පැමිණෙන ලෙස ඔව්හු ඔහුගේ පියාගේ මරණයෙන් පසු ඔහුගේ උපදේශකයෝ වූ හ.
එකල ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩ නැවතුණේ ය; පර්සියාවේ රජ වූ දාරියුස්ගේ රාජ පාලනයේ දෙ වන අවුරුද්ද දක්වා එය නැවතී තිබිණි.
එවිට දේශයේ සෙනඟ, ජුදා සෙනඟ අධෛර්යවත් කරවන්නටත්, තවදුරටත් ගොඩනැඟීමේ වැඩ නොකරන ලෙස ඔවුන් බියගන්වන්නත් පටන්ගත්හ.
අහස්වේරොෂ් රජකමට පත් වූ මුල් කාලයේ දී ඔව්හු ජුදාහි ද ජෙරුසලමෙහි ද වැසියන්ට විරුද්ධ ව චෝදනාවක් ලියා ඉදිරිපත් කළහ.
එහෙත්, ජුදෙව්වරුන්ගේ දෙවියන් වහන්සේගේ ආරක්ෂා බැල්ම ඔවුන්ගේ ප්‍රජා මූලිකයන් කෙරෙහි වූ බැවින් දාරියුස්ට මේ සම්බන්ධයෙන් දන්වා යවා, ලියුමකින් පිළිතුරු ලැබෙන තුරු ඔව්හු ඔවුන්ගේ වැඩ නතර නොකළහ.
පර්සියා රාජ්‍යයේ අධිපතියා විසිඑක් දවසක් මට විරුද්ධ ව සිටියේ ය. එසේ වුව ද, ප්‍රධාන අධිපතීන්ගෙන් එක් කෙනෙකු වන මිකායෙල් තෙමේ, මා එහි තනි ව’ සිටින බව දැක, මට උපකාර කරන්නට ආයේ ය.
සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කූට උපායයන් සිතාමතාගත්, දුෂ්ට කුමන්ත්‍රණ යොදාගත් කෙනෙක් නිනිවයෙන් නික්ම ආයේ ය.