එවිට ජුදාහි රජ වූ ජෙහෝයාකින් ද ඔහුගේ මෑණියෝ ද රාජ සේවකයෝ ද අධිපතියෝ ද ඇමතියෝ ද නුවරින් පිටත සිටි බබිලෝනියේ රජුට යටත් වූ හ. බබිලෝනියේ රජ තෙමේ තමා රජකමට පත් වී අට වන අවුරුද්දේ දී ඒ නගරය අල්ලාගත්තේ ය.
එස්තර් 2:6 - Sinhala New Revised Version ඔහු වනාහි බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් විසින් ජෙරුසලමෙන් අල්ලාගනු ලැබ, ජුදාහි රජ වූ ජෙකොනියා සමඟ ගෙනෙනු ලැබූ අය අතර වූවෙකි. Sinhala Revised Old Version ගෙනයනු ලැබූ අය අතරේ යෙරුසලමෙන් ගෙනයනලද බෙන්යමියයෙක්වූ කීෂ්ගේ පුත්‍රයා වන ෂිමෙයිගේ පුත්‍රවූ යායිර්ගේ පුත්‍රයා වන මොර්දෙකයි නම්වූ යුදෙව්වෙක් ෂූෂන් බලකොටුවෙහි සිටියේය. |
එවිට ජුදාහි රජ වූ ජෙහෝයාකින් ද ඔහුගේ මෑණියෝ ද රාජ සේවකයෝ ද අධිපතියෝ ද ඇමතියෝ ද නුවරින් පිටත සිටි බබිලෝනියේ රජුට යටත් වූ හ. බබිලෝනියේ රජ තෙමේ තමා රජකමට පත් වී අට වන අවුරුද්දේ දී ඒ නගරය අල්ලාගත්තේ ය.
ඔහු කඩුපහරින් නොමළ අය බබිලෝනියට ගෙන ගියේ ය. පාර්සිවරුන් රජකමට පත්වීම දක්වා ඔහුටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ඔව්හු දාසයන් ව සිටියෝ ය.
ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජ වූ ජෙකොනියාට සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ මාගේ දකුණතේ මුද්‍රාව මෙන් සිටි නමුත්, මම නුඹ උදුරාදමන්නෙමි යි සහතික කොට කියමි.
ජෙරමියා මෙසේ කී ය: “ජෙකොනියා කමකට නැති, බිඳුණු බඳුනක් ද? ඔහු කිසිවෙකුට පලක් නැති බඳුනක් ද? ඔහු සහ ඔහුගේ වංශය ප්‍රතික්ෂේප කරනු ලැබ, ඔවුන් නොදන්න දේශයකට නෙරපා දමනු ලබන්නේ කුමක්නිසා ද?
දේව මාලිගාව ඉදිරිපිට තබා තිබෙන අත්තික්කා ගෙඩි පුරවන ලද කූඩ දෙකක් සමිඳාණන් වහන්සේ මට පෙන්වූ සේක. මේ දර්ශනය සමිඳාණන් වහන්සේ පෙන්වූයේ, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියා ද ජුදාහි අධිපතීන් ද කම්හල්කරුවන් ද ලෝහකරුවන් ද ජෙරුසලමෙන් අල්ලාගෙන බබිලෝනියට ගෙනයනු ලැබුවාට පසුව ය.