අහස්වේරොෂ් රජකමට පත් වූ මුල් කාලයේ දී ඔව්හු ජුදාහි ද ජෙරුසලමෙහි ද වැසියන්ට විරුද්ධ ව චෝදනාවක් ලියා ඉදිරිපත් කළහ.
එස්තර් 3:8 - Sinhala New Revised Version එවිට හාමාන් අහෂ්වේරොෂ් රජුට කතා කොට, “ඔබේ රාජ්‍යයේ සියලු ප්‍රදේශවල ජාතීන් අතරේ එක්තරා සෙනඟක් විසිර ගොස් වෙන් ව සිටිති. ඔවුන්ගේ ව්‍යවස්ථා සියලු ජනයන්ගේ ව්‍යවස්ථාවලට වෙනස් ය. ඔවුන් රාජකීය ව්‍යවස්ථා පවත්වන්නේ නැත. එහෙයින්, ඔවුන්ට සිටින්නට ඉඩ දීම රජ්ජුරුවන්ට වටින්නේ නැත. Sinhala Revised Old Version එවිට හාමාන් අහෂ්වේරොෂ් රජුට කථාකොට: ඔබගේ රාජ්‍යයේ සියලු රටවල ජාතීන් අතරේ එක්තරා සෙනඟක් විසිර වෙනම සිටිති; ඔවුන්ගේ ව්‍යවස්ථා සියලු ජනයන්ගේ ව්‍යවස්ථාවලට වෙනස්ය; ඔවුන් රජුගේ ව්‍යවස්ථා පවත්වන්නේ නැත. එහෙයින් ඔවුන්ට සිටින්ට ඉඩදීම රජ්ජුරුවන්ට වටින්නේ නැත. |
අහස්වේරොෂ් රජකමට පත් වූ මුල් කාලයේ දී ඔව්හු ජුදාහි ද ජෙරුසලමෙහි ද වැසියන්ට විරුද්ධ ව චෝදනාවක් ලියා ඉදිරිපත් කළහ.
ඔබේ මෙහෙකරුවා වූ මෝසෙස්ට ඔබ අණ කළ දෙය සිහි කළ මැනව. එනම්, ‘නුඹලා ද්‍රෝහිකම් කළොත් මම නුඹලා ජාතීන් අතර විසුරුවන්නෙමි.
රජතුමා සතුටු නම්, ඔවුන් නැති කර දමන හැටියට නියෝගයක් පැණවිය යුතු ය. එසේ කළොත් මම රාජ භාණ්ඩාගාරයට ගෙනෙන පිණිස රාජකාරිය භාරකාරයන් අතට රිදී කිලෝග්‍රෑම් තුන්ලක්ෂ හතළිස්දාහක් කිරා දෙන්නෙමි”යි කීවේ ය.
සිදු වූ සියල්ල මොර්දෙකයි දැනගත් විට ඔහු ශෝකයෙන් සිය වස්ත්‍ර ඉරාගෙන, ඇඟේ අලු තවරාගෙන, ගෝණි රෙදි හැඳගෙන, ඉමහත් දුකින් හඬා වැලපෙමින් නගරය මැදින් ගියේ ය.
“සමිඳාණන් වහන්සේ තෝරාගත් වංශ දෙක උන් වහන්සේ ප්‍රතික්ෂේප කළ සේකැ”යි මේ සෙනඟ කියනු නුඹ නොදන්නෙහි ද? එබැවින් ඔව්හු මාගේ සෙනඟ හෙළා දකිමින් ඔවුන් ජාතියක් වශයෙන් නොසලකති.
“ඉශ්රායෙල් වනාහි සිංහයන් විසින් ලුහුබඳිනු ලැබ පන්නාදමනු ලැබූ බැටළුවන් වැනි ය. පළමුකොට අසිරියාවේ රජ ඉශ්රායෙල් ගොදුරට ගත්තේ ය. අවසානයේ දී බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් ඉශ්රායෙල්ගේ ඇටකටු පොඩිකරදැම්මේ ය.
“එබැවින්, ‘දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න: මා විජාතීන් අතරට ඔවුන් පලවා හැර, දුර දේශවල ඔවුන් විසිර වූ නමුත්, ඔවුන් පැමිණ සිටින ඒ දේශයන්හි මම ස්වල්ප කලකට ඔවුන් සමඟ වැඩ සිටින්නෙමි.’
