1 රජතුමා හා හාමාන් එස්තර් බිසව සමඟ මංගල භෝජන උත්සවයට පැමිණියහ.
1 මෙසේ රජද හාමාන්ද එස්තර් බිසව සමඟ පාන උත්සවයට ආවෝය.
එසේ ම මා ඉල්ලන දේ දෙන්නත්, මාගේ අයැදුම ඉෂ්ට කරන්නත් රජතුමා ප්‍රසන්න වේ නම්, ඔබ තුමාටත්, හාමාන්ටත් මා හෙට පිළියෙළ කරන මංගල භෝජනයට ඔබ සහ හාමාන් පැමිණෙත්වා. එවිට රජුගේ කීම ලෙස හෙට මම කරන්නෙමි”යි කීවා ය.
දූතයෝ රජුගේ අණ පරිදි විගසින් පිටත් ව ගියහ. ඒ රාජාඥාව සූසා අගනුවර ද පළ කරන ලදී. රජ ද හාමාන් ද විනෝද වන පිණිස හිඳගත්තෝ ය. එහෙත්, සූසා නගරයේ මහා කැළඹීමක් ඇති විය.
ඔවුන් ඔහු සමඟ කතා කරද්දී ම රජුගේ නපුංසකයෝ අවුත් එස්තර් පිළියෙළ කළ මංගල භෝජනයට හාමාන් ඉක්මනින් කැඳවාගෙන ගියෝ ය.
දෙ වන දවසේත් මුද්‍රික පානය කරන විට රජතුමා එස්තර්ට කතා කොට, “එස්තර් රැජිනියනි, ඔබේ ඉල්ලීම කුමක් ද? එය ඔබට දෙනු ලැබේ. ඔබේ අයැදුම කුමක් ද? එය මාගේ රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද දෙන්නෙමි”යි කී ය.