Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 36:3 - Sinhala New Revised Version

3 ඉශ්රායෙල් ජනයා ශුද්ධස්ථානයේ වැඩ සඳහා, එය ඉදි කිරීමට ගෙනා පඬුරු සියල්ල ඔව්හු මෝසෙස්ගෙන් බාරගත්හ. ඉශ්රායෙල් ජනයා ද උදයක් උදයක් පාසා තම තමන්ගේ පඬුරු ඔහු වෙත ගෙනෙන්නට වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඉශ්රායෙල් ජනයා ශුද්ධස්ථානයේ වැඩ සඳහා, එය ඉදි කිරීමට ගෙනා පඬුරු සියල්ල ඔව්හු මෝසෙස්ගෙන් බාරගත්හ. ඉශ්රායෙල් ජනයා ද උදයක් උදයක් පාසා තම තමන්ගේ පඬුරු ඔහු වෙත ගෙනෙන්නට වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් ශුද්ධස්ථානයේ මෙහෙයේ කර්මාන්ත කිරීමට ගෙනාවාවූ මුළු පඬුර මෝසෙස්ගෙන් බාරගත්තෝය. සෙනඟද උදයක් පාසා තවත් ස්වෙච්ඡා පඬුරු ඔහු වෙතට ගෙනාවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 36:3
11 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් සෑදීමට අණ කළ නන්වැදෑරුම් සේවාවන් සඳහා බඩු දීමට එකඟ වූ ඉශ්රායෙල් ජනයා අතර සිටි සෑම ස්ත්‍රියක් හා පුරුෂයෙක් ම සිය කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේ වෙත තම පඬුරු ගෙනාහ.


දාවිත්ගේ පෙළපතේ වැසියෙනි, සෑමදා ම යුක්තිය ඉටු කරන්නට වග බලාගන්න. කොල්ලකනු ලැබූ අය පීඩාකාරයන්ගේ අතින් නිදහස් කරන්න. එසේ නොකළොත්, නුඹලාගේ ක්‍රියාවල දුෂ්ටකම නිසා මාගේ කෝපය කිසිවෙකුට නිවන්නට බැරි ගින්නක් මෙන් ඇවිලෙනු ඇත.


විඩාවට පත්වූවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිඳාණෝ හැම උදයක ම මා තුළ උනන්දුවක් ඇති කරවන සේක.


මාගේ පිහිටෙන් භූපතීහු රජකම් කරති; අධිපතීහු සාධාරණ නීති පණවති;


දිනෙන් දින දේශයේ සියලු දුදනන් මම වනසන්නෙමි. අයුතුකම් කරන සියල්ලන් මම සමිඳුන්ගේ නුවරින් නෙරපාදමන්නෙමි.


සමිඳුනි, අලුයම මාගේ යැදුමට සවන් දෙනු මැනව; අරුණ’ලු එන කල පූජා පුද කොට ඔබ එන තුරු බලා සිටින්නෙමි.


ඒපොද් නම් සැට්ටයේ හා ළය වැස්මේ ඔබ්බනු සඳහා ප්‍රජා මූලිකයෝ නඛමාණික්‍ය හා වෙනත් මාණික්‍ය ද


බෙශලෙල් හා ඔහොලියාබ් ද සමිඳාණන් වහන්සේ කෞශල්‍යය දානය කළ වැඩ කිරීමට කැමැත්ත පෑ දක්ෂ ශිල්පීන් සියල්ලන් ද වැඩට එන ලෙස මෝසෙස් ඔවුන් කැඳවී ය.


එවිට ශුද්ධස්ථානයේ වැඩවල යෙදී සිටි ශිල්පීන් සියල්ලෝ ම තම තමන්ගේ වැඩ නවත්වා, මෝසෙස් වෙත පැමිණ


මුහුන් මුසු තුති පූජා ඔප්පුකර, ස්වේච්ඡා පූජා ගැන පුරසාරම් දොඩන්න. මන්ද, ඉශ්රායෙල් ජනයෙනි, මෙවැනි දේ කිරීමට නුඹලා බොහෝ සේ කැමැති ය”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්