“එසේ වී නමුත්, මම නුඹලාගෙන් සමහරෙකු ජීවත් ව සිටින්නට ඉඩ හරින්නෙමි. ඔවුන් කඩුවෙන් ගැළවී ජාතීන් අතර විසිර යනු ඇත.
එවිට ඔව්හු රජ්ජුරුවන් ඉදිරියෙහි පිළිතුරු දෙමින්, “රජතුමා ජුදා රටින් අල්ලගනු ලැබූ අයගෙන් එක් කෙනෙකු වන දානියෙල්, ඔබ හා ඔබතුමා අත්සන් කළ ආඥාව නොසලකා, දවසකට තුන් වරක් තමාගේ දෙවියන්ට අයැදුම් කරයි” යයි කී හ.
රජතුමා මේ වචන ඇසූ විට, ඉමහත් සංවේගයට පත් වී, දානියෙල් ගළවාගන්නට ඉටාගෙන, ඉර බසින තුරු ඒ ගැන මොළය වෙහෙසා කල්පනා කෙළේ ය.
නුඹලාට විරුද්ධ ව යුද්ධ ඇති කොට, මිසදිටුවන් අතර නුඹලා විසුරුවා හරිමි. නුඹලාගේ රට පාළු වනු ඇත, නගර වැනසෙනු ඇත.
‘සුළි සුළඟකින් මෙන් මම ඔවුන් විදේශීය රටවල විසුරුවාදැමීමි. ඒ දේශයට යන එන කෙනෙකු නැති නිසා එය පාළු විය. නුඹලා යහපත් දේශය පාළුකරයක් කළහු ය’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
ගිරිකුළුවලින් එපිට මට ඔවුන් පෙනේ, කඳු හෙල්වලින් ඈත මට ඔවුන් දිස් වේ. ඔව්හු වෙන් ව වසන සෙනඟක් වෙති. ජාතීන් අතර නොගැණෙන සෙනඟක් වෙති.
එබැවින් ජුදෙව්වරු ඔවුනොවුන් අතර කතා කරමින්, “මොහු අපට සම්බ නොවන පරිදි, කොතැනට යන්නේ ද? ග්‍රීකයන් අතර විසිර සිටින ජුදෙව්වරුන් වෙත ගොස් ග්‍රීකයන්ට උගන්වනු ඇද් ද?
මන්ද, මේ මිනිසා කරදරකාරයෙකු බව ද ලොව පුරා සියලු ජුදෙව්වරුන් අතර කැරලි උපදවන්නෙකු බව ද නාසරියයන්ගේ නිකායේ කැරලිනායකයෙකු බව ද දැනගතිමු.
එහෙත් ඔබේ මේ ලබ්ධිය ගැන සියලු තැන්හි විරුද්ධ ව කතා කරන බව නම් අපි දනිමු. එබැවින් ඔබේ අදහස කුමක් දැ යි අසන්නට අපි කැමැත්තෙමු”යි කී හ.
උන් වහන්සේ ඔබට අනුකම්පාව දක්වා ඔබේ වහල්කම පහකොට, උන් වහන්සේ පැමිණ, විසුරුවනු ලැබූ සියලු ජාතීන් අතරෙන් ඔබ හැම එක්රැස් කරගන්නා සේක.
සමිඳාණන් වහන්සේ සෙසු ජාතීන් අතරෙහි ඔබ හැම විසුරුවා දමන සේක. උන් වහන්සේ ඔබ ගෙන යන විජාතීන් අතරෙහි ඔබ ගණනින් ඉතා ස්වල්ප දෙනෙකු වශයෙන් ඉතිරි වන්නාහු ය.
දෙවියන් වහන්සේගේත් ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේත් සේවකයෙකු වන ජාකොබ් නම් මම, ලොව පුරා විසිර සිටින ගෝත්‍ර දොළොසට සුබ පතමින් මෙය ලියා එවමි.
මේ හසුන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පේදුරුගෙනි. මෙය ලියා එවන්නේ පොන්තස්හි ද ගලාතියෙහි ද කපදෝසියාවෙහි ද ආසියාවෙහි හා බිතිනියාවෙහි ද විසිර ගොස් විදේශිකයන්ව වසන,