රන් රිදී සියලු භාණ්ඩවල ගණන පන්දාස් හාරසියයකි. විප්‍රවාසගත ව සිටි අය බබිලෝනියෙන් ජෙරුසලමට ආපසු පැමිණි විට ෂෙෂ්බශර් විසින් මේ සියල්ල ගෙනෙන ලද්දේ ය.
එස්රා 1:8 - Sinhala New Revised Version පර්සියාවේ රජ වූ සයිරස් ඒවා භාණ්ඩාගාරික වූ මිත්රෙදාත්ට භාර දුන්නේ ය. ඔහු ද ඒවා ජුදාහි අධිපති ෂෙෂ්බශර්ට ගණන් කර දුන්නේ ය. Sinhala New Revised Version 2018 පර්සියාවේ රජ වූ සයිරස් ඒවා භාණ්ඩාගාරික වූ මිත්රෙදාත්ට භාර දුන්නේ ය. ඔහු ද ඒවා ජුදාහි අධිපති ෂෙෂ්බශර්ට ගණන් කර දුන්නේ ය. Sinhala Revised Old Version පාර්සියාවේ රජවූ කෝරෙෂ් ඒවා භාණ්ඩාගාරිකවූ මිත්රෙදාත් ලවා පිටතට ගෙන්වා, යූදාහි අධිපතියාවූ ෂෙෂ්බශර්ට ගණන්කර දුන්නේය. |
රන් රිදී සියලු භාණ්ඩවල ගණන පන්දාස් හාරසියයකි. විප්‍රවාසගත ව සිටි අය බබිලෝනියෙන් ජෙරුසලමට ආපසු පැමිණි විට ෂෙෂ්බශර් විසින් මේ සියල්ල ගෙනෙන ලද්දේ ය.
ඔවුන් පැමිණියේ, සෙරුබ්බාබෙල් ද ජේෂුවා ද නෙහෙමියා ද සෙරායා ද රේලායා ද මොර්දෙකයි ද බිල්ෂාන් ද මිශ්පාර් ද බිග්වායි ද රෙහුම් ද බානා ද සමඟ ය. ඉශ්රායෙල් ජනයා අතර වූ පිරිමින්ගේ ගණන මෙසේ ය:
තවද, නෙබුකද්නෙශර් රජු ජෙරුසලමෙහි තිබුණු මාලිගාවෙන් ගෙන ගොස්, බබිලෝනියේ දේවාලයේ තැබූ දෙවියන් වහන්සේගේ මාලිගාවේ රන් රිදී භාණ්ඩ, සයිරස් රජ බබිලෝනියේ දේවාලයෙන් රැගෙන, තමා දිශාධිපතියා වශයෙන් පත් කළ ෂෙෂ්බශර් යන නාමය ඇති තැනැත්තාට භාර දුන්නේ ය.
එවිට එම ෂෙෂ්බශර් අවුත් ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දැමුවේ ය. එතැන් පටන් මේ දක්වා එය ගොඩනඟාගෙන යන නමුත් තව ම එය නිමකර නැතැ’යි අපට කීවෝ ය.
එවිට ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට පටන්ගත්හ; ඔවුන් සමඟ දෙවියන් වහන්සේගේ දිවැසිවරු ද ඔවුන්ට උපකාර කරමින් සිටියෝ ය.
මම බබිලෝනියේ දෙවියා වන බේල්ට දඬුවම් කොට, ඔහු ගිලගත් දේ ඔහුගේ මුඛයෙන් එළියට අදින්නෙමි. ජාතීහු ඔහුට තවත් නමස්කාර නොකරන්නෝ ය. එසේ ය, බබිලෝනියේ පවුරු ඇද වැටෙන්නේ ය.
දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ හය වන මාසයේ පළමු වන දා සමිඳාණන් වහන්සේ දිවැසිවර හග්ගයි මඟින් ෂෙයල්තියෙල්ගේ පුත් ජුදාහි ආණ්ඩුකාර සෙරුබ්බාබෙල් වෙතටත්, ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක ජෝෂුවා වෙතටත් එවූ පණිවුඩය මෙය වේ.
සමිඳාණන් වහන්සේ ජුදාහි ආණ්ඩුකාරයා වූ ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල්ගේ ද ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක ජෝෂුවාගේ ද සෙනඟ අතර ඉතිරි වූ සියලු දෙනාගේ ද සිත් දිරිගැන්වූ සේක. තමන්ගේ සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේගේ ම මාලිගාව ගොඩනැඟීමට ඔව්හු පටන්ගත්හ.