ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් 7:5 - Sinhala New Revised Version

එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් රැජිනට කතා කොට, “මෙසේ කරන්න සිතාගෙන සිටින තැනැත්තා කවරෙක් ද? ඔහු සිටින්නේ කොහේ දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් බිසවට කථාකොට: මෙසේ කරන්ට සිතින් නිර්භීතව සිටින තැනැත්තා කවුද? ඔහු කොතැනදැයි ඇසීය.

පරිච්ඡේදය බලන්න



එස්තර් 7:5
5 හුවමාරු යොමු  

ඊසාක් ද තදින් තැති ගෙන, ගැහි ගැහී, “එසේ නම් දඩයම් කර මුව මස් මා වෙත ගෙනාවේ කවරෙක් ද? නුඹ එන්න පෙර මම ඒ සියල්ලෙන් අනුභව කොට ඔහුට ආශීර්වාද කෙළෙමි. සැබැවින් ම ඒ ආශීර්වාදය ඔහු සමඟ පවතින්නේ යැ”යි කී ය.


මන්ද, මාගේ ජාතියත්, මාත් සමූලඝාතනයට ද මරණයට ද විනාශයට ද පාවා දී ඇත. අප පාවා දෙනු ලැබුවේ දාස දාසීන් වශයෙන් පමණක් නම්, මම නිශ්ශබ්ද වෙමි. එහෙත්, දැන් තිබෙන තත්ත්වය අනුව රජතුමාට වන අලාභ හානිය එදිරිකාරයාට වන හානිය හා සම කිරීමට නුපුළුවනැ”යි කීවා ය.


එස්තර් පිළිතුරු දෙමින්, “ඒ තැනැත්තා නම්, එදිරිකාරයෙකු ද සතුරෙකු ද වන මේ දුෂ්ට හාමාන් ය”යි කීවා ය. එවිට රජු ද රැජින ද අබිමුවෙහි හාමාන් භීතියට පත් විය.


ලෝකය කුදිටු අය අතට බාර දී තිබේ; විනිසකරුවන්ගේ ඇස් අන්ධ කර ඇත. එසේ නොවේ නම්, මෙසේ වන්නේ කෙසේ ද?


එවිට පේදුරු කතා කොට, “අනනියස්, ශුද්ධාත්මයාණන් වහන්සේ රවටා, ඉඩමේ මුදලෙන් කොටසක් තබාගන්නට සාතන් ඔබේ සිත පෙළෙඹෙව්වේ කෙසේ ද?