ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් 8:15 - Sinhala New Revised Version

මොර්දෙකයි නිල් හා සුදු පාට රාජ වස්ත්‍ර ද ලොකු රන් ඔටුන්නක් ද රත්නිල් සිහින් හණ සළුවක් ද පැළඳගෙන රජු ඉදිරියෙන් පිටතට ගියේ ය. සූසා නගරයේ වැසියෝ ප්‍රීති ඝෝෂා කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මොර්දෙකයි නිල් හා සුදු රාජ වස්ත්‍රද ලොකු රන් ඔටුන්නක්ද රත්නිල් සිහින් හණ සළුවක්ද පැළඳගෙන රජු ඉදිරියෙන් පිටතට ගියේය. ෂූෂන් නුවර වැසියෝද ඝෝෂාකර ප්‍රීතිවූහ.

පරිච්ඡේදය බලන්න



එස්තර් 8:15
15 හුවමාරු යොමු  

ඔහු තම ඇඟිල්ලෙන් පේරැස් මුදුව ගලවා, ජෝසෙප්ගේ ඇඟිල්ලෙහි දමා, අගනා සිනිඳු වස්ත්‍ර ඔහුට හඳවා, ඔහු ගෙල රන් මාලයක් පැළඳ විය.


එහි සුදු හා දම් පාට තිර, සිහින් හණ ලණුවලිනුත්, රත්නිල් ලණුවලිනුත්, රිදී මුදුවලට සවි කර, කිරිගරුඬ කුළුණුවලට බැඳ තිබිණි. එහි රතු, සුදු, කහ, කළු යන පාට ඇති මැණික් ගල් අල්ලන ලද බිමක් මත රන් රිදී යහන් විය.


ඔහු කළ සියලු බලවත් තෙදවත් ක්‍රියා ද රජු විසින් උසස් කරන ලද මොර්දෙකයිගේ ගරු බුහුමන් පිළිබඳ විස්තර ද මේදියාවේත්, පර්සියාවේත් රජවරුන්ගේ වාර්තා පොතෙහි ලියා තිබෙනු නොවේ ද?


දූතයෝ රජුගේ අණ පරිදි විගසින් පිටත් ව ගියහ. ඒ රාජාඥාව සූසා අගනුවර ද පළ කරන ලදී. රජ ද හාමාන් ද විනෝද වන පිණිස හිඳගත්තෝ ය. එහෙත්, සූසා නගරයේ මහා කැළඹීමක් ඇති විය.


තුන් වන දා එස්තර් රාජ වස්ත්‍ර පැළඳගෙන රජ මැදුර ඉදිරිපිට වූ රජුගේ ශාලාවේ ඇතුළු මිදුලට ගොස් සිටියා ය. රජතුමා රජ මැදුරේ දොරටුවට මුහුණ දී සිහසුන් අරා හුන්නේ ය.


තමාගේ වස්තුවේ යස ඉසුරු ගැන ද, දරුවන් සමූහය ගැන ද, රජු විසින් තමා උසස් කරනු ලැබූ හැටි ද රජුගේ සෙසු අධිපතීන්ටත් සේවකයන්ටත් වඩා තමා උසස් කරනු ලැබූ හැටි ද යනාදී සියල්ල ගැන පුරසාරම් දෙඩුවේ ය.


එවිට හාමාන් වස්ත්‍රය ද අශ්වයා ද රැගෙන ගොස්, මොර්දෙකයි සරසා, ඔහු නුවර වීදිය දිගේ අසුපිටින් ගෙන යමින්, “රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට එතුමා විසින් මෙසේ කරනු ලැබේ ය”යි ඔහුට පෙරටුව ප්‍රකාශ කරමින් ගියේ ය.


රජ්ජුරුවන් පළඳින රාජ වස්ත්‍රයක් ද රජ්ජුරුවන් නැඟයන, රාජකීය ඔටුන්නක් හිසේ දරන අශ්වයා ද ගෙනවුත්,


පණිවුඩකාරයෝ රාජ සේවයෙහි යෙදූ ශීඝ්‍රයෙන් ගමන් කරන සෛන්ධවයන් පිට නැඟී, රජුගේ අණ නිසා ඉක්මනින් කඩිසර ලෙස පිටත් ව ගියෝ ය. ඒ නියෝගය සූසා නම් අගනුවර ද ප්‍රසිද්ධ කරන ලදී.


දැහැමි අයට සෙත සැලසෙන විට නගරය ප්‍රීති වෙයි; නොදැහැමියන් නසින විට නගරය ඔල්වර හඬ නඟයි.


දමිටු අය බලය ලබන කල සියල්ලෝ උත්සව පවත්වති. දුෂ්ට අය උසස් වන කල ඔව්හු බියෙන් සැඟවෙති.


දමිටු අය පාලකයන් වන විට රට වැසියෝ ප්‍රීති වෙති. අදමිටු අය පාලනය කරන විට රට වැසියෝ දුකින් සුසුම්ලති.


නැතහොත් කුමක් බලන්න ගියහු ද? පට පිළියෙන් සැරසුණු මනුෂ්‍යයෙක් ද? බලන්න, පට පිළියෙන් සැරසුණු අය රජ මැදුරුවල සිටිති.


එහෙත්, සියලු රාජ තේජසින් විරාජ මාන වූ සලමොන් වුව ද, මේ මල්වලින් එකක් සේ සැරසී නොසිටියේ යයි ඔබට කියමි.


“අගනා නීල-රක්ත වස්ත්‍ර හා සිනිඳු සේද රෙදි හැඳගත්, හැමදා සැප විහරණයෙන් කල් යැවූ එක් ධනපතියෙක් වී ය.