හග්ගයි 1:1 - Sinhala New Revised Version1 දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ හය වන මාසයේ පළමු වන දා සමිඳාණන් වහන්සේ දිවැසිවර හග්ගයි මඟින් ෂෙයල්තියෙල්ගේ පුත් ජුදාහි ආණ්ඩුකාර සෙරුබ්බාබෙල් වෙතටත්, ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක ජෝෂුවා වෙතටත් එවූ පණිවුඩය මෙය වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ හය වන මාසයේ පළමු වන දා සමිඳාණන් වහන්සේ දිවැසිවර හග්ගයි මඟින් ෂෙයල්තියෙල්ගේ පුත් ජුදාහි ආණ්ඩුකාර සෙරුබ්බාබෙල් වෙතටත්, ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක ජෝෂුවා වෙතටත් එවූ පණිවුඩය මෙය වේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 දාරියුස් රජුගේ දෙවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ පළමුවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ, යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල් වෙතටත් උත්තම පූජකවූ යෙහෝශාදාක්ගේ පුත්‍රවූ යෝෂුවා වෙතටත් පැමිණ මෙසේ කීය. පරිච්ඡේදය බලන්න |
ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවට ඔවුන්ගේ පැමිණීමෙන් පසු, දෙ වන අවුරුද්දේ දෙ වන මාසයේ දී ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද එහි වැඩ පටන්ගත්හ. ඔවුන්ගේ සෙසු සහෝදරයෝ ද පූජකයෝ ද ලෙවීවරු ද විප්‍රවාසයෙන් මිදී ජෙරුසලමට පැමිණි සියල්ලෝ ද ඔවුන්ට සහාය වූ හ. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ බලාගැනීමට විසි අවුරුදු හා ඊට වැඩි වයසැති ලෙවීවරුන් පත් කළෝ ය.