Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එස්තර් 7:5 - Sinhala Revised Old Version

5 එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් බිසවට කථාකොට: මෙසේ කරන්ට සිතින් නිර්භීතව සිටින තැනැත්තා කවුද? ඔහු කොතැනදැයි ඇසීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් රැජිනට කතා කොට, “මෙසේ කරන්න සිතාගෙන සිටින තැනැත්තා කවරෙක් ද? ඔහු සිටින්නේ කොහේ දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 7:5
5 හුවමාරු යොමු  

එවිට ඊසාක් අතිශයින් වෙවුලා කථාකොට: එසේ වීනම් දඩයම්කර මුව මස් මා ළඟට ගෙනාවේ කවුද? මම නුඹ එන්ට ප්‍රථමයෙන් සියල්ලෙන්ම කා ඔහුට ආශීර්වාදකෙළෙමි; එසේය, ඔහු ආශීර්වාද ලබන්නේයයි කීය.


මක්නිසාද මමත් මාගේ ජාතියත් නාස්තියටද මරාදැමීමටද විනාශයටද විකුණනු ලැබීමුව. දාස දාසීන් කොට අප වික්කා පමණක් නම් නිශ්ශබ්දව සිටින්නෙමි, නුමුත් එදිරිකාරයාට රජුගේ අලාභය පිරිමසාදෙන්ට නුපුළුවනැයි කීවාය.


එස්තර්ද: එදිරිකාරයෙක්ද සතුරෙක්ද වූ මේ දුෂ්ට හාමාන්යයි කීවාය. එවිට හාමාන් රජුද බිසවද ඉදිරියෙහි භයපත්විය.


පොළොව දුෂ්ටයාගේ අතට භාරදී තිබේ. එහි විනිශ්චයකාරයන්ගේ මුහුණු උන්වහන්සේ වසනසේක; ඒ උන්වහන්සේ නොවේනම් වෙන කවුද?


නුමුත් පේතෘස් කථාකොට: අනනියස්නි, ශුද්ධාත්මයාණන්වහන්සේ රවටා බිමේ මිලෙන් කොටසක් තබාගන්ට සාතන් නුඹේ සිත පිරෙවුවේ මක්නිසාද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්