ඒ අතරතුර, වස්තී බිසව ද අහෂ්වේරොෂ් රජුට අයිති මාලිගාවේ දී ස්ත්‍රීන්ට මංගල්‍ය භෝජනයක් දුන්නා ය.
එස්තර් 5:8 - Sinhala New Revised Version එසේ ම මා ඉල්ලන දේ දෙන්නත්, මාගේ අයැදුම ඉෂ්ට කරන්නත් රජතුමා ප්‍රසන්න වේ නම්, ඔබ තුමාටත්, හාමාන්ටත් මා හෙට පිළියෙළ කරන මංගල භෝජනයට ඔබ සහ හාමාන් පැමිණෙත්වා. එවිට රජුගේ කීම ලෙස හෙට මම කරන්නෙමි”යි කීවා ය. Sinhala Revised Old Version එසේම මා ඉල්ලන දේ දෙන්ටත් මාගේ අයදුම ඉෂ්ටකරන්ටත් රජතුමා ප්‍රසන්නනම්, මාගේ ඉල්ලීම සහ අයදුම නම් රජ්ජුරුවන්ටත් හාමාන්ටත් මා විසින් පිළියෙළකරන මංගල්‍යයට ඔබ සහ හාමාන් එන ලෙසය, එවිට රජුගේ කීම ලෙස හෙට කරන්නෙමියි කීවාය. |
ඒ අතරතුර, වස්තී බිසව ද අහෂ්වේරොෂ් රජුට අයිති මාලිගාවේ දී ස්ත්‍රීන්ට මංගල්‍ය භෝජනයක් දුන්නා ය.
හාමාන් තවදුරටත් කතා කොට, “එස්තර් බිසව පිළියෙළ කළ මංගල භෝජනයට රජුටත්, මටත් මිස වෙන කිසිවෙකුට ඈ ආරාධනා කෙළේ නැත. හෙටත් රජු සමඟ එන්න ඈ මට ආරාධනා කර ඇත.
එවිට එස්තර් රැජින උත්තර දෙමින්, “රජතුමෙනි, ඔබෙන් මට කරුණාව ලැබී තිබේ නම්, එසේ ම ඔබ කැමැති නම්, මාගේ ඉල්ලීම අනුව මාගේ ජීවිතය බේරා දුන මැනව, මාගේ පැතීම අනුව මාගේ සෙනඟගේ ද ජීවිත බේරා දුන මැනව.
“රජතුමා කැමැති නම්, මට කරුණාව ද ලැබී තිබේ නම්, එසේ ම මාගේ යෝජනාව රජ්ජුරුවන්ට හරි යයි පෙනේ නම්, මා රජුගේ ඇස් හමුයෙහි ප්‍රිය මනාප නම්, රජුගේ සියලු ප්‍රදේශවල සිටින ජුදෙව්වරුන් විනාශ කරන්නට ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන් උපක්‍රමයකින් ලියා යැවූ ලියුම් අවලංගු කරන පිණිස නිවේදනයක් යවනු මැනව.