ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්රා 2:68 - Sinhala New Revised Version

තවද, ඒ ඒ වංශවල ප්‍රධානීන්ගෙන් සමහරු ජෙරුසලමෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමිණි කල්හි, දෙවියන් වහන්සේගේ මාලිගාව ස්වකීය ස්ථානයෙහි ගොඩනඟන පිණිස සිය කැමැත්තෙන් දුන් පඬුරු ඔප්පු කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, ඒ ඒ වංශවල ප්‍රධානීන්ගෙන් සමහරු ජෙරුසලමෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමිණි කල්හි, දෙවියන් වහන්සේගේ මාලිගාව ස්වකීය ස්ථානයෙහි ගොඩනඟන පිණිස සිය කැමැත්තෙන් දුන් පඬුරු ඔප්පු කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද පියවංශවල ප්‍රධානින්ගෙන් සමහරු යෙරුසලමෙහි තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයට පැමිණි කල්හි දෙවියන්වහන්සේගේ ගෘහය ස්වකීය ස්ථානයෙහි ගොඩනගන පිණිස සිය කැමැත්තෙන් දුන් පඬුරු ඔප්පුකළෝය.

පරිච්ඡේදය බලන්න



එස්රා 2:68
20 හුවමාරු යොමු  

එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ගාද්ට කතා කොට, “ජෙබුසිය ඔර්ණාන්ගේ කමතේ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟන පිණිස නැඟී යන ලෙස දාවිත්ට කියන්නැ”යි අණ කෙළේ ය.


එවිට දාවිත් කතා කොට, “දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව මේ ය; ඉශ්රායෙල්වරුන්ගේ දවන යාග පූජා ඔප්පු කරන පූජාසනය ද මේ ය”යි කීවේ ය.


එකල සලමොන් තමාගේ පිය වූ දාවිත්ට ජෙරුසලමෙහි දී සමිඳාණන් වහන්සේ දර්ශනය වූ මොරියා කන්දේ ජෙබුසිය වූ ඔර්ණාන්ගේ කමතේ දාවිත් විසින් නියම කරන ලද ස්ථානයෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්න පටන්ගත්තේ ය.


ඔවුන්ගේ ඔටුවෝ හාරසිය තිස්පස්දෙනෙක් ය; කොටළුවෝ හයදාස් හත්සිය විසිදෙනෙක් ය.


ඔව්හු තමන්ගේ පුළුවන්කමේ හැටියට රන් කිලෝග්‍රෑම් පන්සියයක් ද රිදී කිලෝග්‍රෑම් දෙදහස් අටසියයක් ද පූජකවස්ත්‍ර සියයක් ද කර්මාන්ත සඳහා ගබඩාවට දුන්නෝ ය.


ඔව්හු විදෙස්වල ජනයාට බියෙන් සිටි නමුත්, පූජාසනය කලින් තිබුණ ස්ථානයෙහි පිහිටෙව්වෝ ය. ඔව්හු ඒ පූජාසනය මත උදය සවස සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කළෝ ය.


මන්ද, අපි වහල්ලු ය; එහෙත්, අපේ වහල්කමේ දී අපේ දෙවියන් වහන්සේ අප අත් නොහැර, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනැඟීමටත්, එහි කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කිරීමටත්, ජුදාහි ද ජෙරුසලමෙහි ද අපට සුරැකි ව විසීමටත් පර්සියාවේ රජවරුන් අභිමුවෙහි අපට කරුණාව පෙන්නූ සේක.


ඔබ සතුරන් සමඟ සටන් කරන දවසේ දී ඔබේ සෙනඟ සිය කැමැත්තෙන් ඔබට එකතු වන්නෝ ය. අලුයම පිනි මෙන්, ඔබේ තරුණයෝ ඔබ වෙත පැමිණෙති.


“මට පඬුරක් ගෙනෙන ලෙස ඉශ්රායෙල් ජනයාට කියන්න. සිය කැමැත්තෙන් ම දෙන සෑම දෙනාගෙන් ම නුඹ ඒ පඬුරු ගත යුතු ය.


තවද, එසේ දීමට සිය කැමැත්තෙන් එකඟ වූ සැම කෙනෙක් ම සම්මුඛ මණ්ඩපය සෑදීමට ද එහි සියලු සේවාවන් සඳහා ද ශුද්ධ වස්ත්‍ර සඳහා ද සමිඳාණන් වහන්සේ වෙත පඬුරු රැගෙන ආහ.


සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් සෑදීමට අණ කළ නන්වැදෑරුම් සේවාවන් සඳහා බඩු දීමට එකඟ වූ ඉශ්රායෙල් ජනයා අතර සිටි සෑම ස්ත්‍රියක් හා පුරුෂයෙක් ම සිය කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේ වෙත තම පඬුරු ගෙනාහ.


ඉශ්රායෙල් ජනයා ශුද්ධස්ථානයේ වැඩ සඳහා, එය ඉදි කිරීමට ගෙනා පඬුරු සියල්ල ඔව්හු මෝසෙස්ගෙන් බාරගත්හ. ඉශ්රායෙල් ජනයා ද උදයක් උදයක් පාසා තම තමන්ගේ පඬුරු ඔහු වෙත ගෙනෙන්නට වූ හ.


දීමට උද්‍යෝගිමත් බවක් ඇති නම් දෙවියන් වහන්සේ, යමෙකුගෙන් නැති දේ නොඉල්ලා, යමෙකුට ඇති පමණින් දෙන දීමනාව පිළිගන්නා සේක.


ඔවුන් සිය කැමැත්තෙන් ම ඔවුන්ට හැකි පමණින් හා ඊටත් වැඩියෙන් දුන් බව මම සහතික කොට කියමි.


එක් එක්කෙනා අකමැත්තෙන් වත් බලකිරීම නිසා වත් නොව, සිය කැමැත්තෙන් තීරණය කරගත් ලෙස දිය යුතු ය. සතුටු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන සේක.